Tuesday, May 19, 2009

එක ධජයක්,එකම රටක්. . . . .

0 comments


එක්සත් වූ දේශයක සිහිනය යථාර්ථයක් වූ වගයි. . .

Saturday, May 16, 2009

මව්බිමට වියග්‍රහණය. . .

0 comments

ශ්‍රී ලාංකික සිංහල, දෙමළ මුස්ලිම් සියලු සහෝදර ජනතාවගේ සිතට සැනසුම් සුසුමක් එක් කරමින් දශක තුනක් පුරාවට ශ්‍රී ලාංකික ජනයා පීඩාවටත් භීතියටත් ලක් කල දෙමළ කොටි ත්‍රස්තවාශයේ අවසන් හෝරාව උදාවෙමින් තිබේ.දශක තුනක් පුරාවට ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවගේ මහනුභාවයෙන්මහා වීරයෙක් ලෙස වෙස් ගෙන සිටි ශ්‍රී ලාංකික භූමියෙන් 1\3, හ මුහුදු කලාපයෙන් 2\3 ක අණසකට ගෙන සිටි නිවට කොටි නායකයා මේ වන විට සැඟවෙන්නට තැනක් සොයමින් සිටී.

අධිරාජ්‍යවාදී රටවල ඊනියා ප්‍රාතාන්ත්‍රික කප්පිත්තන්ටත් උන්ගේ මෙරට නියොජිතයන්ටත්,රජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන්ටත් ,සමජය ඉදිරියේ ප්‍රබුද්ධයන් සේ පෙනී සිටින ඊනිය උගතුන්ටත් අනුව ප්‍රභාකරන් යනු කිසිදා පරාජය කල නොහැකි වීරයෙක් විය. ප්‍රභාකරන් තරහ ගැස්සුවොත් දකුණම එක මොහොතකින් විනාශ කිරීමට තරම් හැකියාවක් ඇති විශ්වකර්මයෙක් විය.එබැවින් එබඳු නිවටයෝ මේ ත්‍රස්තවාදී ලේ පිපසිතයා විශ්ණු දෙවිඳු නමින් හැඳින්වීය.

කෙතරම් බියවැද්දීම් , කකුල් මාට්ටු හමුවේ වුවත් සිංහල අභිමානයත් වීරත්වයත් නැති කර දමන්නට උන් කිසිවෙකුටත් නොහැකි විය.එබඳු අභියෝග ජය ගන්නට අපගේ වීරෝදාර හමුදාවන්ට තිබුනේ පරාජය නොවීමේ අධිෂ්ඨානයත් ,නොපසුබස්නා වීර්‍යයත් ලේ වලට මුසු වූ දේශප්‍රේමීත්වයත් පමණි.

අධිරාජ්‍යවාදීන්ගේ සෘජු ඉත්තා වූ ප්‍රභාකරන් ගලවා ගැනීම සඳහා 'සුදු' මහත්වරුනුත් උන්ගේ ඒජන්තයනුත් අවසාන මොහොත දක්වා කරන ලද නිර්ලජ්ජිත උත්සාහය පිළිකුල් සහගත එකක් විය.මුලදී බොරු මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැනි ආවරණ වලට මුවා වෙමින් සාමාන්‍ය ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් යයි බෙරිහන් දුන් මේ කැනහිලුන් අවසාන මොහොතේ තම රූකඩ ඉත්තා ගලවා ගැනීම සඳහා තමන්ගේ ප්‍රජතන්ත්‍රවාදී ,මානව හිතවාදී සියලු විසිතුරු සළු උනා දමා කල නිරුවත් රංගනය ලැජ්ජා සහගත එකක් විය.

අතීතයේ මෙරට පාලකයන් මෙම පිළිලය තමාගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට සරිලන සේ පමණක් 'කළමණාකරණය' කර ගත් ඉතිහාසයක් තුල , ත්‍රස්තවාදී උවදුරෙන් මෙරට මුදවා ගනිමියි අභීත තීරණය නොපැකිළිව ගත් හා තමාගේ ජීවිතයට එල්ලවන අභියෝගය පවා නොසලකා හරිමින් ඊට දැඩි කැපවීමකින් දේශපාලන නායකත්වය දුන් සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා ඉටු කල මෙහෙයද වීරෝධාර හමුදාවන්ගේ අමිල මෙහෙවර හා සමව තබා කෘතවේදීව සිහිපත් කල යුතු වෙමු.එබැවින් මව්බිම ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම වෙනුවෙන් කල පූජනීය මෙහෙවර අගයනු වස් මහින්ද රාජපක්ෂ නාමය දුටුගැමුණු රජුගේ ශ්‍රී නාමය අසලින්ම ශ්‍රී ලාංකික ඉතිහාසයට එකතු වනු ඇත..


- කැලුම් නිරංජන

Sunday, May 3, 2009

වෙනස. . .......

0 comments


මව් පියන් දැක ගන්න
ගමේ නොගිය සති ගණන
ලං වෙන්න ලඟයි
අතේ ඇඟිලි ගනනට. . . . . ....

දුරකතනයෙන් විමසුවත් ඉඳ හිට
දැනෙන්නේ නෑ සිතට
උණුසුම එලෙසින්ම අම්මා දෙන. . . .
ගෙදර ගිය දින , මේ කටොර බිමෙන් මිදී.
හිස පිරිමදිමින් , ආ ගිය තොරතුරු විමසමින්
තත්තා , නංගී වට කරන්
ගෙවෙන කාලය මිහිරිද කොතරම්. . . ....

රාජකාරිය දේව කරියක් වූ මට
නොහැකි බව නිතරම පැමිණෙන්නට ,අමතන්නට
අම්මා දනී හොඳින්ම.
ඇයට එය විටෙක අමතක වුවත්,අමතක කලත් . . . ....

කොතරම් කලකින් නොපැමිණියත් දෑස් මායිමට,
නොඇසුනත් දෙසවනට
අඩුවක් නොවන හැටි මව් සෙනෙහස
පුදුමයි ඇත්තටම
අපමණ වැඩි වෙයි එය
දුර සිටින තරමට............

එයයි වෙනස
අම්මාගේ සෙනෙහස

-කැලුම්