Saturday, September 19, 2009

තිස්සනායගම් කරුණා සහ ජවිපෙ

7 comments
කොටි ත්‍රස්තවාදයේ යුද පෙරමුණ පරාජය කර සිව් මසක් සම්පූර්ණ විය.ඉහල නායකත්වයේ සමූලඝාතනයත් සමගම දෙමළ ජාතිවාදයේ යුද වියරුව අපේක්ෂාකල තරමටත් වඩා ඉහල සාර්ථකයත්වයකින් යුක්තව සාර්ථකව නිමා විය.( අපේක්ෂා කල තරමටත් වඩායැයි කීවේ එකල යුධ විරොධී පෙරම්ණුවල ඉදිරියෙන් සිට මෑතක ඇමති වරප්‍රසාද තකා තම ආත්මය පාවා දුන් නිවටයන්,යුද ජයග්‍රහණයෙන් පසුව සුදු සළු පිලි හැඳගත් ක්ෂණික දෙශප්‍රේමීන් පමණක් නොව,ජනාධිපතිවරයා යුද්ධයට තල්ලු කලේ තමන් යැයි පුරසාරම් දොඩනා සමහරු පවා ත්‍රස්තවාදයට එරෙහි සටන ඉන්දීය මැදිහත්වීමකින් අතරමග බිඳ වැටේ යැයි සිතා තම දේශපාලන තීරණ වෙනස් කල පසුබිමක් තුල ලබා ගත් ජයග්‍රහණයක් බැවිනි )
යුද පෙරමුණේ පරාජය රටට හතුරු බලවේග යම් තිගැස්මකට ලක් කලත් අද වන විට එම තත්වය මග හරවාගනිමින් අලුත් අලුත් මනයන් ඔස්සේ තම සුපුරුදු ව්‍යාපෘති ඉදිරියට ගෙනයමින් සිටී.හමුදා නායකත්වයට හා දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වන්නේත් ඒ වෙනුවෙන් ඊනියා මාධ්‍ය නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය,ගැන බෙරිහන් දෙන්නේත් එබැවිනි.

නමුත් මේ සකලවිද කුමන්ත්‍රණ සහ කකුලෙන් ඇදීම් මැද වුවත් රට වෙනුවෙන් කෙලින් සිට ගැනීමට වෙර දරනා ජනාධිපතිවරයාගේ උත්සාහය ප්‍රසංශනීයය.යහ පාලනය ගැන වත්මන් පාලනයට එරෙහිව කොතරම් විවෙචන තිබුනත් ඒ සියල්ල ද්විතීක කාරණා සේ සලකා රටේ ආරක්ෂාව පිලිබඳ කාරණයේදී රජයේ ස්ථාවරය මහුතර ජාතිමාමක ජනයා මහ ඉහලින් අගය කරන්නේ එහි ඇති නිවරදි සහ විශ්වාසවන්ත භාවය නිසාය.කොටි කාලතුවක්කු යුද බිමේදී නිහඬ කිරීමන් පමනක් නොනැවතී ඒ සඳහා මූල්‍යමය සහ මතවාදීමය සහය පල කල සහ දැනටත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් අනවරතව හඹා යන්නේ ලැබූ ජයග්‍රහණය ස්ථාවර ජයක් බවට පත් කර ගැනීමේ අරමුණෙනි.ඉදිරියේදී ප්‍රභාකරන්ලා බිහි කල හැකි ගර්භාෂය විනාශ නොකලහොත් ,එයට සහය වන මාර්ග අවහිර නොකලහොත් ජාතියට නැවතත් ජීවිත ලක්ෂ ගනනින් වන්දි ගෙවීමට සිදු විය හැකි බැවිනි.

