Saturday, February 18, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට III (අද දසුන් ඔස්සේ යුධ සමයට අතීතාවර්ජනයක් )

4 comments
[අවසන් කොටස ] 
අද පරන්තන් , ධර්මපුරම් ,විශ්වමඩු ,පුදුකුඩුඉරිප්පු හරහා අවසන් සටන් බිමට...
පුදුමාතලන් , වෙල්ලාමුල්ලිවයික්කාල්,අම්පලවන්කොක්කනේ ,කරයාමුලිවයික්කාල්,නන්දිකඩාල්...


අද අපේ ආවරණ කලාපය..
නාවක්කුලු රජයේ ආහාර ගබඩාව

චාවකච්චේරිය බස් නැවතුම..

සිසු නේවාසිකාගාරය
යාපනය විශ්ව විද්‍යාලය


යාපනයටම උරුම දුම්කොල වගාව

උතුර දකුණ මාරුවන්නට නොව - උතුරු දකුණ එක් කරන්නට...
දුරකතන සම්ප්‍රේෂණ කුළුණ :
චාවකච්චේරිය


යෝජිත චාවකච්චේරිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල...

යුධ හමුදා සුබසාධක අලෙවි සැල
ඉයක්කච්චි...






සදා මහ විරුවෙකි ඔබ ...


1991 ජූලි මස 14 දින අලිමංකඩ යුද හමුදා කඳවුර අත්පත් කර ගැනීමට කොටි ත්‍රස්තයන් විශේශයෙන් වෙඩි නොවදින ලෙස සැකසූ පුපුරණ ද්‍රව්‍යවලින් පුරවන ලද බුල්ඩෝසරයක් යුද ටැංකියක් ලෙස සකසා අලිමංකඩ යුද හමුදා කඳවුර වෙත පදවාගෙන ආවේය.ඒ අලිමංකඩ අල්ලාගැනීමේ මෙහෙයුමේ ආරම්භයක් ලෙසය.ඒ මොහොතේ කඳවුරේ රාජකාරියේ සිටි ගාමිණී කුලරත්න රණවිරුවා ක්ෂණිකව අනතුර වටහා ගෙන බෝම්බ දෙකක් දෑතින් රැගෙන කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි පහරකාගෙන බුල්ඩෝසරය වෙත දිවගොස් එහි එල්ලී දෑතේ වූ බෝම්බ දෙක පුපුරවා හැර තම ජීවිතය පූජා කරමින් ත්‍රස්ත ආගමනය වැලැක්වීය.ඔහුගේ මෙම වීර ක්‍රියාව නිසා යුද හමුදා සෙබළුන් රැසකගේ ජීවිත මෙන්ම අලිමංකඩ හමුදා කඳවුරද රැක ගැනීමට හමුදාවන්ට හැකි විය.‘අලිමංකඩ’ යුද හමුදා කඳවුර 2000 වසරේ අප්‍රේල් 20 වන දින කොටි ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගත් නමුත් 2009 ජනවාරි 09 වන දින නැවතත් යුද හමුදාව විසින් අලිමංකඩ තම බලයට නතු කර ගැනීමට සමත් වූහ.
ඔහු වෙනුවෙන් ගැයුනු ගීයක්...
හසලක ගාමිණී ගැන සටහනක්...
ආඩම්බර  සිහිවටනය...
හසලක ගාමිණී  විරුවා නිෂ්ක්‍රීය කල ත්‍රස්ත යුධ ටැංකිය.
අලිමංකඩ


අලිමංකඩ රණවිරු ස්මාරකය
අලිමංකඩ , යාපනය අර්ධද්වීපයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුවයි.යාපනයේ දොරටුව වුවද අලිමංකඩ සිට පච්චිලෙයිපලෙයි දක්වා ම අයත් වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයටයි.අලිමංකඩ කොටි ග්‍රහණයෙන් මුදාගත් හමුදා සේනාංක උතුරු සහ දකුණු දෙසින් පැමිණ එකට එක්‌වූ රණබිම අසල මෙම රණවිරු ස්මාරකය ඉදි කර තිබේ.පරන්තන් ප්‍රදේශයේ බලය අල්ලා ගත් යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඒ 9 මාර්ගය ඔස්සේ උතුරින් පිහිටි අලිමංකඩ දෙසටත් මුහමාලෙයි සහ කිලාලි ප්‍රදේශවලින් මෙහෙයුම් ආරම්භ කළ 53වැනි සහ 55වැනි සේනාංක පහළින් පිහිටි අලිමංකඩට දෙසටත්  මෙහෙයුම් දියත් කරමින් යාපනය මහනුවර ඒ 09 මාර්ගයේ ඉහළින් සහ පහළින් ජයග්‍රාහී ඉදිරි ගමන් අරඹා 2009 වසරේ ජනවාරි 09 වැනිදා එකිනෙකා හමු වූයේ මෙහිදී.
අලිමංකඩ  ජයග්‍රහණය එදා මාධ්‍ය වාර්ථා කල අයුරු.
ගමනේ ගිම් නිවූ අවන් හල...
යුධ හමුදා සුබසාධක අවන්හල

