Wednesday, November 25, 2009

මහින්ද දිනවිය යුත්තේ ඇයි?

10 comments

නාධිපතිවරණය වෙත දේශපාලන කරලියේ සියල්ලන්ගේම අවධානය යොමු වී තිබේ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පලමු නිල කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදී පල කල මෙම මැතිවරණය අද දවසේ දේශපාලනය ගැන අවදියෙන් සිටිනා බොහෝ දෙනාට පැහැදිලි කර ගත නොහැකි ගැටලු රාශියක් නිර්මාණය කරමින් සිටී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව ඉදිරිපත් වී ඇතත් විපක්ෂ අපේක්ෂකයා ගැන මේ වන විටත් තහවුරු වී නොමැත.නමුත් ඔහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව අද කිසිවකුටත් තවදුරටත් රහසක් නොවේ.

එහි පලමු වෙඩි මුරය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහාය පල කලේය.පසු ගිය සිව් වසරක මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුල ජනතා විමුක්ති පෙරමුණ එහි ඉතිහාසයේ ලැබූ දරුණුතම කඩා වැටීමට ලක් වීමේ වාඩුව මේ සමගම සම්පූර්ණ කර ගැනීම ජවිපෙ අභිප්‍රායයි.ජාතිකත්වයේ මගින් පීලි පැන්නවූ ජවිපෙට අද උරුම වී ඇත්තේ තමාගේ සදාදරණීය නායකයා පන පිටින් බොරැල්ල කනත්ත පෝරණුවේ පුච්චා දැමීමට සෘජුව අණ දුන් රනිල් වික්‍රමසිංහගේ අනවරත පරාජය නවතා ගැනීමට මුක්කුවක් වීමටය.එහිදී යලි කිසිදා එජාප පාලනයක් ඒමට ඉඩ දෙන්නේ නැතැයි සහතික වූ ජවිපෙ වත්මන් නායකයා නොහොත් ජවිපෙ බිහිකල හොඳම දේශපාලන න්‍යායාචර්‍යවරයාගේ මතයද පරාජය කිරීමට අද එහි සිටිනා අනුර-ටිල්වින් කල්ලිය සමත් වී තිබේ.
ස්ථාවර දේශපාලන යුගයකදී තමන්ගේ මුග්ධ දේශපාලනයට ඇති ඉඩ කඩ සීමිත බව ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටිනා ජවිපෙ අද කැස කවන්නේ කෙසේ හෝ දේශපාලන ස්ථාවරත්වය අහිමි වන තැනට වැඩ සලස්වන්නටය.ඔවුන්ගේ දේශපාලනයට ඉඩක් පවතින්නේ එම අස්ථාවරත්වය තුල පමණි.තවද මහින්දගේ ජාතිකත්ව ලැදියාවටද සෘජුව මුහුණ දී ගත නොහැකි ඔවුන් ඒ සඳහා පිලිතුරක් සොයා ගෙන තිබේ.එනම් තමාට අහිමි ජනතා කැමැත්ත පික් පොකට් ගැසීමටය.නැතහොත් මංකොල්ල කා ගැනීමටය.ඒ සඳහා සුදුසුම චරිතය ඔවුන්ට හමු වී ඇත.2006 දී තනිව තරඟ කර ලබා ගත් දොලොස් ලක්ෂයකට අධික චන්ද ප්‍රමාණය පසු ගිය පලාත්සභා මැතිවරණයේදී යන්තම් දෙලක්ෂය ඉක්මවා යාමට පමණක් සිදු වන තැනට කඩා වැට්ටුවේ මහින්දගේ ජනතාවාදී ගමනයි.ජවිපෙට හිමිව තිබූ සටන් පාට තවදුරටත් වලංගු වීමට ඉඩ නොතබූ ඒ මහින්ද යුගය ජවිපට තිත්ත වී තිබේ.තම පක්ෂය තීරණාත්මක ලෙස දෙකඩ වූයේද මේ මහින්දගේ දේශපාලන ගමනම බව ජවිපෙට රහසක් නොවේ.එබැවින් සිදු කල යුත්ත ජවිපේ තෝරා ගෙන තිබේ.එනම් රටට කුමක් වුවත් තම පක්ෂය තව දුරත් ජීවී තත්වයේ පවත්වාගැනීමට නම් මහින්ද පාලනය හමාර කල යුතුය.ඒ සඳහා තම දේශපාලන නායකයා ඇතුළු 60,000ක් තරුණයක් ඝාතනය කලේ යැයි තමන් විසින්ම චෝදනා කල එජාපය සමග එක ගේ කන්නට ජවිපෙ සියලු සදාචාරාත්මක සළු පිළි ඉවතලා දේශපාලනිකව නිරුවත් වී තිබේ.මෙතැන් සිට දිග හැරෙනු ඇත්තේ එම ලැජ්ජාසහගත දීගයේ හිරිකිත ජවනිකාය.තමන් විසින්ම රනිල් ප්‍රමුඛ එජාපයේ නලලේ කෙටූ දේශද්‍රෝහී හන තම හැඳ සිටින සරමම ඔසවා ජනතාවගෙන් වසන් කිරීමට ජවිපෙ නායකයන් කටයුතු කලහොත් පුදුම විය යුතු නැත.ඒ ඔවුන් අද පත්ව ඇති බංකොලොත්කමේ ප්‍රමණයයි.