නමුත් මිලිබෑඩ්ගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වාත්,සරවනමුත්තු සිට සුනන්ද දේශප්‍රිය දක්වාත් චැනල් 4 සිට සිරස දක්වාත් මෙකී නොකී සියලු දේශද්‍රොහී බලවේග නා නා මාදිලියේ උපක්‍රම මගින් ලාංකික රාජ්‍යට එරෙහි ක්‍රියාමාර්ගවල නිරතව සිටී.සැමදා ලංකා රාජ්‍යට එරෙහි මතවාදයක සිටි මොවුන්ගේ දේශද්‍රෝහී නිරුවත බහුතර සමාජය අවශ්‍ය තරමටත් වඩා දැක ඇති නමුත් අද වන විට මෙම කල්ලියට අලුතින් තවත් සාමාජිකයෙක් සාමාජිකත්වය ගෙන ඇති බව පසුගිය කාලයේ සිදුවීම් දෙස විමසුම් ඇසින් බැලීමේදී පැහැදිලි වේ.අලුත් සාමාජිකයා වෙන කිසිවකු නොව ජනතා විමුක්ති පෙරමුණයි.

"තිස්‌සනායගම් කියන්නේ ලියපු කෙනෙක්‌. එත් ගැබිනි මවුවරු, අතදරුවන්, අරන්තලාවේ භික්‍ෂූන් වහන්සේ කපා කොටා මරා දාපු ත්‍රස්‌ත ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වූ අයට දෙන්නේ ඇමැති ධුර. දඬුවම් විඳිය යුත්තේ ලියපු කෙනාද... නැගෙනහිර ගම්මාන සුනු විසුනු කළ කෙනාද යන්න ජනතාව තේරුම්ගත යුතුයි."
-අනුර කුමාර දිසානායක
-2009 සැප්තැම්බර් 06

මාධ්‍යවේදියකු යෑයි හඳුන්වා ගන්නා තිස්සානායගම් නමැත්තාව ත්‍රස්‌තවාදයට අනුබල දීමේ චෝදනා මත මෙරට අධිකරණය විසින් විසි වසරක සිරදඬුවමක්‌ නියම කිරීම ගැන මාධ්‍ය හමුවකදී අදහස් පල කල අනුර කුමාර දිසානායක මහතා පල කල අදහසත් මෑත යුගයේ ජවිප රට ඉදිරියේ රඟන අලුත් චරිතය දෙසත් විමසිල්ලේන් බැලූ විට පෙනීයන්නේ ජවිපෙ එදා සිටි ජාතික මතවාදයට හිතවත් බවෙන් පමණක් නොව රටට හිතවත් මතවාදයෙන්ද සීඝ්‍රයෙන් ඉවත් වෙමින් පවතින බවය.රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධානයක ඒජන්තයකු වූ තිස්සනායගම් නැමැත්තා සීඩා නම් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය නෝත් ඊස්ටර්න් හැරල්ඩ් නම් සඟරාවක පල කල අදහසක් මූලික කරගෙන නඩු විභාගයකට මුහුණ දී වර්ගවාදී අදහස් පල කිරීමේ සහ ත්‍රස් සංවිධානයකින් මූල්‍ය සහයෝගය ලබා ගත්තේ යැයි නැගුනු චෝදනාවකට පසුගියදා අධිකරණය විසින් විසි වසරක සිර දඬුවමකට ලක් කිරීම ජවිපෙ එලෙස අර්ථ ගන්වා තිබිණ.

එදා ත්‍රස්තවාදය වෙනුවෙන් මතවාදීමය සහය පල කල ඊනියා මධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නිසි ලෙස හඳුනාගත් ජවිපෙ ට ද වන විට ත්‍රස්තවාදය වෙනුවෙන් ලිවීම වරදක් නොවේ යැයි කියන තැනට පත් වීම හඳුනා ගත යුත්තේ කෙසේද?ඒ සමගම මේ දේශද්‍රෝහීන් වෙනුවෙන් විජාතික බලවේග සමග එක පෙලට සිට උස් හඬින් මොර දෙන්නට අතීතයේ රට වෙනුවෙන් කැපවූ පක්ෂයක් තල්ලු වූයේ කෙසේද?
"තිස්සනායගම් දුන් තීන්දුව නිසා අපි කලකිරීමට පත් වූයෙමු. මේ නඩුව පිළිබඳ අපි තවදුරටත් අවධානය යොමු කරන්නෙමු"
- ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක රොබඩ් වුඩ්.