ජනාකීර්ණ නොවූ අලිමංකඩ සිට කිලිනොච්චි දක්වා ගමන් මග තුල ගමන් කරන්නන්ට ආහාර පාන සපයා ගැනීමට ඇති ස්ථාන අතලොස්සකි.එයිනුත් මේ යුධ හමුදා සුභ සාධක අවන් හල් ජාලය විශේෂිතය.උතුරේ සාමාන්‍ය ජනජීවිතය සම්පූර්ණ යථා තත්වයට පත් වී ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ වන තෙක් මෙම සුබසාධන අවන්හල් ජාලය මේ පෙදෙස් පසු කර යන්නන්ට මහත් අස්වැසිල්ලක් වේවි.දැනටමත් සාමාන්‍ය තත්වයට පත් වෙමින් ඇති කිලිනොච්චියේ තිබූ යුධ හමුදා 'ජන අවන් හල' ඉවත් කර ඒ වෙනුවට සාමාන්‍ය ජනයාට අවස්ථාව හිමි වෙලා.හැබැයි හමුදා සෙබළු නම් පැවසුවේ මේ අවන්හල ඉවත් කිරීම පිටුපස සිට දකුණෙන් ගිය දේශපාලන කොටසක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයද හඬ නැගූ බවයි.


පරන්තන් -තුම්මන්හන්දිය
කිලිනොච්චි - මුලතිව් - යාපනය

පුනරීන් – පරන්තන් (B 69) මාර්ගය සහ පරන්තන් – මුලතිව් පාර (A – 35)  සහ A – 9 මාර්ගය සම්බන්ධ වන්නේ පරන්තන් හන්දියෙනි.යුද හමුදාව 2009 ජනවාරි 01 අලුයම පරන්තන් නගරයේ බලය තහවුරු කර ගැනීමත් සමඟම කොටි ත‍්‍රස්තවාදීන්ට මුලතිව් සිට අලිමංකඩ, කිලාලි සහ මුහමාලෙහි ප‍්‍රදේශයට යෑමට තිබූ එකම ගොඩබිම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර විය.මේ නිසා හමුදාවට මුහමාලෙයි සහ අලිමංකඩ ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමටද මෙම ජයග්‍රහණය තීරණාත්මක ලෙස වැදගත් විය.පරන්තන් හමුදාගේ ග්‍රහණයෙන් මිදුනේ 1999 වසරේදීය.
පරන්තන් අල්ලා ගැනීම එදා මාධ්‍ය වාර්ථා කල අයුරු.

එදා බිම් බෝම්බ පැල කල බිමේන් අද රන් අස්වනු
පරන්තන් මුලතිව් මග දෙපස

යටිතල පහසුකම් අත්‍යවශ්‍ය මිනිසුන්...
යලි ඉදිවෙමින් පවතින පරන්තන් මුලතිව් මාර්ගය


යලි ඉදිවෙමින් පවතින පරන්තන් මුලතිව් මාර්ගය

එදා ගිනි අවි හුරු දෑත් අද ජීවන යුද්ධයට සැරසී...
අස්වනු නෙලූ ධර්මපුරම් වැසියන්...