එජාපයද 1994 සිට තමන් ලබන අවමන් සහගත පරාජය ආපසු හැරවීමට මගක් සොයමින් සිටින්නේ බොහෝ කලක සිටය.එතෙක් තමන් ලබමින් සිටි පරාජය මහින්ද රාජපක්ෂගේ ආගමනයෙන් තවත් තීව්‍ර විය.එහිදී ජයග්‍රහණය තමන්ට පෙනෙන මානයෙන්ද තවත් ඈතින් ඈතට ඇදී ගියේය.මහින්ද රාජපක්ෂ ත්‍රස්ත මර්දන සටනට නායකත්වය දුන් දා සිට එයට එරෙහි වීම රනිල් කල්ලිය සිදු කර ගත් බරපතලම දේශපාලන වැරැද්ද විය.කොටි පරාද වීම ලක් වැසි බහුතරයේ ඒකායන අරමුණ වුවත් මේ කේම්බ්‍රිජ් කල්ලියේ අරමුණ එයට සපුරා වෙනස් ස්ථාවරයක විය.මාවිලාරුවෙන් පටන් ගත් සටන මහින්දට කොයි මොහොතේ පරාජය අත් වේදැයි නොඉවසිල්ලෙන් බලා සිටියේ මෙම දේශද්‍රෝහී කල්ලියයි.එයට පැති සහාය (side support ) ජවිපෙ කම්කරු ,වතු වෘත්තීය සමිතිවලින් ලැබුනු බවද අමතක නොකල යුතුය.ජවිපෙ ප්‍රධනත්වයෙන් එකල මෙහෙයවූ අසාර්ථක වැඩ වැරීම් බොහෝ දෙනාට අද අමතක වී ඇත.ත්‍රස්ත මර්දන සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පොදු සතුරා බවට පත් කර ගත් මෙම එජාප නඩය ඉන් නොනැවතී යුද්දයේ හමුදා නායකත්වයද නිර්දය විවේචනයට ලක් කල අයුරු විවේචනයට ලක් වූවන්ට අද අමතක වුවත් දේශහිතෛෂී ජනයාට අමතක නැත.මක් නිසාද යත් ඔවුන් එදා සිදු කල පහර දීම් වල සෘජු බලපෑම එල්ල වන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට නොව මව් බිමේ ඉරණමට වන බැවිනි.ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය පික් පොකට් ගැසීමට අද වලි කන්නේ මෙම ද්‍රෝහීන් ය.

