ඇඟ කිලිපොලා යන ඒ අඳුරු යුගය පුනරූපණය නොවීමට නම්.........
මේ දිනවල විශ්ව විද්‍යාල කිහිපයකම කිසියම් ගැටුම්කාරී ව්‍යාකූල තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ.එයිනුත් පේරාදෙණිය,ජයවර්ධනපුර,රුහුණ හා රජරට ප්‍රධාන තැනක් ගනී.රජරට හැරුණු විට අනෙක් බොහෝ තැන්වල මේ ව්‍යාකූලත්වය තුල ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගිය කෘතීම ස්වභාවයක් පෙනේ.උදාහරණයක් වශයෙන් ජ'පුර සරසවියේ ඇති වී ඇති තත්වය දැක්විය හැක.ජ'පුර සරසවිය අභියස 'සිසු විරු ස්මාරකයක ' ගඩොලක් ගැලවෙන්නට එල්ල කරන ලද 'අධිබල' බෝම්බ ප්‍රහාරයක් නිසා පසුගිය දිනක මුළු කොළඹ නගරයම අකර්මන්‍ය වී ගියේය. එදා කිලෝ දහස් ගනනක කොටි මහබැංකු ප්‍රහාරයෙන් පසුව පවා මෙවැනි ක්ෂණික අකර්මන්‍ය තත්වයක් ඇති නොවූ බව අපට මතකය.මේ අස්වාභාවික තත්වයට යටින් ඉහළ තලයකින් සැලසුම් කරන ලද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇත්දැයි සැක කිරීම අයුක්ති සහගත නොවේ.
මේ වියවුල් තත්වය හුදු ආණ්ඩු විරෝධී කඩාකප්පල්කාරීන්ගේ යටිකූට්ටු වැඩ නිසා සිදු වන සිදු වීම් ලෙස හෝ හුදු ආණ්ඩුවේ හෝ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ හිතුවක්කාරකම් නැතහොත් අමන කම් නිසා සිදු වුනි යැයි කලු-සුදු ලෙස විග්‍රහ කිරීම 100%ක් නිවරදි හෝ සාධාරණ නොවේ.එසේ නමුත් ආණ්ඩුවේ අසංවිධානාත්මක ක්‍රියා නිසාම ඇති වූවාට වඩා සංවිධානාත්මක යටී අරමුණක් සහිත වූවන්ගේ වැඩපිළිවෙලක කොටසක් ලෙස මතුකර ඉහළට ඔසවා ගත් තත්වයක් ලෙස දැකීම වඩා යුක්ති යුක්තය. එයට සාධක ලෙස සැලකිය හැක්කේ මේ බොහෝ තැන්වල විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් හරයෙන් ඉතා කුඩා ඒවා මෙන්ම ගෙහෙන් ගෙඩි එන්නා සේ හටගත් ගැටලුද නොවේ. තවද මේවා පොදු සමාජයේන් මතුවන දුක්ගැනවිලිවලට වඩා අතිධාවනකාරි කල්ලිවල න්‍යායපත්‍රයන්ට අනුව සකස් කරන ලද සටන් පාඨ වීමෙන්ද පෙන්නුම් කරන්නේ දෙවනුව සඳහන් කල කරුණ වඩා සාධරණ බවය. උදාහරණයක් ලෙස ජ'පුර සරසවි 'උපකුලපතිතුමා ධූරයෙන් පන්නා දැමීමේ' අරගලය දැන් වසර දෙක තුනකටත් වඩා පැරණි සටන් පාඨයකි.නමුත් අද එය අලුත ඇතිවූ තත්වයක් ලෙස උලුප්පා නව වටයකින් කරලියට පැමිණ ඇත්තේම ඉහත කී සංවිධානාත්මක විරෝධතා කල්ලිවල සැලසුම් වලට අනුරූපව බවට සැක නැත.