පරන්තන් අල්ලා ගැනීමෙන් පසු 58 වැනි සේනාංකයේ සෙබලු 2009 ජනවාරි 15 ධර්මපුරම් ගම්මානයේ බලය සම්පූර්ණයෙන් තහවුරු කර ගත්හ.සිවිල් වැසියන් මුදවා ගැනීමේ මෙහෙයුමේ ජනතාව හමුදාව වෙත පැමිණීම අරම්භ වන්නේ මෙයත් සමගයි.
හමුදාව ධර්මපුරම් බලය තහවුරුකරගත් පුවත එදා වාර්ථා කල අයුරු

එදා නොනැවතී ගුවන් ප්‍රහාර පතිත වූ බිමට ඉඳ හිට හෝ බස් රථයක්
-
විශ්වමඩු මංසන්ධිය


ධර්මපුරම් බලය තහවුරුකරගත් හමුදාවෝ එදා ඉන්පසු පැමිණියේ විෂ්වමඩු වෙතයි.ප්‍රබල එල්ටී ටී ඊ නායකයන් රැසකගේ නිවහන් පිහිටි විශ්වමඩු වෙත එකල ගුවන් ප්‍රහාර එල්ල වූ තරම් කොතරම්ද.2009 ජනවාරි 29 විශ්වමඩු වල පරාජය විඳ ගන්නට එල් ටී ටීයට සිදු වුනා.58 වන සේනාංකය විශ්වමඩු අල්ලාගත් පුවත.
මේ එල්ටීටීය දන ගැස්සූ ගුවන් මෙහෙයුම් පිළිබඳ සටහනක්

දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්...
කොටි සිහින රාජ්‍යයේ 'ද්‍රෝහීන්' ට දඬුවම්
කොටි සිර කඳවුර - විශ්වමඩු



මරාගෙන මැරෙමු ....
අත් හදා බලමින් තිබූ මරාගෙන මැරෙන යාත්‍රා...

පරන්තන් සිට මුලතිව් පාරේ විශ්වමඩුවලින් දකුණට හැරී වනාන්තරබද ප්‍රදේශයක් හරහා 4 Km පමණ ගිය කල කොටි සිට මැදිරි සංකීර්ණයකින් යුත් කඳවුරු බිම හමුවේ. මෙය  වානම්පඩි ගම්මානයයි.මෙහි විශාල සිර මැදිරි හයක් සහ කුඩා සිර මැදිරි හැටකින් යුක්ත අතර මේ සමගම කොටි පුහුණු කඳවුරක්ද මෙහි පිහිටා ඇත.විශාල කුටිවල සිරකරුවන් කාණ්ඩ වශයෙනුත් අනිත් ඒවායේ තනි පුද්ගලයන් රදවා තබා ඇත.ඉතා ම ශක්තිමත් කොන්ක්‍රීට් සහ යකඩ යොදවා නිමවා ඇති මේ තනි මැදිරි තුල වැසිකිළියක් සහ වතුර ජල කරාමයක් ඇත.මෙම  සිර මැදිරි සංකීර්ණය කොටි බුද්ධි අංශ නායකයා වූ පොට්ටු අම්මාන් විසින් 2004දී විවෘත්ත කර ඇත.අනිකුත් ප්‍රදේහවලින් හමු වූ සිර කඳවුරු සමග සැසඳීමේදී මේවා තරමක් පහසුකම් වලින් යුක්ත ඒවා බව පෙනේ.විදෙස් නියෝජිතයන් රැවටීමේ අරමුණින් කොටින් මෙය පාවිච්චි කරන්නට ඇතැයි හමුදාව විශ්වාස කරයි.
අද එහි හමුදා කඳවුරකි.
මෙම කඳවුරු බිම අල්ලා ගැනීම එදා මාධ්‍ය වාර්ථා කල අයුරු.

'ක්‍රිෂ්ණ දෙවිඳුන්' විෂ්ණු දෙවිඳුන්ට පිටුපෑවේද?
කොටි කඳවුරු තුල කෝවිල් වෙනුවට පල්ලි..


මේ ඉහතින් සඳහන් කල කඳවුරු බිම තුල දුටු දසුනක්.හින්දූන් 'ක්‍රිෂ්ණ' දෙවියන් ලෙස වරක හැඳින්වූ ප්‍රභාකරන් හින්දු කෝවිල් වෙනුවට තම කඳවුරු බිම් වල පවා ක්‍රිස්තියානි පල්ලි ඉදිකලේ ඇයි?එය ආගමික සහජීවනය නම් විය නොහැක.

කොටි වියරු සිහින්යේ නාමයෙන් විනාශ වූ සම්පත් - විශ්වමඩු

කොටි වියරු සිහින්යේ නාමයෙන් විනාශ වූ සම්පත් - විශ්වමඩු


කොටි නායකයින් 'පිනුම් ගැසූ' ගම් පෙදෙස...
පුදුකුඩුඉරිප්පුවට සාදරයෙන්..
.




