යාපා පටුනේ සංචාරේ ...
[දෙවන කොටස ]
අද නාගදීපය,අරියාලේ,කීරමලේ,දඹකොළපටුන,කැෂුරිනා වෙරළ
ඊයේ
කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්
|
දෙවන දින අපේ ගමන් මග |
|
හිරු නැගෙන්නට කලින්
දවසේ මෙහෙවරට සැරසෙන යාපනය නගරය... |
|
යාපනය කොටුව |
ඈතින් සුදු පාටින් දිස්වන්නේ යාපනය පුස්තකාලයයි.1935 වර්ෂයේදී ’Jaffna Library Movement’ නමින් පෞද්ගලික පුස්තකාලයක් වශයෙන් ආරම්භ වූ මෙය 1949 දී යාපනය නගර සභාව යටතට පත්කරන ලදී.1955 මාර්තු 29 වැඩ ආරම්භ කර 1960 දී සම්පුර්ණයෙන් වැඩ අවසන් විණි.මෙය එවකට යාපනය නගරාධිපති තනතුර දැරූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා විසින් විවෘත කරන ලදී.(එල් ටී ටී ඊය 1974 දී පලමු මිනිස් බිල්ල ලෙස ගත්තේ මේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාය ) මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මණය කර ඇති මෙය එකල මෙය ආසියාවේ විශාලතම පුස්තකාල යැයි හැඳින්වීය.1981 ඇතිවූ කෝලාහල වලදී දකුනෙන් ගිය අවස්ථාවාදී දේශපාලන මැරයන් විසින් පුස්‌තකාලය ගිනි තැබීය.1998 දී නැවත ගොඩ නැගූ යාපනය පුස්තකාලය අද වන විට පෙර තිබූ තත්වයටම පාහේ ප්‍රතිනිර්මාණය කර ඇත.
|
කයිට්ස් දූපත දක්වා දිවෙන් මාර්ගය |
|
මණ්ඩතිව් හා කයිට්ස් වෙත දිවෙන මාවත් දෙක හමුවන දෙමංසල |
|
කයිට්ස් වෙත දිවෙන සුන්දර මග... |
|
කයිට්ස් වෙත දිවෙන සුන්දර මග... |
|
මග දෙපස කලපුවේ සොඳුරු දසුන් |
|
කයිට්ස් දූපතේ ජිවිත |
|
ජනාකීර්ණ නැති කයිට්ස් ජනපදයේ නිවෙස් |
|
යුධ ගිනිදැල් ඇවිලුනු කල සිදු වූ විපත්... |
|
අසරණ මිනිසුන් සමග දෙවියන් ද එකම බිමක |
|
කයිට්ස් දූපතේ අල්ලපු වැට..පුංකුඩුතිව් දූපත අසල
ප්‍රධාන ජීවිකාව කලපු ධීවර කර්මාන්තය |
|
හරි හරියට ඇති කලපු ඉස්සන් කොටු |
|
කරිකඩ්ඩුවාන් ජැටිය
සයුර මැද සිට බැලූ විට පෙනෙන හැටි |
පුංකුඩුතිව් දූපතේ එක් කෙලවරකයි කරිකඩ්ඩුවාන් ජැටිය පිහිටා තිබෙන්නේ.නාගදීපයට මෙන්ම ,ඩෙල්ෆ්ට් දූපතටත් බෝට්ටු සේවා ක්‍රියාත්මක වන්නේ මෙම ජැටියේ සිටයි.සංචාරකයන් මෙන්ම මේ අවට පිහිටි අනලතිව්,එලුවතිව්,ඩෙල්ෆ්ට් ආදී දූපත්වල වැසියන්ද ගමන් කරන්නේ මෙම ජැටිය හරහා.මෙම ස්ථානයට යාපනය නගරයේ සිට බැලුවොත් 45 Km පමණ ඇති.මෙතැන් සිට බෝට්ටුවෙන් නාගදීපය දක්වා 4 Km පමණ යා යුතුයි
|
කරිකඩ්ඩුවාන් ජැටිය වෙත පුංකුඩුතිව් දූපතේ සිට |
|
මගී ප්‍රවාහනයට මේ බොට්ටුද? |
නාගදීපය දක්වා මගීන් ප්‍රවාහනයට පෞද්ගලික බෝට්ටු සේවා ක්‍රියාත්මකයි.ඒවා මේ දිස්වන වර්ගයේ ඒවා නම් නෙවෙයි.සාමාන්න්‍ය ලී බෝට්ටු.එක් ගමනක් සඳහා රු30.හැබයි ගමන තරමක් කටුකයි. එක් බෝට්ටුවක මගීන් 100-150ක් පමණ ගමන් කරනවා.
