සීතල ඉල් මහේ
එක් දිනයක මතකයි ආ හැටි
බයෙන් ගැහි ගැහි
ඒත් පොදි බැඳන්.......
බලාපොරොත්තු අහස උසට
කහ පාට කොම්පැනිය වෙත. . . . .
එතෙර උනා පහසුවෙන්ම
අපහසුම කඩඉම . . . .
වැඩි වෙරක් නොයොදාම
එකතු වුනා අපිත් කහ පවුලට. . . .
රංචු ගැසුනා එදා සිට අපි
සුපුරුදු සෙනෙහසින් සැහැල්ලුවෙන්. . . .
එකතු වුනා බොහෝ ළෙන්ගතු සහෘදයන්
අතරමගදී අපේ රෑනට. . . .
ගෙවුනා තෙවසරක් ඉදද ගැසුවා සේ. . .
හැර ගියා,එක් වුනා සේම සමහරුන්
‘හමු උනොත් වෙන්වන්නට සිදුවේ
වෙන් උනත් නැවත හමු වන්නට සිදුවේ’. . .
අනුවම බුදු වදන කම්පා නොවන්නට දෙසු. . .
වෙනස් වුනා බොහෝ දේ
කහ පාටින් දම් පාටට මෙන්. . . . . .
මල්වර උනා බොහෝ පැතුම්. . . . .
සිතූ පැතූ ලෙස. .. . . .. . .
නමුත් යන්නට තව බොහෝ දුර ඇත. . .
ආ කෙටි මග සැසඳූ කල. . .
සුපුරුදු ලෙන්ගතුකමින්. . . . .
ජය ශ්‍රී මිතුරනි . . . .
-කැලුම් නිරංජන
-20091106
[රැකියාවට පැමිණ වසර තුනක් සපිරීම නිමිත්තෙනි]
Saturday, November 7, 2009
Subscribe to:
Post Comments (Atom)






0 comments:
Post a Comment