Saturday, September 19, 2009

තිස්සනායගම් කරුණා සහ ජවිපෙ

7 comments
කොටි ත්‍රස්තවාදයේ යුද පෙරමුණ පරාජය කර සිව් මසක් සම්පූර්ණ විය.ඉහල නායකත්වයේ සමූලඝාතනයත් සමගම දෙමළ ජාතිවාදයේ යුද වියරුව අපේක්ෂාකල තරමටත් වඩා ඉහල සාර්ථකයත්වයකින් යුක්තව සාර්ථකව නිමා විය.( අපේක්ෂා කල තරමටත් වඩායැයි කීවේ එකල යුධ විරොධී පෙරම්ණුවල ඉදිරියෙන් සිට මෑතක ඇමති වරප්‍රසාද තකා තම ආත්මය පාවා දුන් නිවටයන්,යුද ජයග්‍රහණයෙන් පසුව සුදු සළු පිලි හැඳගත් ක්ෂණික දෙශප්‍රේමීන් පමණක් නොව,ජනාධිපතිවරයා යුද්ධයට තල්ලු කලේ තමන් යැයි පුරසාරම් දොඩනා සමහරු පවා ත්‍රස්තවාදයට එරෙහි සටන ඉන්දීය මැදිහත්වීමකින් අතරමග...

Tuesday, September 1, 2009

වියරු කුමන්ත්‍රණ සහ ජවිපෙ

5 comments
මැතිවරණ උණුසුම දකුණු පළාත හරහා හමා යමින් තිබේ.ජයග්‍රහණය ලබන පක්ෂය කුමක්දැයි සැකයක් නොමැති වුවත් එහි අද දවසේ ඇත්තේ තේරෙන අපේක්ෂකයන් කවුද යන පැනය පමණි.එ.ජා.ප යට ඉතිහාසයේ අත්වන දරුණුතම පරාජයටත් ජ.වි.පෙ ට තමන්ට මෙතෙක් තබා සිටි අවසන් බලාපොරොත්තුවද කඩ වී යමින් ලබන නින්දාසහගත පරාජයටත් මුහුණ දීමට සිදුවනු වැලැක්විය නොහැක.එබැවින්දෝ තමන් ලබන මග හැරිය නොහැකි පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට සිදු කරන නා නා පන්නයේ නන් දෙඩවිලි හා අභියෝග කිරීම් අද වන විට සුලබ වී තිබේ.රා බී වෙරි වූ මීයෙකු බළලෙකුට කල අභියෝගය සිහි කරවන...