|
ජාතික කොඩිය නිදහස් දිනය නිසාද... |
|
ඈතින් පෙනෙන නාගදීපය |
|
බුදුන් වැඩි පින් බිම නාගදීපය |
බුද්ධත්වයෙන් පස් වන වසරේදී චූලෝදර මහෝදර අතර අරගලය සංසිඳවීම පිණිස බුදු හිමියන් වැඩි පින් බිමයි නාගදීපය.මෙහි අද වන විට සාමන්‍ය වැසියන් පවුල් 1500 පමණ පදිංචි වී සිටිනව.
|
නාගදීප පින් බිමේ දසුන් |
|
නාගදීප පින් බිමේ ආදරණීය දසුනක් |
|
නාගදීප බෝ සමිඳුන් |
|
නාගදීපයට බුදුන් වැඩි පුවත... |
|
නාගදීප විහාරය... |
|
සිතුවමට නැගි චූලෝදර - මහෝදර ගැටුම් නිරාකරණය...
නාගදීප විහාරය... |
|
නාගදීප දූවේ කෝවිල - නයිනතිව් කෝවිල |
|
නාගදීප වැසියන්ගේ ප්‍රධාන ජීවිකාව...
දියඹට යන තෙක් වෙහෙස නිවමින්... |
|
බැතිමතුන්ට රස කැවිලි විකුනණ දූපත් වැසියන්..... |
|
නාගදීප පන්සල - කෝවිල -ජැටිය
සයුරට පෙනෙන හැටි |
|
ජෙනරාල් කොබ්බෑකඩුව විරුවා දිවි පුදූ බිම...
අරියාලේ තුඩුව |
ඩෙන්සිල් කොබ්බෑකඩුව නුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පාසැල් වියේ පටන්ම රග්බි, පාපන්දු කී‍්‍රඩා කෙරෙහි විශේෂ දක්ෂතා පෙන්වීය.පාසැල් යුගය නිමා කිරීමෙන් අනතුරුව 1960 ශී‍්‍ර ලංකා යුද හමුදාවට එක් විය.1990 දී මේජර් ජෙනරාල්වරයෙකු වූ මොහු 1992 දී ලුතිනන් ජෙනරාල් දක්වා උසස්වීම් ලැබීය.1991 දී අලිමංකඩ කොටින්ගේ මුදා ගැනීමේ සටනේ නියමුවා විය. 1985 ආන්දන්ම්පන් මෙහෙයුමේදී ද ඔහු විශිෂ්ඨ දක්ෂතා පෙන්වීය.යාපනය කොටි ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා "ජයකීර්ති" මෙහෙයුමේ සැලසුම් සකස් කරමින් සිටියදී 1992 අගෝස්තු 08 දා අරාලි තුඩුවේදී කොටි බිම් බෝම්බයකට හසුව ජීවිතය පුද කලේය.කොබ්බෑකඩුව විරුවා සමග මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් ස්ටෙෆාන්, ලුතිනන් කර්නල් ආරියරත්න, ලුතිනන් කර්නල් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, මේජර් නලින් අල්විස්, ලුතිනන් කමාන්ඩර් විජේපුර සහ සෙබළ වික්‍රමසිංහ යන විරුවන්ද එම ස්තානයේ රට වෙනුවෙන් දිවි පිදූහ.ඔහුගේ මරණයත් සමග නොයෙක් පාර්ෂවයන් වෙත චෝදනා එල්ල විය.
කොබ්බෑකඩුව විරුවා පිලිබඳ සටහනක්
|
කොබ්බෑකඩුව ඝාතන පරීක්ෂණ සඳහා පුපුරවා හල රථ වල සුන් බුන් |
|
කොබ්බෑකඩුව විරුවා සිහි වන්නට ඉදි කල ස්මාරකය... |
|
තවමත් නොනැසී පවතින බොදු උරුමයේ සළකුණු...
කදුරුගොඩ |
යාපනය නගර මධ්‍යයේ සිට කි.මී 10ක දුරකින් කන්තරෝඩය හෙවත් කදුරුගොඩ විහාරය පිහිටා තිබේ. යාපනය නගරයේ ඓතිහාසික බෞද්ධ උරුමයේ සංඛේතයක් ලෙස සැලකිය හැකි කදුරුගොඩ විහාරයේ සංඝමිත්තා තෙරණිය සමග මෙරට වැඩම කළ රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක් තනා ඇති බව සඳහන් වේ. 1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස් මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී.මෙවැනි ස්ථූප රාශියක් එක ලඟ පිහිටි බිමක් ලංකාවේ වෙන තැනක නොමැති නිසා අග්‍රබෝධි රජුගේ කාලයේ ලංකාව සිටි ජා හමුදාව මෙය ඉදිකර ඇති බව මහාචාර්ය නරත් පරණවිතානගේ අදහසයි.බුදුරජානන් වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ කදුරුගොඩ වෙහෙරෙහි විවේකීව වැඩ වාසය කළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. කදුරුගොඩ විහාරය දැනට පාලනය කරනු ලබන්නේ යාපනයේ නාග විහාරය යටතේය.