ප්‍රභාකරන් අවසන් වරට නිවසක කියා සිටි ස්ථානයයි මේ.මින් පසු අවසන් සටනේ අවසන් අදියර එලඹි හෙයින් ඔහුට මෙවැනි ස්ථිර වාසස්ථානයක සෙවන අහිමි වුනා.අඩි 40ක් පමණ මතුපිට පස් ආවරණයක් යට පොළව යටට  වන්නට මෙම තුන් මහල් ආරක්ෂිත නිවහන හමු වේ.විශ්වමඩු පිරමන්තන්හි පිහිටි මෙම භූගත බංකරය තුල ප්‍රභාකරන්ගේ නිදන කාමරය සහ කාර්‍යාල කාමරය පිහිටා තිබිණි.නිදන කාමරයේ ඔහුගේ සයනය මෙන්ම අවසන් වරට භවිතා කලා යැයි සැක කෙරෙන ගිනි අවියද දමා ගොස් තිබුණි.අඩි 4ක් පමණ ගනකම් කොංක්‍රීට් වලින් සකසා තිබූ බංකරය දැඩි වෙඩි බලයකට පවා ඔරොත්තු දීමට හැකියි.58 වන සේනාංක්යේ බට පිරිස් විසින් 2009 පෙබරවාරි මුල් සතියේ මෙම ස්ථානය තම ග්‍රහනයට ගත්ත්හ.
කොටි බංකරය පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

"පළමුව ආරක්ෂාව"
භූගත බංකරයේ ඇතුලින් පමණක් අගුලු ලිය හැකි වෙඩි නොවදින යකඩ දොර...
අනුන්ගේ හුස්ම හිර කරන්නට තමන්ගේ හුස්ම රැක ගැනීම...
භූගත බංකරයට ඔක්සිජන් සැපයූ සිලින්ඩරය...

රට ගින්නේ හෙලන්නට සැලසුම් සැකසීමට විඳි සිසිලස..
භූගත බංකරය තුල වායු සමීකරණය

තනි නොතනියට පුහු කොටියෙක්...
මහ කොටියාගේ සයනය අසල ඇති කොටි අනුරුව


දියවැඩියාවෙන් නම් ගැලවුනා.ඒත්......
භූගත බංකරය තුල ප්‍රභාකරන්ගේ සයනය සහ දියවැඩියා බෙහෙත් දමන උපකරණය

රට වැනසූ සැලසුම් හැදූ  කාර්යාලය..
භූගත බංකරය තුල ප්‍රභාකරන්ගේ කාර්‍යාල කාමරය....




පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී ?
අන් දරුවන්ගේ කෙසේ වෙහත් තමන්ගේ දරුවන්ගේ සතුට පිණිස....
-කුඩා කල චාර්ල්ස් ඇන්තනී භාවිතා කල සෙල්ලම් රථය
























































































































                                       අන් දරුවන් අතට තුවක්කුව  හා බෙල්ලේ සයිනයිඩ් කරල එල්ලූ ප්‍රභාකරන් තම දරුවන් දුව ද්වාරකා සහ පුත් චාර්ල්ස් ඇන්තනී ඇති දැඩි කල අයුරු.
මහ කොටියා විසූ නිවසක්..


නූලෙන් වැරදී ගිය ගුවන් ඉලක්කය...
මහ කොටියාගේ නිවසේ වැට අසලට එල්ල කල නූලෙන් ඉලක්කය වැරදී ගිය
ගුවන් ප්‍රහාර දෙකක සලකුණු....

කොටි නිවහන අසල ගොවිතැන...
මහ කොටියාට ආහාර සැපයූවේ මෙහි සිටද?
කොටි නිවහන අසල ගොවිතැන...

