Thursday, April 30, 2009

ගෝඨා නියමයි. . . . .

0 comments


බිරිතනියේ විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑඩ් සහ ප්‍රංශ විදේශ ඇමති කුෂ්නර් ඊයේ ලංකාවට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු හමුවී සාකච්චා කර තිබේ.කොටි සංවිධානය සමග සටන් විරාමයකට යන්නැයි, බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය, ඩේවිඩ් මිලිබෑන්ඩ් කර ති‍බෙන ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇත.


උතුරේ කොටි කටේ ඉන්න සමාන්‍ය ජනතාව ගැන සොයා බලන්න ආව බවයි මේ මහත්වරු මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කලේ.
අහිංසක සාමාන්‍ය ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලුවට මේ මහත්හොරු එන්නේ මොකටද කියල අලුතෙන් කියන්න ඔන නෑ දැන්.හැමෝටම දැන් සක් සුදක් සේ පැහැදිලියි මුන් එන්නේ තමන්ගේ ඉත්තා,ඒ කියන්නේ මහ කොටියා බේර ගන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ගහන්න කියල.

ඉස්සර නම් අපේ මිනිස්සුන්ට මේවා තෙරුම් කරල දෙන්න එතරම් පහසු වුනේ නෑ.ඒ වගේ වෙලාවට බොහෝ දෙනෙක් කිව්ව දෙයක් තමයි ඇමරිකාව වගේ,එංගලන්තෙ වගේ ලොකු රටවලට අපේ රටවල් ගැන හොයන්නෙ මොන පිස්සුවකටද කියල. ඒව මනස්ගාත කියලයි ඉස්සර බොහෝ දෙනෙක් හිතුවෙ ,කිව්වේ.
සමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි ඊනියා බුද්ධිමතින් ලෙස සමාජයේ වැජඹෙන අය පවා…
ඒත් අද හැම දෙනාටම නැතත් බොහෝ දෙනෙකුට එක අවබොධ වෙලා. . ඒක මේ මතවාදය වෙනුවෙන් දිගු කලක් පෙනී සිටියවුන්ගේ ජයග්‍රහණයක් . . .

කොටි සංවිධානය පරාජය කර ප්‍රභාකරන් පණ පිටින් හෝ පණ නැතිව අල්ලා ගන්නා තුරු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ශ්‍රී ලංකාව නතර නොකරන බවත් ,සටන් විරාමයක් ලබාදීම මගින් සිදුවන්නේ කොටි සංවිධානය නැවතත් ශක්තිමත්වීම පමණක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී පවසා තිබේ .
ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී නායකයින් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට රජය ආරක්ෂක හමුදාවලට නියෝග කර තිබෙන බවද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

මිලිබෑඩ් - කුෂ්නර් නොගත් ප්‍රදේශයට යන්නට දන්න දහන් ගැට සියල්ලම දමා තිබේ.ඒ වෙනකකට නොව.එහි ගිහින් මහ කොටියව බැහැ දකින්නටය.බැහැ දැක ඔහු මේ මර උගුලෙන් ගලවා ගන්නට පොටක් පාදා ගන්නේ කෙසේදැයි සොය බලන්නටය.

ඒ සාකච්චාව මාධ්‍ය වාර්තා කරල තිබුනෙ මෙසේය .

"French Foreign Minister Bernard Kouchner requested that the UN be given access to the civilian zone held by the LTTE. The Defence Secretary said no one was safe in that area and the government could not guarantee anyone's safety. Kouchner replied that he was prepared to visit the area himself. He said he would take the risk and go there.

A smiling Rajapaksa told the French Foreign Minister that the LTTE was so desperate that he, too, would be taken hostage. "I don't mind that risk," Kouchner said.

"My problem is not what the LTTE will do to you," the Defence Secretary said laughing, "instead it is that should such a thing happen, we would not be able to take Prabhakaran as planned!" He said after thirty years, the time had come finally for Prabhakaran and other terrorist leaders to be captured dead or alive and the government would not stop until that end was achieved."

ගෝඨාභයගේ උත්තරේ නම් නියමයි.අති විශිෂ්ඨයි . .
- කැලුම් නිරංජන

Wednesday, April 29, 2009

මමත් සිංහල බ්ලොග් එකකට මාරු වුනා. . .

0 comments
මම මුලින්ම බ්ලොග් එකක් ගැන අහුවෙ විශ්ව විද්‍යාලෙදි... නමුත් එක මොන වගේ
එකක්ද කියලවත් එ දවස්වල තෙරුමක් තිබ්බෙ නෑ.

පස්සෙ 2006 වසර අගදි මමත් බ්ලොග් එකක් හැදුවා. . . ඒත් සිංහලෙන්
නෙවෙයි.ඉංගිරිසියෙන් . . .
එකට අරහෙන් මෙහෙන් copy කරපු ප්‍රවෘත්ති දෙක තුනක් දැම්ම,එච්චරයි . . .
එවත් ගොඩක් ඒව යුද්දෙ ගැන ලියපුව. . .

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය තමයි මට පාර කිව්වෙ සිංහල
බිලොග් එකකට මාරු වෙන්න. . .
ස්තුතියි. . .
දැන් මටත් පුලුවනි සිංහලෙන් මගේ නිදහස් අදහස් කියන්න. . . . .:)

අපි හමුවෙමු සයිබර් අවකාශයෙදි
එතකන්

ජය වේවා !!!!!!!!!

- කැලුම් නිරංජන