සරත් ෆොන්සේකා මහතා ඇමට දමා මේ අල්ලන්නට හදන්නේ බහුතර ජනයාගේ දේශමාමකත්වයයි.එය කිසිදා රනිල් වික්‍රමසිංහ යොදවා සිදු කර ගත නොහැකි බව සියල්ලන්ට ප්‍රත්යක්ෂ වී තිබේ.එබැවින් සරත් ෆොන්සේකා සහ රජය අතර ඇති වූ මත භේදය දඩමීමා කර ගනිමින් බොර දියේ මාලු බෑමට මේ කරනා නින්දා සහගත උත්සාහය දැනුවත් ප්‍රතිවිරෝධයකින් පරාජය කල යුතුය.

එකල දේශප්‍රේමීයකු වූ සරත් ෆොන්සේකා මහතා අද වන විට දේශදෝහියකු කර ඇත්දැයි සමහරෙක් තුල ප්‍රශ්නයක් පැන නැගිය හැක.දේශප්‍රේමී හෝ දේශද්‍රෝහී වන්නේ උපතින් රැකියාවෙන් හෝ තනතුරෙන් නොවේ.තමන් මාතෘභූමිය වෙනුවෙන් සිදු කරනා මෙහෙවරෙනි.එසේ බැලූ කල යුද හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා සුපිරිම ගනයේ දේශප්‍රේමීයෙක් විය.ඒ පිලිබඳ කිසිඳු විවාදයක් තිබිය නොහැක.නමුත් අද වන විට ඒ මහත තෝරා ගෙන ඇත්තේ තමන්ට උචිත පිල නොවේ.(ඒ මහතාගේ දේශපාලන මතය එජාපයට හිතැති එකක් විය හැක.).එහි සිටින්නේ ඒ මහතාම වරක් ප්‍රකාශ කල පරිදි මව්බිමේ ජයග්‍රහණය ගැන දුක් වන නිවටයන්ය.ත්‍රස්තයන් කරේ තබා ගෙන සිටි ද්‍රෝහීන්ය.තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් තම ඕනෑම දෙයක් පාවා දීමට හැකි ජුදාස්ලාය.මේ සිඟාලයන්ගේ සැබෑ අරමුණ සරත් ෆොන්සේකා රජ කරවීම නොව තමන්ට දිනා ගත නොහැකි බහුතර ජන මනස හමුදා ඇඳුම පෙන්නා දිනා ගැනීමට බව සරත් ෆොන්සේකා හැරුණු කල අන් සියලු දෙනාට වැටහෙන කාරණයකි.

දෙශද්‍රෝහී වන්නේ නම් ඒ මහින්ද රාජපක්ෂට එරෙහි වීම නිස නොව මව්බිමේ සතුරන් හා එක් වීම නිසාය.අනිත් අතින් මහින්ද රාජපක්ෂ සමග සිටිම පමනක් දේශප්‍රේමියකු වීමට සුදුසු කමක් නොවන බව කොටි ත්‍රස්තයන්ට උඩ ගෙඩි දුන් සහ දෙන ඵ් චන්ද්‍රසේකරන් වැනි ද්‍රෝහීන් ගැන සැලකීමේදී වටහා ගත හැක.දේශද්‍රෝහියෙකුට වුවද තම වැරැද්ද නිවරදි කර ගනිමින් මව්බිම වෙනුවෙන් කැප වේ නම් දේශප්‍රේමියකු විය හැකි බව විර කැප්පෙටිපොළ ජාතියට තහවුරු කර දී ඇත.එහි අනිත් පැත්තද එසේම බව අලුතෙන් කිව යුතු නොවේ.