වෙඩි හඬ නිහඬය...
පුදුකුඩුඉරිප්පු මංසන්ධිය


පුදුකුඩුඉරිප්පු එල්ටීටීඊ අව්සන් බලකොටුවේ තීරණාත්මක සංධිස්ථානයයි.එල්ටීටීඊයේ බලය අවසාන සමයේ කේන්ද්‍රගතවී තිබුණේ මෙම ප්‍රදේශය තුලයි.සියලුම එල්ටීටීඊ නායකයන්ගේම පාහේ නිවහන් පිහිටියේ මෙම භූමිය කේන්ද්‍ර කරගෙනයි.2009 අප්‍රේල් 58 වන සේනාංකයේ බට පිරිස් විසින් එල්ටීටී වෙඩි බලය පරදා පුදුකුඩුඉරිප්පු බලය තහවුරු කර ගත්හ.මෙම සටන් වලදී එල්ටීටී නායකයන් රැසකගේ ජීවිතද අහිමි විය.ඒ අතර තීපන් රූබන්,නාගේශ් මෙන්ම කොටි නායකයාගේ හිටපු ශරීරාක්ෂකයා වූ ගඩාෆිද සහ කොටි කාන්තා නායිකාවන් වූ දුර්ඝා සහ විදූෂා ද විය.
මේ ඒ පිළිබඳ එදා වාර්ථා කල අයුරු

කොටි මුරපොළ අද මග පෙන්වන්නට නිවහනක් වී..
පුදුකුඩුඉරිප්පු මංසන්ධියේ යුධ හමුදා තොරතුරු මධ්‍යස්ථානය.


නාන්න පමණක්ම නොවේ ...
මරාගෙන මැරෙන කොටින් පුහුණුකල සහ මහ කොටියා ගිමන් හල සිවිසල් නාන තටාකය
පුදුකුඩුඉරිප්පු...

මෙම නාන තටාකයක්ම නොවේ.මෙය එල්ටීටීඊ මාරාගෙන මැරෙන කොටින්ගේ පුහුණුවීම් සඳහාද යොදා ගෙන තිබේ.ජලය යට සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ජලය යට විශේෂ කවුළු සකසා තිබේ.ගුවනට නිරීක්ෂණය නොවන පරිදි වහලකින්ද සමන්විතව නිමවා තිබූ මෙය පුදුකුඩුඉරිප්පු ගණ වනන්තරය මැද පිහිටා ඇත.2009 පෙබරවාරි 25 වන දින 58 වන සේනාංකයේ බට පිරිස් විසින් මුදා ගත්හ.
වැඩි දුර තොරතුරු..

වෙඩි හඬට හුරු වූ සියොත් කැල මිනිස් කටහඬට බය වීද?
පුදුකුඩුඉරිප්පු - පුදුමාතලන් මාර්ගය...

වෙඩි හඬට හුරු වූ කලපු බිම...

අවසන් යුධ බිමේ බාධකය...
පුදුමාතලන් කොටි පස් බැම්ම....


අවසන් යුධ බිමේ බාධකය...
පුදුමාතලන් කොටි පස් බැම්ම....


ශ්‍රී ලාංකික යුධ ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයකි.පුදුමාතලන් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් ඉදිකර අවසන් පස් බැම්මයි මේ.හමුදාව විසින් සිවිල් වැසියන් සඳහා ප්‍රකාශයට පත් කල යුධ මුක්ත කලාපය ආවරණය වන පරිදි ඉදි කර තිබූ මෙය එල්ටීටීයේ අවසන් යුධ උපක්‍රමය විය.2009 අප්‍රේල් 20 අළුයම බිද දමා යුද මුක්ත කලාපයට ඇතුළුවීමට ආරක්ෂක හමුදා සමත් විය. මෙසේ ඇතුළුවූයේ ක්‍රියාන්විතයේ නිරත 58වන සේනාංකයේ භට පිරිස්ය. පස් බැම්ම බිද දමා සිවිල් වැසියන් හට ආරක්ෂිත මාර්ගයක් විවෘත කිරීමත් සමගම සිවිල් වැසියන් 35000 ක් පමණ හමුදාව වෙත පැමිණියහ.
මෙය ලෝකයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම වූ අතර මෙයින් ඉදිරියට ත්‍රස්ථවාදීන් අම්පලවන්පොක්කනෙයි,කරයාවෙල්ලිවයික්කාල්,වෙල්ලියාමුල්ලිවයික්කාල් සුළු බිම් කඩකට පමනක් කොටුවිය.
ත්‍රස්තයන් රකින්නට 'උස' මදි වූ දුකින්.?...
පුදුමාතලන් කොටි පස් බැම්ම....

පස් බැම්මබ ඔබ්බෙන් පුළුල් දර්ශනයක් සහිත හිස් බිම..
පුදුමාතලන් කොටි පස් බැම්ම....

රිහිරු හෙළු යුධ පිටිය..
අම්පලවන්පොක්කනෙයි..