මේ අධිරාජ්‍යවාදී බලවේගවල හඬ සමග සමපාත වීමට තරම් ජවිපෙ පීලි පැනීම ඔවුන්ගේ අවසානය වේගවත් කරන්නක් පමණි.ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන හඬ පැලවත්ත ජවිපෙ පක්ෂ කාර්යාලයෙන් නිකුත් වන්නේ වෙන කිසිවක් නිසා නොව.මහින්ද රාජපක්ෂ පාලනය නිසා තම පක්ෂයට අත්වූ ලැජ්ජා සහගත ඉරණමේ වෛරය නිසාය.තමන් නොසිතූ පරිදි මහින්ද රාජපක්ෂ මහතා ජාතිකත්වයේ ප්‍රමුඛයා බවට පත් වීමත් ඒ සමගම තමන්ට තිබුනු දේශපාන පිලිගැනීම අහෝසි වීමේත් වාඩුව ගැනීම පිණිසය.

තිස්සනායගම්ට ලැබුනේ මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් රාජ නියෝගයක් නොව අධිකරණය (තමන්ට උතුර හා නැගෙන හිර පලාත් වෙන් කිරීමේ නියෝගය ලබා දුන් අධිකරණය ) විසින් ලබා දුන්නක් බව මේ ද්‍රෝහී සිඟාලයන් අමතක කරති.නැත්නම් ජනතාවගෙන් වසන් කරන්නට හදති.කරුණා අම්මාන් පාර්ලිමේන්තු එන්නේ කෙසේදැයි මේ අමනයන් ප්‍රශ්න කරති.ඇමති ධූර දරන්නේ කොටි සංවිධානයේ සන්නද්ධ නායක කරුණා අම්මාන් නොව කොටි ත්‍රස්තවාදයෙන් තීරණාත්මක බිඳුනු විනයාගමුර්ති මුරලිදරන් බවත් 89 ජීවිත දස දහස් ගනනින් ජාතියට අහිමි කල ජවිපෙ කාඩරවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේත් මුරලිදරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේත් එම පදනමින් බවත් සිඟාලයන්ගේ දැනගැනීම පිණිස පමනක් සඳහන් කරමු.

මහින්ද රාජපක්ෂ සමග ඇති වෛරයට වාඩුව ගැනීම පිණිස ශ්‍රී ලංකා රාජ්‍යට එරෙහි වීමේ විපාක
පසුගිය මැතිවරණවලදී මෙන් නොව ඉදිරි මහ මැතිවරණයේදී ලබන්නට නියමිත අවසන් තීරණාත්මක පරාජයත් සමගවත් අවබෝධ වීමට ජවිපෙට ඉඩ ඇතත් එම තීරණයේ බලපෑම දෙශප්‍රේමී මාවතට තවදුරටත් ආලෝකයක් හෝ අඳුරක් වීමට තරම් ශක්තියක් නොමැති බව පැහැදිලිය.

- කැලුම් නිරංජන

Tuesday, September 1, 2009

වියරු කුමන්ත්‍රණ සහ ජවිපෙ

5 comments
මැතිවරණ උණුසුම දකුණු පළාත හරහා හමා යමින් තිබේ.ජයග්‍රහණය ලබන පක්ෂය කුමක්දැයි සැකයක් නොමැති වුවත් එහි අද දවසේ ඇත්තේ තේරෙන අපේක්ෂකයන් කවුද යන පැනය පමණි.එ.ජා.ප යට ඉතිහාසයේ අත්වන දරුණුතම පරාජයටත් ජ.වි.පෙ ට තමන්ට මෙතෙක් තබා සිටි අවසන් බලාපොරොත්තුවද කඩ වී යමින් ලබන නින්දාසහගත පරාජයටත් මුහුණ දීමට සිදුවනු වැලැක්විය නොහැක.එබැවින්දෝ තමන් ලබන මග හැරිය නොහැකි පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට සිදු කරන නා නා පන්නයේ නන් දෙඩවිලි හා අභියෝග කිරීම් අද වන විට සුලබ වී තිබේ.රා බී වෙරි වූ මීයෙකු බළලෙකුට කල අභියෝගය සිහි කරවන මෙවැනි නාටක ගැන අවධානයක් හෝ යොමු කිරීම කාලය නාස්ති කිරීමක් පමණක් වුවත් මෙවැනි විහිලු වලින් ඔබ්බට ගිය තිරය පිටුපස සිදුවන කුමන්ත්‍රණකාරී ක්‍රියා ගැන අවදියෙන් සිටීම රටට හිතැති සියල්ලන්ගේ ශරීර සෞඛ්‍යට යෝග්‍ය වේ.