මහින්ද විවේචනය කරන්නන්ගේ අනෙක් ප්‍රධාන විවේචනය නම් දූෂණය නාස්තිය සහ ඥාති සංග්‍රහය ගැන එල්ලවන චෝදනාය.මින් සමහරක් අතිශෝක්තියට නැගූ ඒවා වන නමුත් මහින්ද ජනාධිපතිවරයාගෙන් අපේක්ෂාකල ප්‍රගතියක් ඒ ක්ෂේස්ත්‍රවලදී අත් කරගෙන නොමැති බව පිලිගත යුතු සත්‍යකි.( නමුත් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙය පසුගිය රජයන් හා සසඳා කරනු ලබව විවේචනයක් නොවන බවය.අතිශෝක්තිය නැගූ පංගුව අත් හැරි කල පසු ගිය බොහෝ රජයන්ට වඩා වත්මන් පාලනය සුජාත විය හැක.නමුත් බහුතරය අපේක්ෂා කරන මට්ටම එය නොවේ)
එබැවින් ඉදිරියේදී බිහි කර ගන්නා තමන්ගේ රජයේදී මේ නාස්තිය හා දූෂණය මුලිනුපුටාදැමීමට මහින්ද රාජපක්ෂ මහතාට දනුවත් සක්‍රීය වැඩ කොටසක් කිරීමට සිදු වනු ඇත.එසේ වුවත් සරත් ෆොන්සේකා ඇමට යොදා බිහි කර ගැනීමට තැත් කරන රජයෙන් එය මේ තරමකින් හෝ ඉටු නොවන බව පැහැදිලි වන්නේ දින 180වකට වඩා අඩුවන පාලන කාලයකට මුහුණදී ධූරය අත් හැරීමට නියමිත ෆොන්සේකා පසුපස සහ ඉන් ඉදිරියට රජ කරන්නේ මීට වසර හයකට පමන පෙර රට සූරා කෑ ටයි කෝට් හැඳි චෞර රැලම වන බැවිනි.රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණමින් කොමිස් කෑ ඒ දෝහී අතීතය සරත් ෆොන්සේකාගේ නිල ඇඳුමෙන් වසන් කල නොහැක.


එබැවින් සිදු කල යුතු දේ සක් සුදක් සේ පැහැදිලිය.ජනතා ජයග්‍රහණය පික් පොකට් ගැසීමට සැරසෙන ද්‍රෝහීන් පරදවා බහුතර දේශමාමක ජනයා අපේක්ෂා කරන සමෘද්ධිමත් මාතෘ භූමියක් බිහි කර ගැනීමේ තීරණය නොපැකිළ ගැනීමය.මාතෘභූමිය එක් සේසත් කිරීමේ මාහැඟි කාර්‍යයට කෘත ගුණ සැලකීම සියල්ලන්ගේ අත් හල නොහැකි යුතුකමයි.සිදු කරනා හීන් නූල් සූත්තර සහ වියරු කුමන්ත්‍රණ පරදා මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට තරම් නිරවුල් අවබෝධයක් බහුතර දේශම්මාමක ජනයාට ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

-කැලුම් නිරංජන

10 comments:

  • November 26, 2009 at 7:50 AM

    ඉතිහාසය පුදුමාකාර විදිහට සරදම් කරනවා සහෝදරයා...

    1. අසරණ තරුනයෝ දහස් ගානක් මරපු unp එකත් එක්ක jvp එක එකතුවීම මොනතරම් සරදමක්ද?

    2.කොටින්ට කඩේ ගිය මනෝ,රවුෆ් එක්ක කරට අත දාගෙන එකට යන එක මොනතරම් සරදමක්ද?

    3.යුද්දේ කරන්න ඕන ගොනෙකුට පුලුවන් කියපු,බොරුවට යුද්ද කරනවා කියපු,හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු අයත් එක්ක එකට අත්වැල් බැදගන්න තරම් ජෙනරල්ට කොන්ද පන නැත්ද.....

    අවන්කවම හුගක් දුක හිතෙනවා.
    රටවෙනුවෙන් වැඩකරපු අයම අද මෙහෙම නන්නතාරවෙලා කරන වැඩවලට දුක හිතෙනවා

    අනිවාර්යෙන්ම මහින්ද මෙවර දිනනවා.මොකද කලගුන දන්න මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්න නිසා.......නිවට නොවී ඔවුන් තමන්ගෙ යුතුකම් ඉටු කරාවි.....

    ජය !