උඩින් බැරිනම් යටින්....
කොටි සබ්මැරීන් අංගනය..

ත්‍රස්තයන්ට සබ්මැරීන් තාක්ෂණය ?
'සබ්මැරින්' තත්ව පරීක්ෂාවට ලක් කරන අංගනය....

අවසන් මොහොතේ මුහුදින් හෝ පැන යෑමේ අරමුණින් කොටින් විසින් ලහි ලහියේ දිය යටින් යන යානා අත් හදා බලා ඇත.මේ එවැනි යාත්‍රා තත්ව පරීක්ෂාවට ලක් කරන බිමකි.මෙම භූමියේ එවැනි යාත්‍රා කිහිපයක් නිමවෙමින් පැවතී ඇත.ෆාරා නැවෙන් කපා ගත් ලෝහමය ආවරණ යොදා මෙම තටාකය ඉදි කර ඇත.


පුදුමාතලන් - මුලතිව් මාර්ගය දිගේම..


වෙඩි හඬට හුරු වූවන්...
බිම් බෝම්බ ගැන සැලකිලිමත්වනු - කරයාමුල්ලිවයික්කාල්...
.

රූස්ස ගස් පවා වෙඩි බලය දරා ගත නොහැකිව
වෙල්ලියාමුල්ලිවයික්කාල්

වෙඩි බලයට යට වූ බිම්..
වෙල්ලියාමුල්ලිවයිකාල්

දුප්පතාගේ හිතවතා..
හිතවතා ඇත - දුප්පතා කොහිද?
දෙවියන් හැරගිය දෙවොල් බිම..
වෙල්ලියාමුල්ලිවයිකාල් හි විනාශ වී ගිය කෝවිලක්.



ත්‍රස්ත බලහත්කාරයද? විදෙස් ආධාරද?
ෆාරා 3 -සහල් නැවේ කතාව


මුහුදු කොටි බලය අවසන් කල තීරණාත්මක රණ බිමයි මේ.මුහුදුකරයෙන් 2/3 ක පමන විහිදී තිබූ කොටි නාවික බලය අවසන් වීමත් සමගම කොටි ත්‍රස්තයන්ගේ අවසන් හුස්ම හිරවිය.

කොටි මුහුදු බලය අවසන් කල අනුස්මරණීය බිම...



ෆාරා 3-සුවිසල් නැව

ෆාරා 3-සුවිසල් නැව
නිදහසේ හිරු නැගි බිමෙන් - සැඳෑ හිරු බැස යද්දී
නන්දිකඩාල්

අවසන් භෝජන සංග්‍රහය...
මහ කොටි අවසන් සංග්‍රහ බුක්ති වින්දි අවන්හල -
නන්දිකඩාල්

මහ කොටින් සඟවන්නට ඉඩ මදි වීද?
නන්දිකඩාල් කොටි භූගත බංකරයක්

දෙවියන් කොහිද?කොවිල් හංදිය
-මුලතිව් - චලෙ‍යි - පුදුකුඩුඉරිප්පු මාර්ග හමුවන තුම්මන්සල

සදා සමරමු විරු සොහොයුරෝ....
රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් වෙනුවෙන්...
නන්දිකඩාල් කලපුව අබියස


තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමට වසර දෙකකට  අධික කාලයක් තිස්සේ ඇදී ගිය අවසන් යුද්ධයේ තීරණාත්මක අවසන් අවස්ථාව උදා වූයේ මෙම භූමියේයි. එල්ටීටී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් කලේ මෙම භූමිය අසලයි.ත්‍රස්ත වියරුව නන්දිකඩාල්වල ගිල්වමින් උදා වූ දෙවන නිදහස් සටනේ අවසන් මොහොත

නිදහසේ හිරු නැගි බිමෙන් - සැඳෑ හිරු බැස යද්දී
නන්දිකඩාල්

ඡායාරූප අනුග්‍රහය:
කැලුම් , සුමිත්
 
පෙර සබැඳි පුවත්
පොල් රුප්පාවෙන් තල් රුප්පාවට I (අද කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්)
පොල් රුප්පාවෙන් තල් රුප්පාවටII (නාගදීපය,අරියාලේ,කීරමලේ,දඹකොළපටුන,කැෂුරිනා වෙරළ)
  
 -කැලුම් නිරංජන
2012-02-18 

4 comments: