Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Thursday, May 17, 2012

සදා සමරමු අපේ විරුකැල....

2 comments
රුහිරු හෙලා නැසු පින් බිම 
දිනා තුන් වසකි අද දින
නගමු රණ හඬේ රාවය 
සිහි කර කැපවූ සැම දන......

තුන් දශකයක් එක පිම්මේ
මැරි මැරි නොමැරි දුක් වින්දේ
මර බිය හිසින් ගෙන අම්මේ
ගෙවු කල ඉතින් දැන් සුම්මේ....

දෙස් විදෙස් බාධා
විඳ සියලු නින්දා
කල මෙහෙය හින්දා
නියම සේනාධිනායක මහින්දා.......


දස මහ විරු නමට ඔබින
දැක්මකි නිසි තැනට ඔබින
සොයුරු පෙමට එහා බැඳුන
ඝෝඨා නිසි ලෙය මෙහෙයුන.......

රණ බිම අබියෝග නිසි ලෙස පන්නා
එල්ලය නිසි ලෙසම ගෙන අරමුණ පෙන්නා
විරුවන් මෙහයවූ තෙද බල ගුන හින්දා
එස් එෆ් අපේ හමුදා පති නම රන්ඳා....

ජිවය දෙමින් අත් පා ඇස් අහිමි කරන්
යුග මෙහෙවරට ජව දී තම තම පමණින්
කල මෙහෙවරට සියලුම දන සාධු සිතින්
අගයමු නැවත සිහිකර හද බැඳුනු පෙමින්...


සිහල දෙමල මුස්ලිම් හැම
එක්ව වසමු සොයුරු ලෙසම
හැමට උරුම තම සලකුණ
රකිමු සැවොම නිසි බර දැන....

-කැලුම් නිරංජන
2012-05-17

Wednesday, December 22, 2010

තාත්තාගේ කවිය...

2 comments



නැටුමට නුහුරු මුත් අත් පා සවිය ඇතී
ගැයුමට නුහුරු මුත් කට හඬ එඩිය ඇති
වැයුමට නුහුරු මුත් ජීවන ස්වරය ඇතී
නොවෙතත් සුපිරි තරුවක් නුඹ අගේ ඇතී.. . . . .


පණීභාරත නොවේ නුඹ මයිකල් ජැක්සන්.
මිල්ටනුත් නොවේ නුඹ මිහිරංග සෙහාන්
ගාමිණී වගේ නොවේ නුඹ අමිතාබ් බච්චන්
නුඹ නුඹ වගේ පුතුනේ නුඹ නුඹම වෙයන්.............


මතකද එදා දුර දිග බැලු දීඝායූ
මාතුපෝසකයි මව කර පිට පීනූ
දම්පල් තුමා වගේ රට දැය ගැන සිතුනූ
වෙයන් පුතුනි එයමයි නුඹෙ උරුමෙ දිනූ………

-පුතා




කැලුම් නිරංජන

Sunday, March 14, 2010

උරුමයේ යුතුකම

1 comments


නොනිමෙන ගමනේ
මේ දිවි සසරේ......
මිනිසෙකු ලෙස ලැබු
මේ දිවි වරමේ.......
සිහළෙකි ඔබ දිනු
මේ ලක් දෙරණේ.........

දෙදහස් හයසිය වසරක උරුමේ
දෝතින් ගෙන වැඩි ඔබෙ පින් මහිමේ......
සම්බුදු සසුනේ තිර මග රැකුණේ
යුතු කමෙනුයි ඔබෙ ඉටු කල සොඳිනේ.....
නිවනට මග සලසා අන් දනගේ
සසර සරන මග තව දිග්ගැසුනේ......
සම්බුදු සසුනේ තිර මග වෙනුවෙන්
තම සැප කල් දැමු ජාතිය ඔබගේ......

යුතුකම ඉටුකල සිහළ දරුවනේ
ගැමුණු පරපුරෙනි ඔබ පණ ලැබුණේ......

-කැලුම් නිරංජන

Sunday, May 3, 2009

වෙනස. . .......

0 comments


මව් පියන් දැක ගන්න
ගමේ නොගිය සති ගණන
ලං වෙන්න ලඟයි
අතේ ඇඟිලි ගනනට. . . . . ....

දුරකතනයෙන් විමසුවත් ඉඳ හිට
දැනෙන්නේ නෑ සිතට
උණුසුම එලෙසින්ම අම්මා දෙන. . . .
ගෙදර ගිය දින , මේ කටොර බිමෙන් මිදී.
හිස පිරිමදිමින් , ආ ගිය තොරතුරු විමසමින්
තත්තා , නංගී වට කරන්
ගෙවෙන කාලය මිහිරිද කොතරම්. . . ....

රාජකාරිය දේව කරියක් වූ මට
නොහැකි බව නිතරම පැමිණෙන්නට ,අමතන්නට
අම්මා දනී හොඳින්ම.
ඇයට එය විටෙක අමතක වුවත්,අමතක කලත් . . . ....

කොතරම් කලකින් නොපැමිණියත් දෑස් මායිමට,
නොඇසුනත් දෙසවනට
අඩුවක් නොවන හැටි මව් සෙනෙහස
පුදුමයි ඇත්තටම
අපමණ වැඩි වෙයි එය
දුර සිටින තරමට............

එයයි වෙනස
අම්මාගේ සෙනෙහස

-කැලුම්