Saturday, September 19, 2009

තිස්සනායගම් කරුණා සහ ජවිපෙ

7 comments
කොටි ත්‍රස්තවාදයේ යුද පෙරමුණ පරාජය කර සිව් මසක් සම්පූර්ණ විය.ඉහල නායකත්වයේ සමූලඝාතනයත් සමගම දෙමළ ජාතිවාදයේ යුද වියරුව අපේක්ෂාකල තරමටත් වඩා ඉහල සාර්ථකයත්වයකින් යුක්තව සාර්ථකව නිමා විය.( අපේක්ෂා කල තරමටත් වඩායැයි කීවේ එකල යුධ විරොධී පෙරම්ණුවල ඉදිරියෙන් සිට මෑතක ඇමති වරප්‍රසාද තකා තම ආත්මය පාවා දුන් නිවටයන්,යුද ජයග්‍රහණයෙන් පසුව සුදු සළු පිලි හැඳගත් ක්ෂණික දෙශප්‍රේමීන් පමණක් නොව,ජනාධිපතිවරයා යුද්ධයට තල්ලු කලේ තමන් යැයි පුරසාරම් දොඩනා සමහරු පවා ත්‍රස්තවාදයට එරෙහි සටන ඉන්දීය මැදිහත්වීමකින් අතරමග බිඳ වැටේ යැයි සිතා තම දේශපාලන තීරණ වෙනස් කල පසුබිමක් තුල ලබා ගත් ජයග්‍රහණයක් බැවිනි )
යුද පෙරමුණේ පරාජය රටට හතුරු බලවේග යම් තිගැස්මකට ලක් කලත් අද වන විට එම තත්වය මග හරවාගනිමින් අලුත් අලුත් මනයන් ඔස්සේ තම සුපුරුදු ව්‍යාපෘති ඉදිරියට ගෙනයමින් සිටී.හමුදා නායකත්වයට හා දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වන්නේත් ඒ වෙනුවෙන් ඊනියා මාධ්‍ය නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය,ගැන බෙරිහන් දෙන්නේත් එබැවිනි.

නමුත් මේ සකලවිද කුමන්ත්‍රණ සහ කකුලෙන් ඇදීම් මැද වුවත් රට වෙනුවෙන් කෙලින් සිට ගැනීමට වෙර දරනා ජනාධිපතිවරයාගේ උත්සාහය ප්‍රසංශනීයය.යහ පාලනය ගැන වත්මන් පාලනයට එරෙහිව කොතරම් විවෙචන තිබුනත් ඒ සියල්ල ද්විතීක කාරණා සේ සලකා රටේ ආරක්ෂාව පිලිබඳ කාරණයේදී රජයේ ස්ථාවරය මහුතර ජාතිමාමක ජනයා මහ ඉහලින් අගය කරන්නේ එහි ඇති නිවරදි සහ විශ්වාසවන්ත භාවය නිසාය.කොටි කාලතුවක්කු යුද බිමේදී නිහඬ කිරීමන් පමනක් නොනැවතී ඒ සඳහා මූල්‍යමය සහ මතවාදීමය සහය පල කල සහ දැනටත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් අනවරතව හඹා යන්නේ ලැබූ ජයග්‍රහණය ස්ථාවර ජයක් බවට පත් කර ගැනීමේ අරමුණෙනි.ඉදිරියේදී ප්‍රභාකරන්ලා බිහි කල හැකි ගර්භාෂය විනාශ නොකලහොත් ,එයට සහය වන මාර්ග අවහිර නොකලහොත් ජාතියට නැවතත් ජීවිත ලක්ෂ ගනනින් වන්දි ගෙවීමට සිදු විය හැකි බැවිනි.

