2011 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසූ රටේ දේශපාලන කරලියේ ඉහල තැන් කිහිපයක සහ තවත් කිහිප දෙනෙකු දැකිවිය හැකි අදහස් කිහිපයක් චන්දයට පෙර මෙලෙස අනුමාන කරමු.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා....

පලමුවත් මව්බිම..... දෙවනුවත් මව්බිම ....තෙවනුවත් මව්බිම....
මාතෘභූමියට ජය වේවා !!! "
යටිසිත :
මෙදා පර ලේසි උනෙ නෑ වැඩේ. කොහෙද මට විතරක් මේක කරන්න පුලුවන්ද.ඇමතිවරු හැට හුට හමාරක් හිටියට වැඩක් කරන්නේ කී දෙනාද.අම්මප මුන් ඔක්කොම ගෙදර යවන්න හිතෙනව වෙලාවකට මට.යන්තම් රනිල -සජිත දෙන්නගෙන් එකෙකුටවත් මට තරම් මිනිස්සුන්ට කිට්ටු වෙන්න බැරි එක වාසනාවට ගියා.....චන්ද ටිකක් අඩු වෙලා තියෙනව තමයි. ඒක එක අතකට සාධාරණයි.මිනිස්සුන්ට ප්රවශ්න.කමක් නෑ.බලමු ඉස්සරහට තව මොනවහරි කරන්න....ආයෙ චන්දයක් එන්නේ 2016 නේ
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා

යටිසිත :
රටේ ජනගහනයෙන් 30% ක් ආණ්ඩුවට දුන්න කිව්වට බලද්දි මට හම්බ වෙලා තියෙන්නේ 12% ක් විතර :(මේ මහින්දය ඉන්නකන් පුතෝ අපිට ගොඩ ඒමක් නෑ.මූ මහ පුදුම යකෙක්.මේ යකා වගේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න මටත් පුලුවන් උනා නම්.කරුමේ...කරුමේ... මගේ නොලැබීම :( කමක් නෑ.අපි හම්බන්තොටත් පරාද උනානේ.වෙලාවට එහෙම උනේ.නැත්නම් සජිත උඩුබුරන්න ගන්නව.යන්තම් මගේ විපක්ෂ නායක කම බේරගන්න පුලුවන් මෙදා පාරත්.
හම්බන්තොට ජනතාවට ස්තුතිවේවා !
හම්බන්තොට ජනතාවට ස්තුතිවේවා !
අමාත්‍ය විමල් වීරවංශ මහතා

අයාලේ දක්කපු ජනතා විමුක්ති පෙරමුනට මෙදා පාර තිබුනු එකත් නැති වීමෙන් පේන්නේ එම පක්ෂයෙ නායකයන් කැමැත්තෙන් දිනා ගන්නා පාරාජයේ තරමයි.මෙතෙක් හිමිව තිබූ නෙල්ලි කැලේ බුරියගේ භූමුකාවවත් මින් ඉදිරියට ඔවුන්ට අහිමියි...
මගේ අම්මේ තත්තේ ,සහොදරයා සහොදරිය ,අපි පොරොන්දු වෙනව ඔබට,රටේ දේශමාමක ජාතිමාමක ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අපගේ කැපවීම පෙරටත් වඩා දැඩිව අපි පෙන්නනව කියල.
මාතෘභූමියට ජය වේවා... මාතෘභූමියට ජය වේවා......
මාතෘභූමියට ජය වේවා......
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාමගේ අම්මේ තත්තේ ,සහොදරයා සහොදරිය ,අපි පොරොන්දු වෙනව ඔබට,රටේ දේශමාමක ජාතිමාමක ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අපගේ කැපවීම පෙරටත් වඩා දැඩිව අපි පෙන්නනව කියල.
මාතෘභූමියට ජය වේවා... මාතෘභූමියට ජය වේවා......
මාතෘභූමියට ජය වේවා......

අමාත්‍ය චම්පික රණවක මහතා...