කෙසේ නමුත් මේ ඊනියා 'සිසු අරගල ' (මෙවා හුදෙක් සද් භාවයෙ කරනා පිරිසිදු සිසු අරගල ලෙස වටහා ගත්තවුන් වෙතොත් ඒ පුතේගුරුවාදී දේශපාලන කල්ලිවල පහල පෙලේ අනුගාමිකයන් අතලොස්ස පමණක් විය යුතුය.මේ අරගලවල අපෙක්ෂිත ඉලක්ක, ප්‍රකාශිත ඉල්ලක්ක අසලින් වත් නොයන එවා බව බොහෝ දෙනාට ඇඟිල්ලෙන් ඇන තේරුම් කරදිය යුතු නොවේ. ) නැමති ගින්නට අධිබල ' ගෑස් ' වක් කරන තත්වයක් බලය හොවබව පාලකයන් වෙතින්ද පෙන්නුම් කිරීම සරලව වටහා ගත නොහැකි තත්වයකි. ප්‍රශස්ථ මට්ටමේ විද්වත් කතිකාවකට භාජනය නොකර 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' වැන්නක් කරලියට ගෙන ඒම මෙන්ම මෙතෙක් කලක් ප්‍රශ්න ලෙස පොදු සමාජ කතිකාවට හසු නොවූ එදිනෙදා පරිපාලන කටයුතු (උදා :උසස් පෙළ ප්‍රතිඵල ) පවා මහා ආන්දෝලනාත්මක මෙන්ම විරෝධතා අවුලුවන ජරමර බවට වර්ධනය වන්නට නා නා විධියෙන් සහාය කල බොහෝදෙනාගේ (මේ බොහෝ දෙනා වත්මන් ආණ්ඩුව තුල සිටින්නන්මය )අරමුණ කෙසේ වෙතත් ක්‍රියා පටිපාටිය නම් ආණ්ඩු විරෝධය අවුළුවන ආකාරයේ එකක් බව කිව යුතුය.
වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා පිළිබඳ බොහෝ විවේචන තිබියදී පවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සැබෑ ලෙසම ආදරය කරන,නිදහස් අධ්‍යපනයේ නිදහසට ආදරය කරන බොහෝ දෙනා ඔහු විසින් විශ්ව විද්‍යාල තුලින් 'නවක වදය' නමික් ක්‍රියාත්මක තිරිසන් ක්‍රියාවලියට එරෙහිව සිදුකරන සංවිධානාත්මකව කාර්‍යභාරයට තම සහාය පල කලේය. එහිදී අඩුපාඩු මධ්‍යයේ වුවත් කරගෙන යන නායකත්වය පුහුණුව වැනි ක්‍රියාකාරකම් සඳහා සහාය පල කල යුත්තේ එමගින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය තුල අරක් ගෙන ඇති ත්‍රාඩ ඒකාධිකාරය බිඳ දැමීමට එය පිටුවහලක් වන බැවිනි.(මෙයින් කියවෙන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය 'පෙර පාසල්' තත්වයට පත් කිරීමේ අටියෙන් කෙරෙන 'විශ්ව විද්‍යාල තුලට දේශපාලනය එපා' , 'අපට නිදහසේ ඉගෙන ගන්න දෙන්න' 'ශිෂ්‍යන්ට දේශපාලනය අවශ්‍ය නෑ' ආදී ලෙස නැගෙන ප්‍රාථමික අහිංසක ඉල්ලීම් සාධාරණීකරනය කිරීම නොවේ. විශ්ව විද්‍යාල තුල නොකල යුතුනම් දේශපාලනය කල යුත්තේ වෙන කොහිද? ) අවශ්‍යවන්නේ 'පිළිකා රෝගයෙන්' පෙළෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය නිරෝගී කරගැනීමය. ඒ සඳහා පොදු සමාජයේ නොගිනිය හැකි තරම් නියෝජනයක් සහිත අතිශය සුළුතර කල්ලියකට විශ්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවීමේ ත්‍රාඩ ඒකාධිකාරය වහා අහෝසි වන ක්‍රියාමාර්ග ගත යුතුය. ප්‍රමාණවත් නොවෙතත් අවම තරමේ විශ්ව විද්‍යාල තුල බාහිර සමාජයේ ඇති අර්ධ නිදහසවත් තහවුරු කල යුතුය. එමගින් නිරෝගී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට ඉඩ සැලසීය යුතුය. නමුත් එමගින් දැනට පවතින පොතේගුරුවාදී එහෙයියන්ගේ ග්‍රහණයෙන් මිදිය යුතු සේම පාලක පක්ෂවල උවමනා ඔවුන්ට අවශ්‍ය පරිදි ඉටුවන එහෙයිවාදයක්ද නොවිය යුතුය. නිරෝගී දැනුවත් විදග්ධ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක් වර්ධනය කල හැක්කේ එවැනි වටපිටාවක පමණි. නැතහොත් ඇතිවන්නේඉඟුරු දී මිරිස් ගත්තා වැනි තත්වයකි.

එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින් හුදු රැඩිකල් වෙනසක් වෙනුවට බොහෝ දෙනාට එකඟ විය හැකි සුමට ප්‍රතිසංස්කරණයකට යෑම මගින් මෙම තත්වයෙන් ගොඩ ඒමය. එසේ නොමැතිව හුදු වහසි බස් මගින් හෝ හුදු විරෝධතා මගින් අත්කරගත හැකි අවසන් ජයග්‍රහණයක් නොමැත.
කෙසේ නමුත් දැන් සිදුවන විරෝධතා ඉහතින් සඳහන් කල සාධාරණ යැයි හැඟෙන කාරණා නිසාම ඇති වූවක් නොවේ. මේ පසුපස නොව ඉදිරියෙන් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අන්තරය මගින් දැනුවත්ම ඉහලට මතු කර ගැනීමට තැත්කරනා උත්සාහයකි. මේ 'හෙංචයියන්' පසුගිය බොහෝ කලක සිටම තම මව් ව්‍යාපාරවල ඇතිවී ඇති බංකොලොත් භාවය මගහරවා ගැනීමට කිහිපවරක්ම උත්සාක කලේය. නමුත් ඒවාට නිසි සමාජ ප්‍රතිචාරයන් නොලැබුනු බැවින් හුදු සාම්ප්‍රදායික විරෝධතාවයන්ගෙන් එහාට යමක් සිදු කරගැනීමට ඔවුන් අසමත් විය. (අන්තරය ජවිපෙට අනුබද්ධ සංවිධානයක් නොවේ යැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට කිසිවෙක්ට ඇති අයිතියට බාධා නොකරන නමුත් එහි පහල පෙලේ අනුකාරක සාමාජිකයකු හෝ නොදැනුවත්ව ජවිපෙ වෙනුවෙන් අන්තරය හරහා කඩේ ගිය අයකු හෝ ගොසිප් අඩවි වලින් දැනුම ලබනා 'දේශපාලන උගතුන්' හැරුණු විට අන් බොහෝ දෙනා අන්තර යනු කුමක්දැයි හොඳින් දනී ).


මෙවැනි ක්‍රියාමාර්ග මගින් මේ ලදරු වලිප්පුකරුවන්ට තිබෙන අවසන් ඉඩද අහුරා දැමිය යුතුය.එසේ නොවුවහොත් වන්නේ මේ මේ මනෝ විකෘතිකරුවන්ගේ අරමුණු මුදුන් පැමිණ තනි තනිව නොව මුළු සමාජයම අඳුරු විලාපයක ගිලී යෑමය.'අරාබි වසන්තයේ' මායාවට රැවටී දෑස් නිලංකාර කරගත් අහිංසකයන්ගේ විලාපය අද වන විට පෙරට වඩා ලෝකය සතර දෙසින් ඇසෙමින් ඇත.ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.
එනිසා බලධාරීන් ඇතුළු සියලු දෙනා දැනුවත් මනසින් වහ වහා ක්‍රියාත්මක විය යුත්තේ මේ විකෘතිය හමුවේ සමාජයම ගෙවිය යුතු ලේ වන්දියෙන් ගලවා ගැනීමටය.
-කැලුම් නිරංජන
2012-01-09
දවල් කාලයේදී දකින ලස්සන කාන්තාවක් රෑට සිහිනෙන් සිහිකර ස්වයං වින්දනයේ යෙදීම = ජවිපෙ හෝ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වත්මන් පෙල අතීත පොත්පත් වෙනරටවල් දෙස බලා ශිෂ්‍ය අරගල වලින ්රට පෙල්ලන්නට යෑම....