Friday, August 21, 2009

'අනර්කලීලාට' කුමක් කරමුද?

10 comments
කුණු පළාත් සභා මැතිවරණයේ උණුසුම දේශපලන පොර පිටිය නැවතත් උණුසුම් කරමින් පවතී.ඒ එය අවසන් පළත් සභා මැතිවරණය වන බැවිනි.පළාත් 8ක මැතිවරණවලින් පසු ඊලඟට ඇත්තේ තීරණාත්මක මහ මැතිවරණය සහ ජනාධිපතිවරණයයි.පසුගිය පළාත් සභා හතෙහිම ජය ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස විසින් දිනා ගත්තේ තනි අශ්වයාගේ තරඟයකිනි.එම අශ්වයා සමග තරඟයට පිවිස සිටියේ හොඳටම වැහැරුණු කොටලුවන් සහ අතරමං වූ බූරුවන් කිහිපදෙනෙකුත් පමණි.එබැවින් තරඟයක් දී ගත හො නොහැකිව නියත ජයක් අශ්වයා හිමි කර ගත්තේය.ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයත් එහිම දිගුවක් බවට අනාවැකි කියන්නට අංජනම් බැලිය යුතු නොවේ.මෙයද එජාපය වසර පහලොවක් පුරා ලබන අනවරත් පරාජයේ තවත් එක් දිගුවක් බව සක්සුදක් සේ පැහැදිළිය.ජවිපෙට අත්වන ශෝකජනක ඉරණමද කලින්ම තක්සේරු කල හැක.ජවිපෙ එහි නිර්මාතෘවරයාගේ ගම් පියසේදීම සහ එහි ප්‍රබලම ව්‍යාප්තිය සිදු වූ බිමේදීම මෙතෙක් ලද බරපතලම කඩාවැටීමට මුහුණ පානවා ඇත.සුපුරුදු පරිදිම එජනිස 'විශිෂ්ඨ' ලෙස ජය ගන්නවා ඇත.එය ඉදිරියේදී එන මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රබල උත්ප්‍රේරකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අවස්ථාවේ මැතිවරණයේදී පුද්ගල සාධකයේ බලපෑම අල්ප වන අතර ජයග්‍රහණයට ප්‍රබලව හේතු වන්නේ රජයේ ත්‍රස්තවාදයට එරෙහිව ජය ගත් සටනත් ජනාධිපතිවරා ගැන ඇති අචල විශ්වාසයත් පමණි.එය ඔහුගේ ගම් පෙදෙසේදී අන් හැම තැනටම වඩා උස්ව නැගෙන රැල්ලක් වෙයි.නමුත් මෙතරම් පහසුවෙන් ජයග්‍රහණය ලබා ගත හැකි වාතාවරණයක් යටතේ පවා එජනිස අපේක්ෂක ලයිස්තු සැකසීමේදී එය මූලික 'තත්ව පරීක්ෂාව'වත් ලක් නොකිරීම අභාග්‍යකි.දැනට වාර්ථා වන අන්දමට අනර්කලී වැනි සමාජය ඉදිරියේ කුජීත වූ චරිත පවා ජනාධිපතිවරයාගේ ආර්‍ය ජාතික ඇඳුමේ සෙවනැල්ලෙන් මුවා කර පළාත්සභාවට තල්ලු කර යැවීමට කටයුතු කෙරෙමින් පවතී.අනර්කලී ඉදිරිපත් කරන්නේ මංගලට අභියෝගයට යැයි යමෙකු මෙය සාධාරණීකරනය කරනු ඇත.නමුත් මංගල වැනි වැලේ වැල් නැති දේශපාලන ගන්ධබ්බයෙකුට අභියෝග කිරීමට ඔහුගේ පන්නයේම චරිත කරලියට ගෙන ඒමට තරම් බලධාරීන් අමන වී ඇත්ද?අනර්කලී පමණක්ම නොවේ.එවැනි සහ ඊටත් වඩා කුණු වූ සහ ගඳ ගසන චරිත තවත් රැසක් ඇති අතර සුදු ඇඳුමින් වෙස් ගෙන සිටියත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඒ ඒ ප්‍රදේශවල ජනයා හොඳින් දනී.