නමුත් මිලිබෑඩ්ගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වාත්,සරවනමුත්තු සිට සුනන්ද දේශප්‍රිය දක්වාත් චැනල් 4 සිට සිරස දක්වාත් මෙකී නොකී සියලු දේශද්‍රොහී බලවේග නා නා මාදිලියේ උපක්‍රම මගින් ලාංකික රාජ්‍යට එරෙහි ක්‍රියාමාර්ගවල නිරතව සිටී.සැමදා ලංකා රාජ්‍යට එරෙහි මතවාදයක සිටි මොවුන්ගේ දේශද්‍රෝහී නිරුවත බහුතර සමාජය අවශ්‍ය තරමටත් වඩා දැක ඇති නමුත් අද වන විට මෙම කල්ලියට අලුතින් තවත් සාමාජිකයෙක් සාමාජිකත්වය ගෙන ඇති බව පසුගිය කාලයේ සිදුවීම් දෙස විමසුම් ඇසින් බැලීමේදී පැහැදිලි වේ.අලුත් සාමාජිකයා වෙන කිසිවකු නොව ජනතා විමුක්ති පෙරමුණයි.

"තිස්‌සනායගම් කියන්නේ ලියපු කෙනෙක්‌. එත් ගැබිනි මවුවරු, අතදරුවන්, අරන්තලාවේ භික්‍ෂූන් වහන්සේ කපා කොටා මරා දාපු ත්‍රස්‌ත ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වූ අයට දෙන්නේ ඇමැති ධුර. දඬුවම් විඳිය යුත්තේ ලියපු කෙනාද... නැගෙනහිර ගම්මාන සුනු විසුනු කළ කෙනාද යන්න ජනතාව තේරුම්ගත යුතුයි."
-අනුර කුමාර දිසානායක
-2009 සැප්තැම්බර් 06

මාධ්‍යවේදියකු යෑයි හඳුන්වා ගන්නා තිස්සානායගම් නමැත්තාව ත්‍රස්‌තවාදයට අනුබල දීමේ චෝදනා මත මෙරට අධිකරණය විසින් විසි වසරක සිරදඬුවමක්‌ නියම කිරීම ගැන මාධ්‍ය හමුවකදී අදහස් පල කල අනුර කුමාර දිසානායක මහතා පල කල අදහසත් මෑත යුගයේ ජවිප රට ඉදිරියේ රඟන අලුත් චරිතය දෙසත් විමසිල්ලේන් බැලූ විට පෙනීයන්නේ ජවිපෙ එදා සිටි ජාතික මතවාදයට හිතවත් බවෙන් පමණක් නොව රටට හිතවත් මතවාදයෙන්ද සීඝ්‍රයෙන් ඉවත් වෙමින් පවතින බවය.රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධානයක ඒජන්තයකු වූ තිස්සනායගම් නැමැත්තා සීඩා නම් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය නෝත් ඊස්ටර්න් හැරල්ඩ් නම් සඟරාවක පල කල අදහසක් මූලික කරගෙන නඩු විභාගයකට මුහුණ දී වර්ගවාදී අදහස් පල කිරීමේ සහ ත්‍රස් සංවිධානයකින් මූල්‍ය සහයෝගය ලබා ගත්තේ යැයි නැගුනු චෝදනාවකට පසුගියදා අධිකරණය විසින් විසි වසරක සිර දඬුවමකට ලක් කිරීම ජවිපෙ එලෙස අර්ථ ගන්වා තිබිණ.

එදා ත්‍රස්තවාදය වෙනුවෙන් මතවාදීමය සහය පල කල ඊනියා මධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නිසි ලෙස හඳුනාගත් ජවිපෙ ට ද වන විට ත්‍රස්තවාදය වෙනුවෙන් ලිවීම වරදක් නොවේ යැයි කියන තැනට පත් වීම හඳුනා ගත යුත්තේ කෙසේද?ඒ සමගම මේ දේශද්‍රෝහීන් වෙනුවෙන් විජාතික බලවේග සමග එක පෙලට සිට උස් හඬින් මොර දෙන්නට අතීතයේ රට වෙනුවෙන් කැපවූ පක්ෂයක් තල්ලු වූයේ කෙසේද?
"තිස්සනායගම් දුන් තීන්දුව නිසා අපි කලකිරීමට පත් වූයෙමු. මේ නඩුව පිළිබඳ අපි තවදුරටත් අවධානය යොමු කරන්නෙමු"
- ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක රොබඩ් වුඩ්.