මැතිවරණ උණුසුම අතරේම දේශපාලන ලෝකය හරහා අලුත් කතාවක් පතුරවා හැරීමට මේ ද්‍රෝහීන් සිදු කල ලැජ්ජාසහගත උත්සාහයක තොරතුරු හෙළි වෙමින් තිබේ.එනම් කොටි ත්‍රස්ථවාදය පරාජය කිරීමේ සටනේ ‍යුද බිමේ නියමුවා සහ දේශපාලන පෙරමුණේ නියමුවා අතර ඇතිවී ඇතැයි කියන මත භේදයක් පිළිබඳ කතාවයි.පසුගියදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය අරබයා මත ගැටුමක සිටිතියි මොවුන්ගේ ප්‍රචාරයේ සඳහන් විය.13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් ඔබ්බට ගිය අසමමතික බලය බෙදීමක් කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගමන් කරනු ඇතැයිද එබැවින් එයට එරෙහිව සරත් ෆොන්සේකා මහතා සටනට පිවිස ඇතැයිද මේ කුමන්ත්‍රණ කරුවෝ තමන්ට හිතවත් මාධ්‍ය හරහා ,විශේෂයෙන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කෙරිණ.
හිටපු යුධ හමුදාපතිවරායාගේ යැයි පලකල විද්‍යුත් තැපැල් ලිපිනයකින් ලැබුනේ යැයි පලකල ප්‍රවෘත්ති ජාතිය ඇමතීමේ ලිපියක් පල කිරීමට පසුගියදා එක්තරා වෙබ් අඩවියක් ක්‍රියා කලේය.එමගින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තමන් විසින් ජාතියට හිමිකරදුන් ජයග්‍රහණය පාවාදීමට කටයුතු කරන්නේ යැයිද,එයට එරෙහිව කටයුතු කිරීමට සියලු දේනාගේ සහයෝගය තමාට ලබා දේන්න යැයිද සටහන්ව තිබිණ.



මෙයට සමගාමීව එ.ජා.ප යට හිතවත් මාධ්‍ය කණ්ඩායම්ද මී කුණක් දුටු බඩගිනි වූ බළලකු මෙන් මෙයට තවත් ආලවට්ටම් එක්කරමින් ප්‍රචාරය කලේය.රට දිනවූ ත්‍රස්ථවාදය මැඩලීමේ සටන සමග කවදත් හදවතින් විරුද්ධවාදී ස්ථාවරයක සිටි එජාපයේ මේ හැසිටීම එතරම් විශ්මයට කරුණක් නොවන නමුත් , ප්‍රශ්නය නම් මහින්ද රාජපක්ෂ හට යුද්ධ කිරීමට ඉගැන්වූයේ තමන් යැයි වහසි බස් දොඩනා ඊනියා දේශප්‍රේමී පක්ෂවල හැසිරීමද එජාපයේ දේශද්‍රෝහී හැසිරීම සමග සමපාත විමය.තමන්ගේ නිල පුවත්පත වන ඉරිදා ලංකා හා අන්තර්ජාල පුවත් අඩවිය වන www.lankatruth.com හරහා ජවිපෙ ද මෙම ද්‍රෝහී ක්‍රියාදාමයට ඉහල ක්‍රියාකාරීත්වයකින් යුතුව දැනුවත් සහයෝගයක් දැක්වීය.