එවැනි මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් කිරීමන් හැකි තාක් වැලකී සිටීමට ශ්‍රීලනිප බලධාරීන්ට මේ මොහොතේ ජවයක් පවතී.මක් නිසාද යත් අභියෝගයක් එල්ල කිරීමට වත් නොහැකි තරමට විපක්ෂ බලවේග හතර ගාතෙන් වැටී ඇති මේ අවස්ථාව එය කිරීමට හොඳම මොහොත වන බැවිනි.නමුත් ඒ සියලු අනගි අවස්ථාවන් නොසලකා හැරින තැනට කටයුතු සිදු වෙමින් පවතින බවට පෙරනිමිති පල වෙමින් තිබේ.හොරුන් ,තක්කඩියන් ,බුකිකරුවන්,ස්ත්‍රී දූෂකයන් පවා මැතිවරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් සහ වෙනත් බලපෑම් වලින් මනාප තරඟයෙන් මුල් තැනට පැමිණි අතීත අත්දැකීම් ගැන සිහි වෙත්දී මොවුන්ටද එම අභියෝගයෙන් ජය ගැනීම අපහසු නොවිය හැක.එබැවින් ඒ බව දන්නා බලධාරීන් කල යුත්තේ ඔවුන්ට මැතිවරනවලට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව මග හැරවීම මිස ඔවුන් පරාජය නොකලේ මන්දැයි ජනතාව පිට වරද පැටවීමට බලා සිටීම නොවේ.

මෙවැනි ගොන් බඳින කණු තම පක්ෂයෙන් ඉදිරිපත්වීම ගැන එහි නායකයා ලෙස ජනාධිපතිවරයා ලැජ්ජාවට පත් විය යුතුය.පවුලේ ඉල්ලීම් මත රට ගැන තීරණ ගැනීමට ගියහොත් ඔහු පිළිබඳ දේශ හිතෂී ජනයා තබා ඇති ගෞරවය සහ විශ්වාසය කඩා ඉහිරී යෑමට මෙවැනි සිද්ධීන් කිහිපයක් පමනක් වුවත් ප්‍රමනවත් විය හැකි බව ඔහු වටහා ගත යුතුය.ගෝඨාභය රාජපක්ෂටත් නාමල් රාජපක්ෂටත් දේශප්‍රේමී ජන හදවත් තුල හිමිව ඇත්තේ එකම ස්ථානය නොවන බව ඔහු අවබෝධ කර ගත යුතුය.යම් දිනක එම ස්ථානය එකම විය හැකි වුවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කල යුතුය.නැතහොත් කිරුළ හිමි කුමාරවරුන්ට පසු ගිය කාලයේ අත් වූ ඉරණමම අත්වීම වැලැක්විය නොහැක.

අවාසනාවට බලධාරීන් තමාගේ යුතුකම සරලව සලකා නොසලකා හැරියත් සියලු දේශප්‍රේමී ජනයා වෙත අත් හල නොහැකි වගකීමක් තිබේ.එනම් කුමන අන්දමේ බලපෑම් හමුවේ වුවත් තමාගේ ජාතියක් ලෙස කල යුතු වගකීම ඉටු කරන අතරම මෙවැනි අනර්කලී පන්නයේ චරිත පමනක් නොව සියලු හොරුන් තක්කඩියන් තම චන්ද කාඩ්පතින් පළවා හැරීමය.ඒ වෙනුවට යම් කිසි ප්‍රමානයකින් හෝ ජාතිකත්වයට ලැදි ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමය.ඒ හරහා හෝ තමන්ට කල හැකි නමුත් එය අමතක කර මෙවැනි අමන තීරණ ගන්නා බලධාරීන්ට මතක හිටින පාඩමක් ඉගැන්වීමය.

අනර්කලීලා පරදවා ගුණපාලලා තෝරා ගැනීමට තරම් නිරවුල් අවබෝධයක් සහ එඩියක් සැමදා ජාතියට මග කියන දකුණේ ජනයාට ඇතැයි අපි විශ්වාස කරමු.


- කැලුම් නිරංජන

10 comments:

  • August 22, 2009 at 6:51 AM

    ආණ්ඩුවෙ මොළේ ගැණනං පැහැදිළි කිරීම් රැසක් පහුගිය කාලේ අපිට දැකගන්න ලැබුනා. යුධ ජයග්‍රහන ඉස්සරහට දාලා තමන්ට අවැසි හැමදේම කරන්නට ගියොත් වැඩේ වරදින බව ඔවුන් දත යුතුයි.

    මේ වැරදි වලට රජයට විපක්‍ෂයක් නොසිටීමත් ලොකු හේතුවක්, මොකද එජාපය, ජවිපෙ සහ අනෙක් බොහොමයක් විපක්‍ෂයේ පක්‍ෂ රජයේ විපක්‍ෂ නොව රටේ විපක්‍ෂය වන නිසා.

    කොහොම උනත්, දකුණෙ මිනිස්සුන්ගෙ මොළේ චෙක් කරගන්නත් මේක හොඳ අවස්ථාවක්.