මේ අධිරාජ්‍යවාදී බලවේගවල හඬ සමග සමපාත වීමට තරම් ජවිපෙ පීලි පැනීම ඔවුන්ගේ අවසානය වේගවත් කරන්නක් පමණි.ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන හඬ පැලවත්ත ජවිපෙ පක්ෂ කාර්යාලයෙන් නිකුත් වන්නේ වෙන කිසිවක් නිසා නොව.මහින්ද රාජපක්ෂ පාලනය නිසා තම පක්ෂයට අත්වූ ලැජ්ජා සහගත ඉරණමේ වෛරය නිසාය.තමන් නොසිතූ පරිදි මහින්ද රාජපක්ෂ මහතා ජාතිකත්වයේ ප්‍රමුඛයා බවට පත් වීමත් ඒ සමගම තමන්ට තිබුනු දේශපාන පිලිගැනීම අහෝසි වීමේත් වාඩුව ගැනීම පිණිසය.

තිස්සනායගම්ට ලැබුනේ මහින්ද රාජපක්ෂ විසින් ලබා දුන් රාජ නියෝගයක් නොව අධිකරණය (තමන්ට උතුර හා නැගෙන හිර පලාත් වෙන් කිරීමේ නියෝගය ලබා දුන් අධිකරණය ) විසින් ලබා දුන්නක් බව මේ ද්‍රෝහී සිඟාලයන් අමතක කරති.නැත්නම් ජනතාවගෙන් වසන් කරන්නට හදති.කරුණා අම්මාන් පාර්ලිමේන්තු එන්නේ කෙසේදැයි මේ අමනයන් ප්‍රශ්න කරති.ඇමති ධූර දරන්නේ කොටි සංවිධානයේ සන්නද්ධ නායක කරුණා අම්මාන් නොව කොටි ත්‍රස්තවාදයෙන් තීරණාත්මක බිඳුනු විනයාගමුර්ති මුරලිදරන් බවත් 89 ජීවිත දස දහස් ගනනින් ජාතියට අහිමි කල ජවිපෙ කාඩරවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේත් මුරලිදරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේත් එම පදනමින් බවත් සිඟාලයන්ගේ දැනගැනීම පිණිස පමනක් සඳහන් කරමු.

මහින්ද රාජපක්ෂ සමග ඇති වෛරයට වාඩුව ගැනීම පිණිස ශ්‍රී ලංකා රාජ්‍යට එරෙහි වීමේ විපාක
පසුගිය මැතිවරණවලදී මෙන් නොව ඉදිරි මහ මැතිවරණයේදී ලබන්නට නියමිත අවසන් තීරණාත්මක පරාජයත් සමගවත් අවබෝධ වීමට ජවිපෙට ඉඩ ඇතත් එම තීරණයේ බලපෑම දෙශප්‍රේමී මාවතට තවදුරටත් ආලෝකයක් හෝ අඳුරක් වීමට තරම් ශක්තියක් නොමැති බව පැහැදිලිය.

- කැලුම් නිරංජන

7 comments:

  • September 21, 2009 at 9:33 AM

    liyapu article ekak saha policiyata dunna (pasuwa thamanma prathikshepa kala papochcharanayak )matha padanam wela kenekwa awurudu 20k barapathala weda ekka hireta dana eka saadaranai kiyalada kiyanne?
    meka koi peththen beluwath asadarana theenduwak.victim eka sinhala unath demala unath eyage deshapalane mokak unath asadaraneta asadarane kiyanna kondak thiyenna oni.
    ehema nethi unta kiyanne deshapalana napunsakayo kiyala.

  • September 21, 2009 at 1:54 PM

    ඕකට හරිම සරල උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ.අධිකරණය දීපු තීන්දුව දීල තියෙන්නේ දැනට පවතින නීතිමය තත්වය සලකා බලල.ඒක පිටත ඉඳන් සාධාරණද අසාධාරණද කියල තර්ක කරන එක තේරුමක් නැති වැඩක්.
    මෙය රාජ නියෝගයක් නම් අපිට සාධාරණද අසාධාරණද කියල වාද කරන්න පුලුවන්.නමුත් මෙය අධිකරණමය ක්‍රියාවක්.
    නීතිමය තත්වය මතත් මෙය අසාධාරණනම් කරන්නට ඇත්තේ බොරුවට බෙරිහන් දීම නොව එය අධිකරණය ඉදිරියේ පැහැදිලිව ඔප්පු කරන එකයි.
    ( පෞද්ගලික අදහස නම් ත්‍රස්තවාදයට අනුබලදෙන්නන් සියල්ලන්ටම මරණ දඬුවමෙන් මෙහා දඬුවමකින් වැඩක් නෑ )

  • September 21, 2009 at 2:00 PM

    අනිත් එක කොන්දක් තිබූ පමණින් එය ප්‍රමාණවත් වෙන්නේ නෑ.කොන්දක් සමග බුද්ධියකුත් තිබිය යුතුයි.මක් නිසාද යත් පිට කොන්දක් පමණක් නම් බූරුවෙකුට වුවත් තිබිය හැකි නිසයි .

  • This comment has been removed by the author.
  • September 26, 2009 at 12:46 AM

    theenduwa asadarana nam eka ratata ahenna kiyana eka "boruwata berihan deemak" wenne kohomei?eka boruwata berihan deemak neme sadarane wenuwen katha kireemak.
    thissanayagam bomba gehuwe ne ne.mathawada ekka happenna beriwa mathawaada mardanaya karanna rajya balaya yodawanne ekadipathiyo.eken penne anduwe deshapalana bankolothkama.
    mahinda rajata ehei kiyagena inna ayata liyanna puluwan.virudda una gaman eya thrasthawadiyek.okane dan soothraya.lanka eke journalistsla 3 denatath ella une thrasthawadi chodanane.
    oya nokiya kiyanne mahindata against hemotama daduwama marana dandane kiyala.thrasthawadayata paksha weema kiyana eka hena pulul sankalpayak.eka palal vidihata nirvachanaya karanna puluwan.
    ex- lanka eke 3 dena deniyaya maligawa gena article ekak karaddi kiwe eyala janadipathige gaman biman gena hoyamin thrasthawadeenta rukul dena lesa hesirenawa kiyala
    weda warjana karana kamkaruwanta kiwe meyala terroristlage agenda ekata rata asthawara karanawa kiyala
    madyawedinge olu paladdi madyawedin paarata bessa.unta kiwweth thrasthwadee uwamanawata rata aul karanawa kiyala.
    piyasiri goyyage sanskruthika ulela boka una.a gena vipakshe kiwama me yaka paththareta kiyala thibba vipakshe rate sanskruthika ulela hellu karala rata vanasana adirajyawadi+thrasthawadi kumanthraneta udaw karanawa kiyala.
    mehema giyoth machan raja thuma ado waathayak(padayak) ariyoth eka gadai kiyana ekatath thrasthwadi lebale gahai.
    me aththanomathika gamana ratata hoda nehe.meka janathadrohiy.deshadrohiy.
    eka gena katha karana eke warada mokakda?

  • September 27, 2009 at 12:22 AM

    ත්‍රස්තවාදයට පක්ෂ වීම කියන එක බොහොම පුළුල් පරාසයක තියෙන්න පුලුවන් වගේම ඔබ කතා කරන ඊනියා මාධ්‍ය නිදහස කියන කාරණයත් ඒ වගේම බොහොම පුළුල් පරාසයක තියෙන්න පුලුවන්.කොතරම් පුළුල් පරාසයක තිබුනත් ත්‍රස්තවාදය සාධාරණීකරනය කරන මාධ්‍ය භාවිතය තෝරා බේරා ගන්න එතරම් අපහසු කාරණයක් නෙවෙයි.

    ඔබ මා වැන්නන් අතරේ එය කොතරම් හොඳින් එය පැහැදිලි උනත් අවසානයේ අධිකරණයෙන් වැරදිකරුවකු වන්නට නම් එහි නීතිමය අවශ්‍යතා සපුරා ලිය යුතුයි.1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමයි ඔහුට එරෙහිව ක්‍රියා කරල තියෙන්න.ඔබ කිය අනෙක් කාරණය.එනම් ලංකා 'මාධ්‍යවේදීන්' සම්බන්ධ කාරණයෙදි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමකට පමණක් ලක් වෙන්නෙ එ පදනමින්.ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න නිමිත්තක් නොමැති නිසා.