|
රහතුන් වහන්සේලා වැඩ සිටි පින් බිම |
|
කීරමලේ අරුම පුදුම ඖෂධ පොකුණ |
චුන්නාකම් මන්සන්ධියේ සිට 15Km පමණ ගිය තැන මෙම අරුම පුදුම බෙහෙත් පොකුණ සහ නගුලේෂ්වරම් කෝවිල පිහිටි බිම හමුවේ.මෙම පොකුණේ ඇති අරුමය නම් මුහුදට යාබදව පිහිටියත් මෙහි ඇත්තේ මිරිදිය වීමයි.කරිදිය සමග මුසු නොවී මිරිදිය මෙලෙස පැවතීම තවමත් පැහැදිලි කරගත නොහැකි කරුණක්.මෙයට ජලය පැමිනෙන ආරම්භය මාතලේ කඳු මුදුන බවයි විස්වාඅස කරන්නේ.මෙහි දිය නෑමෙන් රෝග ආදිය සුව වන බව බොහෝ දෙනා විස්වාස කරනව.නගුලේෂ්වරම් වැඳපුදා ගැනීමට පෙර මෙම පොකුණෙන් දිය නෑම සාමාන්‍ය සිරිතයි.
|
විවාහක කාන්තාවන්ගේ පැතුම් ඉටුවන දෙවොල් බිම
නගුලේෂ්වරම් කෝවිල |
කීරමලේ පොකුණ අසලම පිහිටි නගුලේෂ්වරම් කෝවිල ප්‍රධාන ලෙසම ‘ශිවලිංගය’ වන්දනා කරන ශුද්ධ භූමියකි. මෙහි ආරම්භය වසර රාවණා යුගය තෙක් දිවයයන බව සඳහන්.මාතර දෙවුන්දර, ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම්, මන්නාරම් කේදීෂ්වරම් සහ යාපනයේ නගුලේෂ්වරම් ලෙස ලංකාවේ හතර කොනේ ශිව කෝවිල් 4 ක් තිබෙනවා. නමුත් ශිව ලිංග වන්දනාව සිදුවන්නේ මෙහි පමණක් බවයි සඳහන්.කීරමලේ පොකුණෙන් ජල ස්න්නනය කර ශිව ලිංගය ස්පර්ශ කර වන්දනා කිරීම මගින් දරුවන් නොමැති කතුන්ට දරුවන් ලැබෙන බවත් විවාහය ප්‍රමාද වන අයට විවාහ සාර්ථක වීම ද සිදු වන බවට බොහෝ දෙනා විශ්වාස කරනව.
|
සංඝමිත්තා තෙරිණිය වැඩි පින් බිම
දඹකොළපටුන |
නගුලේෂ්වරම් කෝවිලේ සිට තවත් 8 Kmගිය තැන දඹකොළපටුන හමුවේ.දේවානම්පියතිස්ස රජ සමයේ සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාකාව රැගෙන ගොඩබැස්සේ දඹකොළපටුනටයි.එකල විදේශයන් සමග නාවික කටයුතු සිදු වූ නැව්තොටක් ලෙසත් මෙහ හැඳින්වේ.
|
දඹකොළපටුන චෛත්‍යය |
|
දඹකොළපටුන බෝධිය |
|
අතීත කතාව සිහි වන අනුරුව |
|
සඝමිත් පිලිමය |
|
සුන්දර කැෂුරිනා වෙරලට යන අතර මග... |
කරෙයිනගර් දූවේ පිහිටි කසුරිනා වෙරළ උතුරු මුහුදේ ස්නානය සඳහා ඇති නොගැඹුරු සුදුසුම වෙරළක්.කස ගස් (කැෂුරිනා) බහුල බැවින් මේ බිමට මේ නම ලැබී තිබෙනව.ඉතා සියුම් වැල්ල සහිත කරෙයිනගර් දූපතේද සාමාන්‍ය වැසියන් පවුල් 3500 ක් පමණ දිවි ගෙවනවා.
හෙට අවසන් සටන් බිම - මුලතිව් යුධ බිමේ....
පෙර සබැඳි ලිපි
ලස්සන පිංතූරත් එක්ක වටින විස්තරයක්...අපිත් ගියා වගේ තමා දැං...ස්තූතියි සටහනට....
ඔය සති අන්තයේදී මගේ චාරිකාව උනෙත් ඔබ දක්වා ඇති පෙදෙස් සහ මුලතිව්,පුදුමාතලන් පෙදෙසයි. මතකය නැවත දිව ගියා එදෙසට ඔබගේ රූප රාමුවලින් ...
එල