  • November 26, 2009 at 11:32 AM

    මෙච්ච‍්රකල් දේශප‍්රේමී කිය කිය හිටපු එක්කෙනා අනිත් පැත්තට ගිය ගමන් දේශද‍්රෝහී ක‍්රන ගුණමකුවන්ට කඩේ යන ඔබ ගැන ඇත්තෙන්ම දුක සිතේ. හමුදා නිලධාරියෙකු වශයෙන් සටන් විරාමයේදී සෙබලුන්ට මුහුණ දීමට සිදුවුණු සමහ‍්ර සිදුවීම් නිසා එයට විරුද්ධ මතයක් දැරුවත් සටන් විරාමය හා රනිල් වික‍්රමසිංහ අගමැති කාලය(93-94 හා 2001-2004) තුල හමුදාවෙහි සිදුවුණු සංවර්ධනය ගැන ඔහුගේ ඇති කැමැත්ත මෙම තීරන ගැණිමට ඔහුව පෙළඹෙව්වා විය හැකිය.
    අනෙක යුද්ධ්ය අවසන් වී ඇති මොහොතක රට සංවර්ධනය හා යහපත් විදෙස් සබදතා ඇති කල හැකි හොදම ප‍්රතිපත්තිය/දර්ශණය ලෙස එජාපය අනුගමනය ක‍්රන ප‍්රතිපත්තිය/දර්ශණය ඔහු වටහා ගත්තා විය හැකිය.
    එබැවින් යමක් කිරීමට හෝ කීමට පෙර ඔහුව දේශද‍්රෝහියෙක් කිරීමට කටයුතු ක‍්රන රාජපක්ශ රෙජීමයේ දේශප‍්රේමීත්වය පිලිබදව මහජනයා දෙව‍්රක් සිතිය යුතුය.

  • November 26, 2009 at 12:07 PM

    ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ කවුරුද http://web.graphics.lk වෙත පිවිස Votes කරන්න

  • November 26, 2009 at 1:16 PM
    ems :

    මහින්දගේ ‍ඇත්තේ ඊනියා දේශප්‍රේමීත්වයක් බව දැන් දැන් රටට හෙළි වෙමින් තිබේ.අද රණවිරු ස්මාරකයන් කඩා ඉවත් කරමින් එම ස්ථානවල මහින්ද-පමණයි කටවුට්ස් සවිකරමින් තිබේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11231

    රනිල් 2002 දී යුධ අධිකරණය සම්බන්ධයෙන් වූ ගිවිසුමට අත්සන් නොකළ නිසා අද කිසිවෙකු යුධ අධිකරණයට ගෙන යා නොහැක.එබැවින් ෆොන්සේකාට ද ආරක්ෂාව සැලසී තිබේ.අනෙක් අතට අදත් ෆොන්සේකාට ඉතිරිව ඇත්තේ එ.ජා.ප.යෙන් රණවිරුවන්ට දුන් ඉඩමක ඉදිවුණ නිවසකි.එ.ජා.ප.ය. රණවිරුවන්ට විරුද්ධ බවට අයි.ටී.එන්. හා උදේට හඩ්ඩා ගෙන යන ගුවන් විදුලි ප්‍රචාරයන් විශ්වාස කිරීමට තරම් අප බොළඳ විය යුතු නැත.ආණ්ඩුවේ කුමන හෝ අමන ක්‍රියාවකට විරුද්ධව කට ඇරිය විට ඔවුහු යුධ විරෝධී,රණවිරු විරෝධී ලෙස හඳුන්වන්නට ආණ්ඩුව කටයුතු කළේය.
    ජෙනරාල්ගේ ආගමනයෙන් ආණ්ඩුව තැති ගෙන තිබෙන බව නොරහසකි.කිසිදිනක අඩුකළ නොහැකියැයි කී බඩු මිල අඩුවන්නේත්,අයවැයක්වත් දී ගත නොහැකිව රණවිරු වැටුප් හා රාජ්‍ය සේවක දීමනා වැඩිවන්නේත් මේ නිසාය.ෆොන්සේකා බලයට එන්නත් පෙරම ජනතාවට සහන ලබා දෙන්නේ ඒ ආකාරයෙනි.තාම පටන් ගත්තා විතරය.
    තමා අවංක දේශප්‍රේමියෙකු නම්,මහින්ද මෙච්චරටම භය විය යුතු නැත.මොකද මහින්ද කලින්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට දැක්වූ හේතුද හාස්‍යජනකය.හදිසි ජනාධිපතිවරණයට හේතු වූයේ එය නම්,එදා සමුළුවේදී "මම පක්ෂෙන් අහල කියන්නම්" කියා මහින්ද පාක්ෂිකයාව අවමානයට ලක් කළ යුතු නැත.එවෙලේම ජනාධිපතිවරණය තීන්දු කළ හැකිව තිබුණි.