    ත්‍රස්තවාදීන් කියන්නේ බෝම්බ ගහන උන් පමණක් කියන පටු සිතුවිල්ලෙ ඔබ ඉන්න බව පේන්නේ.ත්‍රස්තවාදය කියන්නේ යුද පෙරමුණ විතරක් නොවෙයි.තිස්සනායගම් වැන්නන් නිරූපනය කරන්නේ එහි මතවාදී පෙරමුණ.නමුත් ත්‍රස්තවාදයට නියමින් සහ අනියමින් සහය දෙන්නන් සියල්ලන් ත්‍රස්තවාදින් සේ සැලකීම අසාධාරණ නෑ.

    මාධ්‍ය ලේබලයට මුවා වුනත් මාධ්‍යවේදීන් කියන්නේ වන්දනීය වූ සුවිසේශී කොටසක් නෙවෙයි.රටේ අන් සියල්ලන්ටම බලපාන නීතිය මාධ්‍යවේදීන්ටත් පොදුයි.ඒ වගේම මාධ්‍යවේදියකුට ජාතික වගකීමක් තියෙනව.ඔහුට කිසිවිටෙක කුමන වර්ගයක හෝ ත්‍රස්ත ව්‍යාපාරයක සාධාරණීකරනය කරන්නේක් වෙන්න කිසිදු අයිතියක්‌ නැ.ත්‍රස්‌තවාදයට අනුබල දීම, අනුග්‍රහ දීම බරපතල ක්‍රියාවක්. නීතිය ඉදිරිපිට කෙරෙන නඩු විභාගයකින් වැරදිකරුවකු වන කවරකු පිළිබඳ වුවද කිසිවකුට අභියෝග කළ නොහැකියි. කල හැකි නම් එය අධිකරණයමය ලෙස පමණයි.අපරාධයක්‌ කළ බව තහවුරු වී ඇත්නම් එයට දෙන දඬුවම වැරැදි යෑයි කීමට මාධ්‍ය නිදහස භාවිත කිරීම ද සාධාරණ හා සදාචාරාත්මක නැ.

    අද වන විට කොතරම් මේ ගැන කතා කලත් ඔබ කියන අනෙත් කාරණයත් පදනම් විරහිතයි.එනම් රජයට එරෙහි සියල්ලන් ද්‍රෝහීන් වෙනව කියන කාරණය.සති අන්ත පුවත්පත් පෙරලා බැලුවොත් පැහැදිලි වෙයි එකේ ඇත්ත තත්වය.රජයටයේ ප්‍රතිපත්තිමය කාරණා නෙවෙයි, ජනාධිපතිවරයා ප්‍රමුඛ අතලොස්සකගේ පෞද්ගලික චරිත ඝාතන ඒ පුවත්පත් සහ පුවත් අඩවි වල ප්‍රධාන කාර්‍යභාරය.නමුත් එසේ වුනා කියල ඔවුන් දඬුකඳේ ගහල නෑ.(එහෙම කලොත් ඔවුන් වෙනුවෙන් අලුතින් සිපිරි ගෙවල් සිය ගනනක් අරින්න වෙයි ඉන්න තරමට )

    අනිත් එක ආණ්ඩුවේ අඩුපාඩු කොයි තරම් තියෙනවද කරනවනම් විවේචනය කරන්න.නමුත් බොහෝ දෙනා මාධ්‍ය නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඩොලර් උනන මාතෘකා පමණක් කරලියට ගෙන තමන්ගෙ මඩිය තර කර ගැනීම සහ අධිරාජ්‍යවාදි රටවල බල උවමනාව සමග සමපාත වීම සැබෑ ලෙසම රටට කරන හතුරු කමක්.

  • March 14, 2010 at 8:34 AM

    http://www.facebook.com/amalkalima?ref=profile#!/photo.php?pid=199521&id=1734830277