Tuesday, September 1, 2009

වියරු කුමන්ත්‍රණ සහ ජවිපෙ

5 comments
මැතිවරණ උණුසුම දකුණු පළාත හරහා හමා යමින් තිබේ.ජයග්‍රහණය ලබන පක්ෂය කුමක්දැයි සැකයක් නොමැති වුවත් එහි අද දවසේ ඇත්තේ තේරෙන අපේක්ෂකයන් කවුද යන පැනය පමණි.එ.ජා.ප යට ඉතිහාසයේ අත්වන දරුණුතම පරාජයටත් ජ.වි.පෙ ට තමන්ට මෙතෙක් තබා සිටි අවසන් බලාපොරොත්තුවද කඩ වී යමින් ලබන නින්දාසහගත පරාජයටත් මුහුණ දීමට සිදුවනු වැලැක්විය නොහැක.එබැවින්දෝ තමන් ලබන මග හැරිය නොහැකි පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට සිදු කරන නා නා පන්නයේ නන් දෙඩවිලි හා අභියෝග කිරීම් අද වන විට සුලබ වී තිබේ.රා බී වෙරි වූ මීයෙකු බළලෙකුට කල අභියෝගය සිහි කරවන මෙවැනි නාටක ගැන අවධානයක් හෝ යොමු කිරීම කාලය නාස්ති කිරීමක් පමණක් වුවත් මෙවැනි විහිලු වලින් ඔබ්බට ගිය තිරය පිටුපස සිදුවන කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන අවදියෙන් සිටීම රටට හිතැති සියල්ලන්ගේ ශරීර සෞඛ්‍යට යෝග්‍ය වේ.


මැතිවරණ උණුසුම අතරේම දේශපාලන ලෝකය හරහා අලුත් කතාවක් පතුරවා හැරීමට මේ ද්‍රෝහීන් සිදු කල ලැජ්ජාසහගත උත්සාහයක තොරතුරු හෙළි වෙමින් තිබේ.එනම් කොටි ත්‍රස්ථවාදය පරාජය කිරීමේ සටනේ ‍යුද බිමේ නියමුවා සහ දේශපාලන පෙරමුණේ නියමුවා අතර ඇතිවී ඇතැයි කියන මත භේදයක් පිළිබඳ කතාවයි.පසුගියදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය අරබයා මත ගැටුමක සිටිතියි මොවුන්ගේ ප්‍රචාරයේ සඳහන් විය.13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් ඔබ්බට ගිය අසමමතික බලය බෙදීමක් කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගමන් කරනු ඇතැයිද එබැවින් එයට එරෙහිව සරත් ෆොන්සේකා මහතා සටනට පිවිස ඇතැයිද මේ කුමන්ත්‍රණ කරුවෝ තමන්ට හිතවත් මාධ්‍ය හරහා ,විශේෂයෙන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කෙරිණ.
හිටපු යුධ හමුදාපතිවරායාගේ යැයි පලකල විද්‍යුත් තැපැල් ලිපිනයකින් ලැබුනේ යැයි පලකල ප්‍රවෘත්ති ජාතිය ඇමතීමේ ලිපියක් පල කිරීමට පසුගියදා එක්තරා වෙබ් අඩවියක් ක්‍රියා කලේය.එමගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තමන් විසින් ජාතියට හිමිකරදුන් ජයග්‍රහණය පාවාදීමට කටයුතු කරන්නේ යැයිද,එයට එරෙහිව කටයුතු කිරීමට සියලු දේනාගේ සහයෝගය තමාට ලබා දේන්න යැයිද සටහන්ව තිබිණ.



මෙයට සමගාමීව එ.ජා.ප යට හිතවත් මාධ්‍ය කණ්ඩායම්ද මී කුණක් දුටු බඩගිනි වූ බළලකු මෙන් මෙයට තවත් ආලවට්ටම් එක්කරමින් ප්‍රචාරය කලේය.රට දිනවූ ත්‍රස්ථවාදය මැඩලීමේ සටන සමග කවදත් හදවතින් විරුද්ධවාදී ස්ථාවරයක සිටි එජාපයේ මේ හැසිටීම එතරම් විශ්මයට කරුණක් නොවන නමුත් , ප්‍රශ්නය නම් මහින්ද රාජපක්ෂ හට යුද්ධ කිරීමට ඉගැන්වූයේ තමන් යැයි වහසි බස් දොඩනා ඊනියා දේශප්‍රේමී පක්ෂවල හැසිරීමද එජාපයේ දේශද්‍රෝහී හැසිරීම සමග සමපාත විමය.තමන්ගේ නිල පුවත්පත වන ඉරිදා ලංකා හා අන්තර්ජාල පුවත් අඩවිය වන www.lankatruth.com හරහා ජවිපෙ ද මෙම ද්‍රෝහී ක්‍රියාදාමයට ඉහල ක්‍රියාකාරීත්වයකින් යුතුව දැනුවත් සහයෝගයක් දැක්වීය.