    ("ඔබට සුභ අනාගතයක් - මහින්ද රාජපක්ෂ"........? )

  • November 26, 2009 at 7:04 PM
  • November 28, 2009 at 7:59 AM

    මචන් යුද්දේ අන්තිම කොරන්න තියෙද්දිත් ඔය කාලකන්නි කොරාපුවා අපේ මිනිස්ස්න්ට මතකයි....ඔය මොංගල් මහත්වරු කතා කලේ කවුරු වෙනුවෙන්ද,පොංගු තමිල් වල ඊලම් වේදිකාවේ ගොඩ වෙලා අපේ හමුදාවට,රටට ද්‍රෝහි උනේ කවුද,කියලා,රනිල් මහතෑන්ගෙ ගිවිසුමේ බලේ තව ටිකක් කල් තිබුනා නම් අද අපිට මෙවා කියන්න වෙන්නේ නෑ,එහෙනම් ලංකාවම,ඊලම වෙන්න තිබුනානේ,,,,උන් ඒ කාලේ කොරාඅපුවා අපි දෑක්කානේ....දෑන් මේ විලිලෑජ්ජ නෑති කතා කියන්නේ මුන් අදොමුකයෙන් වත්ද?/

  • November 28, 2009 at 11:23 PM

    @නුවන්ස් ලේන්

    //පොංගු තමිල් වල ඊලම් වේදිකාවේ ගොඩ වෙලා අපේ හමුදාවට,රටට ද්‍රෝහි උනේ කවුද,කියලා//

    ඔවු එහෙම කලේ කවුද කියන්නකො බලන්න.චන්ද්‍රසේකරන් පොංගු තමිල් ගියා.දැන් උන්නැහේ කොහෙද?
    කරුනා අම්මාන් පොංගු තමිල් සංවිධානය කලා.දැන් උන්නැහේ කෝ?
    ජනාධිපති දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරන්ට කෙල හලනවද නැද්ද?
    කොටින්ට සපෝට් එක දුන්න පොරවල් විපක්සෙත් ඉන්නව.උඹලගෙ පැත්තෙත් ඉන්නව.විපක්සෙට ඇගිල්ල දිග් කරන කොට මචං ඇගිලි හතරක් උඹලගෙ පැත්තටත් එනවා.
    කොටි නායකයා මැරිල මාස 6ක් ගිහිනුත් උඹලට කොටි කියන වචනෙ නැතිව මුකුත් කියාගන්න බැහැනෙ.දේශපාලන වශයෙන් මචං උඹල පට්ට බංකොලොත්.
    අවතැන් කදුවුරුවල ත්‍රස්තවාදීන් ඉන්නෙ එයාලව නිදහස් කරන්න බැහැ කියලනෙ කිව්වෙ.දැන් එකපාරටම මොකද නිදහස් කරන්න යන්නේ?ත්‍රස්තවාදීන් සේරම හොයාගෙන ඉවරද?
    මහින්දට අන්ධ විදිහට පුක දෙන එක මිස උඹල දන්න දේශපාලනයක් නැහැ.