  • August 22, 2009 at 8:04 AM

    anarkali gon nambiyak unath okith loku votes ganak ganiwi.......

    oka thamay dan lankawe hati

  • August 22, 2009 at 9:59 AM

    ඇත්ත කථාව නම් මංගල සමරවීර නම් පුද්ගලයාව ලඟින් ඇසුරු කරපු කෙනෙක් විදියට මහරජතුමානන් ඔහු ගැන හොඳින් දැන සිටීම. ඔහු කොතැනින් පත්තු වෙයිද කියා මංගලවත් නොදනී. නමුත් පත්තුවිය හැකි බව මහරජතුමා දනී.
    අනෙක 2/3 බලය ලබාගෙන හිට්ලර් පාලනයක් ඇති කිරීමට මග බලාගෙන සිටින සමාගමට අනර්කෙලී වාගේ ගහන පදයට නටන කස්ටිය අවශ්‍ය බව මහරජතුමා හොඳින්ම දනී.

  • August 22, 2009 at 10:10 AM

    සුපුන්
    ඔබ කියූ කරුණ නිවරදියි.
    පසුගිය කාලයේ සිදු වූ සමහර සිදු වීම් මේ අවස්ථාවේ සිදු නොවිය යුතුයි.මක් නිසාද යත් කියූ පරිදිම රජය අනතාවගෙන් ඈත් වුනු කාලයක් නොවන නිසා.රජය තමන්ගේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටින මෙවැනි අවස්ථාවකදී සහ විපක්ෂය කිසිදා නොවූ ලෙස කේඩෑරි වී ගිය මොහොතක රජයට මීට වඩා ප්‍රශස්ථ අයුරින් කටයුතු කල හැකියි.
    නමුත් රටේ අවාසනාවට ඒවැන්නක් නෙවෙයි සිදු වන්නේ.

  • August 22, 2009 at 10:26 AM

    Chrishi
    මංගල කියන චරිතයට අතීතයේදී යම් කිසි ශක්තියක් තිබුන තමයි.ඒ එහෙම උනේ එකල රාජ්‍ය නායිකාවගෙන් ලැබුනු අමුතු ඇල්ම නිසා.එහෙම නොවුන නම් මංගලට අද අත් වී ඇති ඉරණම අත් වන්නේ එදා.එනිසා මංගල ගැන අමුතු භීතියක් මවන්න උත්සාහ කලාට වැඩක් නෑ.ජනතාවගේ පිලේ නොසිටින සියලු දෙනාට අත්වන කණගාටුදායක ඉරණම තමයි මංගලට අත් වෙලා තියෙන්නේ.

  • August 22, 2009 at 1:07 PM

    @ කැළුම්
    2005දී මහරජතුමන්ව ජනපති පුටුවේ වාඩි කරවන්න මංගලට රාජ්‍ය නයිකාවගේ ආධාර උපකාර හම්බ උනේ නෑනේ. එත් ඉතින් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කලේ මංගල නේ.

  • August 23, 2009 at 10:41 AM

    @Chrish

    ඔව් මංගලට සංවිධායකයෙක් වශයෙන් යම් හැකියාවක් තිබුන තමයි.නමුත් එයත් අද වන විට වියෝ වෙලා.පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුනේ එය තමයි.ඔහුට කලින් දේශපාලන සුලඟ හමන දිශාව ගැන හොඳ ඉවක් තිබුනා.නමුත් අද වන විට පත්ව ඇති වියරුව විසින් එම ඉව නැති කරල දමල.ඒ නිසම තමයි පසුගිය කාලය පුරාවටම සුදුකල කාර්‍යයන් වැල්ලේ හැදූ මාලිගා වුනේ.
    උප අගමැතිවරයා වන්නට සිහින මැවූ හු අද වන විට පත්ව ඇත්තේ ඊලඟ වර පාර්ලිමෙන්තුවට හෝ පැමිණෙන්නේ කෙසේද යන අතෝරයටයි.

  • August 30, 2009 at 10:27 PM

    ඈත්ත මචා.දකුනේ විජයග්‍රහනය ගෑන ගෑටලුවක් නෑ.එත් මමත් අන්තිම වෙනකන් මේ චරිත ඈතුලු කරයි කියලා විශ්වාස කලේ නෑ.ඈත්තටම පුදුම හිතුනා.

  • August 31, 2009 at 6:15 PM

    ඔව් මචං
    අනර්කලී කියන පුද්ගල චරිතය පමනක් නෙවෙයි.තවත් මුල් සිතුවිල්ලෙන්ම ප්‍රතික්ෂේප කල යුතු චරිත රාශියක් අපෙක්ෂක ලැයිස්තුවලට රිංගලා.අදාල බලධාරීන් අතින්ම මොවුන්ට ස්ථානයක් නොලැබීමයි විය යුතුව තිබුනේ.
    නමුත් රටේ අවාසනාවට එහෙම වෙලා නෑ.

    දැන් ඉතින් සමාන්‍ය ජනයා ලෙස අප කල යුත්තේ ජයග්‍රහණය තහවුරු කරන අතරම කුණු කූඩයට දැමිය යුතු චරිතවලට ඔවුන්ට හිමි සිථානය තම කතිරය හරහා තහවුරු කිරීමට වග බලා ගැනීමයි.