මෙමගින් මේ ද්‍රෝහීන් උත්සාහ කලේ එක ගලෙන් කුරුල්ලන් දෙතුන්දෙනෙකු දඩයම් කිරීමටය.
යුද ජයග්‍රහණයත් සමග ජනප්‍රියත්වයේ මුදුනේ වැජඹෙන මහින්ද රාජපක්ෂ ,අද වන විට යුද ජයග්‍රහණ ආපස්සට හැරවීමේ ද්‍රෝහී ක්‍රියාමාර්ගයක සිටී යයි සමාජයට ඒත්තු ගැන්වීම එහි මුඛ්‍ය අරමුණ විය.එමගින් තමන්ට කිසිසේත් අභියෝග කල නොහැකි මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයේ විශාලත්වය කුඩා කිරීමය.
අනෙක් අතට ජනාධිපතිවරයා සමග බිඳවීමෙන් ඉවත් වන යුද හමුදාපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගැනීමට හැකිදැයි උත්සාහ කිරීමය.එමගින් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හමුවේ ලබන්නට නියමිත ලැජ්ජාසහගත පරාජයේ නිරුවත වසා ගැනීමටය.
සැබෑ තත්වය නම් ජෙනරාල් ෆොන්සේකා සෘජුව ඒකීය ශ්‍රී ලංකාවක් කෙරෙහි විශ්වාස කරන අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙසම විරොධී දේශප්‍රේමී ස්ථාවරයක සිටී.මහින්ද රාජපක්ෂටත් වඩා සෘජුව ඔහු එය නියෝජනය කරයි.නමුත් මහින්ද රාජපක්ෂට එය අභියෝගයක් නොවන්නේ ඔහුද බහුතර ජනමතය අනුව යමින් එය පිලිගන්නා බැවිනි.සරත් ෆොන්සේකාර රජයට යම් විරෝධතාවයක් පෑ යුතුනම් දැඩි විනය ගරුක හමුදා නිලධාරියෙක් ලෙස මෙවැනි දෙකේ පන්තියේ වැඩ නොකරන බව වටහා ගැනීමට තරම් වත් අවබෝධයක් දේශද්‍රොහී ප්‍රචාරකයන්ට නොමැති විය. නැතහොත් එය ආයාසයෙන් අමතක කරවන්නට තැත් කලහ.කුමන්ත්‍රණකාරීන් කොල්ල කෑවේ සරත් ෆොන්සේකාගේ මේ රටට හිතවත් සුජාත ස්ථාවරයයි.

නමුත් ජාතියේ වාසනාවට කුමන්ත්‍රණකරුවන්ගේ නිරුවත හෙළිවී ඇත.කොයි තරම් බෙරිහන් දුන්නද තමන්ට රට ජාතිය, තම පක්ෂය තරම් වැදගත් නොවන බව යලිත් තහවුරු කලේය.මමගින් පැහැදිළි වන්නේ 2005 ජවිපෙ ජාතික මතවාදයෙන් පීළි පැන්නවීමෙන් පසු අත් වී ඇති ඛේදජනක ඉරණමේ තරමයි.එදා විජාතික කුමන්ත්‍රණවලට එරෙහිව තම ශක්තිය උපරිමයෙන් යොදවා කටයුතු කල පක්ෂය අද වන විට ඒ විජාතික බලවේගවල කුමන්ත්‍රණ වලම සක්‍රීය කොටස්කරුවන් වීම විශ්මයකි.

මේ සිදු කරන අමන ක්‍රයාවලින් දේශප්‍රේමී ජන මනස කිසිදා තමන් වෙත ලං කර ගත නොහැකි වබ මේ නිවටයන් වටහා ගත යුතුය.එදා 2004 දී ජාතික මතවාදයේ සෘජු නියෝජිතයන් ලෙස සැම දිස්ත්‍රික්කයකින්ම මනාප ලැයිස්තුවල මුල් තැනට පත්කල ජනයා විසින්ම මෙම දේශදෝහී ක්‍රියා මාර්ග එම නියෝජිතයන්ම කුණු කූඩයට යවමින් නිසි අයුරින් 'ඇගයීමට' පසුබට නොවන බව දැන ගත යුතුය.එවිටද බහුතර ජන මනස 'වැඩවසම් මනසක් යැයිද එය තමන්ගේ මනස තරම වර්ධනය වී නැතැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට අවශ්‍යනම් කෙසේ හෝ බලයට පැමිණෙමියි දවල් සිහින දකින හා ඒ වෙනුවෙන් වියරු කුමන්ත්‍රණවල යෙදෙන මේ දේශපාලන අම්බරුවන්ට නිදහස ඇත.


- කැලුම් නිරංජන

5 comments:

  • This comment has been removed by a blog administrator.

    This comment has been removed by a blog administrator.

  • This comment has been removed by a blog administrator.

    This comment has been removed by a blog administrator.

  • This comment has been removed by a blog administrator.

    This comment has been removed by a blog administrator.

  • September 2, 2009 at 8:33 PM

    තමාගේ නමින් අදහසක් පල කල නොහැකි නපුංසකයන් අන්වර්ථ නම් වලින් දමන ගොන් පාර්ට් මෙයින් ඉවත් කර ඇති බව දන්වනු කැමැත්තෙමි.
    තමන්ගේ තිරිසන් කමේ තරම පෙන්වීමට මෙහි ඉඩ කඩ නොමැති බව ඒ ඒ නිවටයන්ගේ දැනගනීම පිණිස දන්වමි

  • September 3, 2009 at 6:16 PM

    රට කොටියාට දිමට නොහෑකි වූ නිසා කදුලු සලන නපුන්සකයන් කීප පොලක් ගේ හීනමානයට පලකරන්නා වු කාලකන්නි අදහස් වලට ඒ තරම් ගනන් ගත යුතු නොවේ. ඈත්ත ප්‍රකාශ කීරීම මොවුන් ඉවසා වදෑරිය නොහෑකි සේම ප්‍රභාකරන් නෑමෑති හිටපු මිනීමරුවා ගෑන වචනයක් නොකී මුන් අද හිට්ලර්වාදය ඒකාදිපතිවාදය ගෑන කතා කරන්නේ අමු හෙලුවෙනි.නමුත් රටේ බහුතර ජනතාව ඈත්ත දෑක ඈත.එය රටෙ වාසනාවය.ජේ.වී.පි ය ගෑන ජනතා තීන්දුව ඉදිරියේදි දෑක ගත හෑකිය.