මෙදා චන්දෙදි රටේ දේශමාමක ජාතිමාමක ජනයා විපක්ෂය විසින් ගෙන ගිය අභූත චෝදනා වලට රැහැනිව හොස් තමන්ගේ චන්දය පල කරල තියෙනව.මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව රට පංච මහා කේන්ද්‍රය කිරීමේ යෝධ වැඩපිලිවෙලට මෙමගින් ලැබෙන්නේ ලොකු හයියක්.මේ ජයග්‍රණය කරල තියෙන්නේ ජාතික බලවේගය.එදා අපි සිහළ උරුමය හරහා පෙරට ගත් ජාතික ව්‍යාපාරයේ හයියෙන් තමයි මෙ ජයග්‍රණය රටට ලැබෙන්නෙ.
අපි විදුලිබල මණ්ඩලය හරහා පෙන්නුම් කරල තියෙනව පාඩු ලැබූ රාජ්‍ය ආයතන ගොඩ ගන්නෙ කොහොමද කියල.මේ පරාජය අදිරාජ්‍යවාදී ඒජන්තය වෙච්ච රනිල්ගේ විතරක් නෙවෙයි බොල්ෂෙවික් පක්ෂ වල අවතාර වලටත් ජනතාවගෙන් එල්ල වුනු අතුල් පහරක් කියල කියන්න කැමතියි.
තවදුරරත් මේ ඉතුරු බිතුරු වලට ජාතික දේශපාලනයේ කාර්යකභාරයක් නෑ..
අපි මෙරට දෙශමාමක ජාතිමාමක දෙශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් අපි සමග රැඳෙන්න.අපි මේ රට ආසියාවේ ආශ්චර්‍ය බවට පත් කරනව නුදුරේදිම.
අපි විදුලිබල මණ්ඩලය හරහා පෙන්නුම් කරල තියෙනව පාඩු ලැබූ රාජ්‍ය ආයතන ගොඩ ගන්නෙ කොහොමද කියල.මේ පරාජය අදිරාජ්‍යවාදී ඒජන්තය වෙච්ච රනිල්ගේ විතරක් නෙවෙයි බොල්ෂෙවික් පක්ෂ වල අවතාර වලටත් ජනතාවගෙන් එල්ල වුනු අතුල් පහරක් කියල කියන්න කැමතියි.
තවදුරරත් මේ ඉතුරු බිතුරු වලට ජාතික දේශපාලනයේ කාර්යකභාරයක් නෑ..
අපි මෙරට දෙශමාමක ජාතිමාමක දෙශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලන්නේ ඉදිරියටත් අපි සමග රැඳෙන්න.අපි මේ රට ආසියාවේ ආශ්චර්‍ය බවට පත් කරනව නුදුරේදිම.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා.

නමුත් අපිට අපි ලබපු චන්ද ප්‍රමානයේ අඩු වීමක් තිබුනත් අපිට ඒ ගැන දුකක් නෑ.අපිට තියෙන්නේ සතුටක්.බත් පැකට් එකට,රුපියල් සීයට ලැබුනු චන්ද නෙවෙයි ඒවා.ඒව පිරිසිදු චන්ද.
අපිට චන්ද අඩු වුනාට එක අපේ පසුබෑමක් කියල කියන්න බෑ.ඒක ජනතාවගේ නොලැබීම.
නමුත් අනිත් අතින් ආණ්ඩුවට ලැබුනු චන්ද ප්‍රමානයත් අඩු වීමෙ න් පෙන්නුම් කරන්නෙ කුමක්ද?ඔවුන් ජනතාව අතරින් ප්‍රතික්ෂෙප වෙලා කියන එකයි.
අපි මේ රටේ දෙශප්‍රේමී ජනතාවට සහතික වෙනවා සරත් ෆොන්සේකා හිර කරගෙන KP රජ ගෙදර තියා ගෙන ඉන්න මේ එ කා ධිපති වියරු දූෂිත අකාර්යක්ෂම පවුල් පාලනය නුදුරේදීම ගෙදර යවල සෑම දෙනටම සමාන අයිතිවාසිකම් ලැබෙන සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්න කැප වෙනව කියල.
සජිත් ප්‍රේමදාස මහතා...

මේ චන්දෙදි අපි පෙන්නුම් කල හම්බන්තොට එදා මගේ පියානන් සිටියදී ලබා ගත් චන්ද ගනනම මෙදා පාරත් අපි අරන් තියෙන්ව කියල.ජන්දය පැරදුනත් එමගින් ජනතාව පෙන්නුම් කරන්නේ ප්‍රේමදාස යුගයක් ඇති වෙනවට ජනතාවගේ තියෙන කැමැත්තයි.අපි අප්‍රේල් 12 වෙනිදයින් පස්සේ මේ අපේ පක්ෂය ටයි කෝට් කාරයන්ගෙන් මුදවගෙන සැබෑ ජන දුක හඳුනන ගමේ ගොඩේ පොඩි මිනිහගේ හැඟීම් තේරෙන,රෙද්ද බැනියම අඳින ,බිම් මට්ටමේ ගම් මට්ටමේ ජනයා නගා සිටුවන නැවතත් පොඩි මිනිහ ගැන හිතන ප්‍රේමදාස යුගයක් නැවත බිහි කරනව කියල මම පොරොන්දු වෙනව අම්මේ තත්තේ.
-රිපෝටර් කොලුවා
බොහොම අපූරුයි...
ela kiri!!!