  • November 28, 2009 at 11:24 PM

    @නුවන්ස් ලේන්

    //පොංගු තමිල් වල ඊලම් වේදිකාවේ ගොඩ වෙලා අපේ හමුදාවට,රටට ද්‍රෝහි උනේ කවුද,කියලා//

    ඔවු එහෙම කලේ කවුද කියන්නකො බලන්න.චන්ද්‍රසේකරන් පොංගු තමිල් ගියා.දැන් උන්නැහේ කොහෙද?
    කරුනා අම්මාන් පොංගු තමිල් සංවිධානය කලා.දැන් උන්නැහේ කෝ?
    ජනාධිපති දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරන්ට කෙල හලනවද නැද්ද?
    කොටින්ට සපෝට් එක දුන්න පොරවල් විපක්සෙත් ඉන්නව.උඹලගෙ පැත්තෙත් ඉන්නව.විපක්සෙට ඇගිල්ල දිග් කරන කොට මචං ඇගිලි හතරක් උඹලගෙ පැත්තටත් එනවා.
    කොටි නායකයා මැරිල මාස 6ක් ගිහිනුත් උඹලට කොටි කියන වචනෙ නැතිව මුකුත් කියාගන්න බැහැනෙ.දේශපාලන වශයෙන් මචං උඹල පට්ට බංකොලොත්.
    අවතැන් කදුවුරුවල ත්‍රස්තවාදීන් ඉන්නෙ එයාලව නිදහස් කරන්න බැහැ කියලනෙ කිව්වෙ.දැන් එකපාරටම මොකද නිදහස් කරන්න යන්නේ?ත්‍රස්තවාදීන් සේරම හොයාගෙන ඉවරද?
    මහින්දට අන්ධ විදිහට පුක දෙන එක මිස උඹල දන්න දේශපාලනයක් නැහැ.

  • December 1, 2009 at 9:50 AM

    @දසුන්
    කියපු සියලු දේ ඇත්ත.වටහා ගන්න තියෙන කාරනය නම් යුද හමුදා පති ධූරය දැරූ සරත් ෆොන්සේකා සහ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා යනු එකෙකුම නොවන බවයි.
    වෙනත් උදාහරණ අවශ්‍ය නෑ එකම කාරනය පිලිබඳ එදා සහ අද ඔහු කරනා ප්‍රකාශවලින් පැහැදිලියි එය.කුමක් වුවත් ජාතියේ යුධ වීරයා ලබන පරාජයේ වේදනාව හැරුනු විට පසුතැවිලිවිය යුතු වෙනත් කාරණයක් නෑ.
    දේශමාමක ජන මතය පික් පොකට් ගැසීමට හැකියාවක් කිසිවෙකුට නැති බව පැහැදිලියි.

  • December 1, 2009 at 10:19 AM

    නිර්නාමිකව comments දමන්නන්ට ප්‍රතිචාර දැක්වීම නොකරන නමුත් මල් මාමා ඉදිරිපත් කරන අදහසෙහි දුබලතාවය පෙන්වා දිය යුතුය.

    ලිපිය හොඳින් කියවූවා නම් සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ දේශප්‍රේමීත්වය සාතිශය බහුතර ජනයා නොපැකිල පිලි ගන්නා බව සටහන් කර ඇති බව වැටහිය යුතුයි.නමුත් දේශප්‍රේමය යන්න නලලේ කෙටූ දෙයක් නොවන බවත් එය තමන් මාතෘභූමිය වෙනුවෙන් කරනා මෙහෙය මත තීරණය වන්නක් බව පැහැදිලියි.
    එක්සත් ජාතික පක්ශයේ ප්‍රතිපත්ති පිළිබඳව බහුතර ජනයාට පැහැදිලි අවබෝධයක් ඇති බව මේ වන විට පැහැදිලියි.එයට බහුතර ජනයාගේ කැමැත්ත නොලැබෙන බවත් පැහැදිලියි.ඊනියා පොදු අපෙක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මතු වන්නේම එම නොහැකියාව නිසයි.

    වෙන කිසිවෙකු කියනා දේවල් පිලිබඳ විශ්වාසයක් නොමැති නම් ඔබට ඒ පිලිබඳව සරත් ෆොන්සෙකාම මීට කලින් සිදු කල ප්‍රකාශ ගෙන බලන්න.