Monday, October 12, 2009

දේශමාමකයිනි කාලෝ අයන්තේ. . . . .

2 comments
දකුණු පළාත් සභා ඡන්දයෙන්ද පෙරදී කියූ පරුදිම ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස ට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වෙමින් නිමා විය.පරාජයට හෙතු සොයන්නෝ එය සුපුරුදු පරුදි සමාජයට විහිළු සපයමින් සිටීති.2/3 බලයක් හිමිවුවත් තමන් මැතිවරණ වේදිකාවේ කියූ පරිදි 80% ඉලක්කයට යා නොහැකි වූ බැවින් මෙය ජනාධිපතිවරයා ලද බරපතල පරාජයකැයි 25% චන්ද ප්‍රතිශතය යාන්තමින් ඉක්මවා ගියා වූ එජාපය සහ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරයෙකුගෙන් පමණක් ප්‍රීතිවන්නට සිදුවූ ජවිපෙත් වේදිකා දෙකක සිට වුවත් එකම ස්වරයෙන් මරළතෝනි දෙන්නට පටන් ගෙන තිබේ.ඒ අතර...

Thursday, October 8, 2009

ඡන්දය කාටද?

3 comments
ගෙවී යමින් පවතින්නේ දකුණු පළාත් සභා මැතිවරණයේ එකොළොස්වෙනි හෝරාවයි.මාස දෙකක් පමණ කාලයක් පුරාවට විටෙක ත්‍රාසයද විටෙක භීතියද තවත් විටෙක හාස්‍යද මතු කරමින් ඇදී ආ නාටකය අවසන් ජවනිකාවට ලං වෙමින් තිබේ. නැගෙනහිරින් ඇරඹී උතුරු මැද,සබරගමුව,වයඹ,මධ්‍යම,බස්නාහිර හා ඌව දක්වා මැතිවරණ 7හිම ජය එජනිස ට හිමි වූයේ කලින් කියා ඇති පරිදිම තනි අශ්වයාගේ තරඟයකිනි.තරඟයක් දෙන්නට තබා මැතිවරණ උණුසුමක් මවන්නට වත් මේ පළාත්වලදී එජාප - ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම්වලට මෙම පළාත් වලදී වරම් අහිමි විය.එය පිළිබිඹු කරමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන්නටත්...