මෙමගින් මේ ද්‍රෝහීන් උත්සාහ කලේ එක ගලෙන් කුරුල්ලන් දෙතුන්දෙනෙකු දඩයම් කිරීමටය.
යුද ජයග්‍රහණයත් සමග ජනප්‍රියත්වයේ මුදුනේ වැජඹෙන මහින්ද රාජපක්ෂ ,අද වන විට යුද ජයග්‍රහණ ආපස්සට හැරවීමේ ද්‍රෝහී ක්‍රියාමාර්ගයක සිටී යයි සමාජයට ඒත්තු ගැන්වීම එහි මුඛ්‍ය අරමුණ විය.එමගින් තමන්ට කිසිසේත් අභියෝග කල නොහැකි මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයේ විශාලත්වය කුඩා කිරීමය.
අනෙක් අතට ජනාධිපතිවරයා සමග බිඳවීමෙන් ඉවත් වන යුද හමුදාපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ පොදු අපේක්ෂකයා බවට පත් කර ගැනීමට හැකිදැයි උත්සාහ කිරීමය.එමගින් ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හමුවේ ලබන්නට නියමිත ලැජ්ජාසහගත පරාජයේ නිරුවත වසා ගැනීමටය.
සැබෑ තත්වය නම් ජෙනරාල් ෆොන්සේකා සෘජුව ඒකීය ශ්‍රී ලංකාවක් කෙරෙහි විශ්වාස කරන අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙසම විරොධී දේශප්‍රේමී ස්ථාවරයක සිටී.මහින්ද රාජපක්ෂටත් වඩා සෘජුව ඔහු එය නියෝජනය කරයි.නමුත් මහින්ද රාජපක්ෂට එය අභියෝගයක් නොවන්නේ ඔහුද බහුතර ජනමතය අනුව යමින් එය පිලිගන්නා බැවිනි.සරත් ෆොන්සේකාර රජයට යම් විරෝධතාවයක් පෑ යුතුනම් දැඩි විනය ගරුක හමුදා නිලධාරියෙක් ලෙස මෙවැනි දෙකේ පන්තියේ වැඩ නොකරන බව වටහා ගැනීමට තරම් වත් අවබෝධයක් දේශද්‍රොහී ප්‍රචාරකයන්ට නොමැති විය. නැතහොත් එය ආයාසයෙන් අමතක කරවන්නට තැත් කලහ.කුමන්ත්‍රණකාරීන් කොල්ල කෑවේ සරත් ෆොන්සේකාගේ මේ රටට හිතවත් සුජාත ස්ථාවරයයි.

නමුත් ජාතියේ වාසනාවට කුමන්ත්‍රණකරුවන්ගේ නිරුවත හෙළිවී ඇත.කොයි තරම් බෙරිහන් දුන්නද තමන්ට රට ජාතිය, තම පක්ෂය තරම් වැදගත් නොවන බව යලිත් තහවුරු කලේය.මමගින් පැහැදිළි වන්නේ 2005 ජවිපෙ ජාතික මතවාදයෙන් පීළි පැන්නවීමෙන් පසු අත් වී ඇති ඛේදජනක ඉරණමේ තරමයි.එදා විජාතික කුමන්ත්‍රණවලට එරෙහිව තම ශක්තිය උපරිමයෙන් යොදවා කටයුතු කල පක්ෂය අද වන විට ඒ විජාතික බලවේගවල කුමන්ත්‍රණ වලම සක්‍රීය කොටස්කරුවන් වීම විශ්මයකි.

මේ සිදු කරන අමන ක්‍රයාවලින් දේශප්‍රේමී ජන මනස කිසිදා තමන් වෙත ලං කර ගත නොහැකි වබ මේ නිවටයන් වටහා ගත යුතුය.එදා 2004 දී ජාතික මතවාදයේ සෘජු නියෝජිතයන් ලෙස සැම දිස්ත්‍රික්කයකින්ම මනාප ලැයිස්තුවල මුල් තැනට පත්කල ජනයා විසින්ම මෙම දේශදෝහී ක්‍රියා මාර්ග එම නියෝජිතයන්ම කුණු කූඩයට යවමින් නිසි අයුරින් 'ඇගයීමට' පසුබට නොවන බව දැන ගත යුතුය.එවිටද බහුතර ජන මනස 'වැඩවසම් මනසක් යැයිද එය තමන්ගේ මනස තරම වර්ධනය වී නැතැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට අවශ්‍යනම් කෙසේ හෝ බලයට පැමිණෙමියි දවල් සිහින දකින හා ඒ වෙනුවෙන් වියරු කුමන්ත්‍රණවල යෙදෙන මේ දේශපාලන අම්බරුවන්ට නිදහස ඇත.


- කැලුම් නිරංජන