Thursday, February 16, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට.... යාපා පටුනේ සංචාරේ.....II

2 comments
යාපා පටුනේ සංචාරේ ...
[දෙවන කොටස ] අද නාගදීපය,අරියාලේ,කීරමලේ,දඹකොළපටුන,කැෂුරිනා වෙරළ

ඊයේ කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්
දෙවන දින අපේ ගමන් මග
හිරු නැගෙන්නට කලින්
දවසේ මෙහෙවරට සැරසෙන යාපනය නගරය...

යාපනය කොටුව



































ඈතින් සුදු පාටින් දිස්වන්නේ යාපනය පුස්තකාලයයි.1935 වර්ෂයේදී  ’Jaffna Library Movement’ නමින් පෞද්ගලික පුස්තකාලයක් වශයෙන් ආරම්භ වූ මෙය 1949 දී යාපනය නගර සභාව යටතට පත්කරන ලදී.1955 මාර්තු 29 වැඩ ආරම්භ කර 1960 දී සම්පුර්ණයෙන් වැඩ අවසන් විණි.මෙය එවකට යාපනය නගරාධිපති තනතුර දැරූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා විසින් විවෘත කරන ලදී.(එල් ටී ටී ඊය 1974 දී පලමු මිනිස් බිල්ල ලෙස ගත්තේ මේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාය )  මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මණය කර ඇති මෙය එකල මෙය ආසියාවේ විශාලතම පුස්තකාල යැයි හැඳින්වීය.1981 ඇතිවූ කෝලාහල වලදී දකුනෙන් ගිය අවස්ථාවාදී දේශපාලන මැරයන් විසින් පුස්‌තකාලය ගිනි තැබීය.1998 දී නැවත ගොඩ නැගූ යාපනය පුස්තකාලය අද වන විට පෙර තිබූ තත්වයටම පාහේ ප්‍රතිනිර්මාණය කර ඇත.

කයිට්ස් දූපත දක්වා දිවෙන් මාර්ගය

මණ්ඩතිව් හා කයිට්ස් වෙත දිවෙන මාවත් දෙක හමුවන දෙමංසල


කයිට්ස් වෙත දිවෙන සුන්දර  මග...
කයිට්ස් වෙත දිවෙන සුන්දර  මග...

මග දෙපස කලපුවේ සොඳුරු දසුන්



කයිට්ස් දූපතේ ජිවිත


ජනාකීර්ණ නැති කයිට්ස් ජනපදයේ නිවෙස්

යුධ ගිනිදැල් ඇවිලුනු කල සිදු වූ විපත්...

අසරණ මිනිසුන් සමග දෙවියන් ද එකම බිමක

කයිට්ස් දූපතේ අල්ලපු වැට..පුංකුඩුතිව් දූපත අසල
ප්‍රධාන ජීවිකාව කලපු ධීවර කර්මාන්තය

හරි හරියට ඇති කලපු ඉස්සන් කොටු


කරිකඩ්ඩුවාන් ජැටිය
සයුර මැද සිට බැලූ විට පෙනෙන හැටි
පුංකුඩුතිව් දූපතේ එක් කෙලවරකයි කරිකඩ්ඩුවාන් ජැටිය පිහිටා තිබෙන්නේ.නාගදීපයට මෙන්ම ,ඩෙල්ෆ්ට් දූපතටත් බෝට්ටු සේවා ක්‍රියාත්මක වන්නේ මෙම ජැටියේ සිටයි.සංචාරකයන් මෙන්ම මේ අවට පිහිටි අනලතිව්,එලුවතිව්,ඩෙල්ෆ්ට් ආදී දූපත්වල වැසියන්ද ගමන් කරන්නේ මෙම ජැටිය හරහා.මෙම ස්ථානයට යාපනය නගරයේ සිට බැලුවොත් 45 Km පමණ ඇති.මෙතැන් සිට බෝට්ටුවෙන් නාගදීපය දක්වා 4 Km පමණ යා යුතුයි
කරිකඩ්ඩුවාන් ජැටිය වෙත පුංකුඩුතිව් දූපතේ සිට
මගී ප්‍රවාහනයට මේ බොට්ටුද?

නාගදීපය දක්වා මගීන් ප්‍රවාහනයට පෞද්ගලික බෝට්ටු සේවා ක්‍රියාත්මකයි.ඒවා මේ දිස්වන වර්ගයේ ඒවා නම් නෙවෙයි.සාමාන්න්‍ය ලී බෝට්ටු.එක් ගමනක් සඳහා රු30.හැබයි ගමන තරමක් කටුකයි. එක් බෝට්ටුවක මගීන් 100-150ක් පමණ ගමන් කරනවා.
ජාතික කොඩිය නිදහස් දිනය නිසාද...

ඈතින් පෙනෙන නාගදීපය



බුදුන් වැඩි පින් බිම නාගදීපය
බුද්ධත්වයෙන් පස් වන වසරේදී චූලෝදර මහෝදර අතර අරගලය සංසිඳවීම පිණිස බුදු හිමියන් වැඩි පින් බිමයි නාගදීපය.මෙහි අද වන විට සාමන්‍ය වැසියන් පවුල් 1500 පමණ පදිංචි වී සිටිනව.
වැඩිදුර තොරතුරු..

නාගදීප පින් බිමේ දසුන්

නාගදීප පින් බිමේ ආදරණීය දසුනක්


නාගදීප බෝ සමිඳුන්

නාගදීපයට බුදුන් වැඩි පුවත...

නාගදීප විහාරය...

සිතුවමට නැගි චූලෝදර - මහෝදර ගැටුම් නිරාකරණය...
නාගදීප විහාරය...

නාගදීප දූවේ කෝවිල - නයිනතිව් කෝවිල


නාගදීප වැසියන්ගේ ප්‍රධාන ජීවිකාව...
දියඹට යන තෙක් වෙහෙස නිවමින්...

බැතිමතුන්ට රස කැවිලි විකුනණ දූපත් වැසියන්.....

නාගදීප පන්සල - කෝවිල -ජැටිය
සයුරට පෙනෙන හැටි


ජෙනරාල් කොබ්බෑකඩුව විරුවා දිවි පුදූ බිම...
අරියාලේ තුඩුව
ඩෙන්සිල් කොබ්බෑකඩුව නුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පාසැල් වියේ පටන්ම රග්බි, පාපන්දු කී‍්‍රඩා කෙරෙහි විශේෂ දක්ෂතා පෙන්වීය.පාසැල් යුගය නිමා කිරීමෙන් අනතුරුව 1960 ශී‍්‍ර ලංකා යුද හමුදාවට එක් විය.1990 දී මේජර් ජෙනරාල්වරයෙකු වූ මොහු 1992 දී ලුතිනන් ජෙනරාල් දක්වා උසස්වීම් ලැබීය.1991 දී අලිමංකඩ කොටින්ගේ මුදා ගැනීමේ සටනේ නියමුවා විය. 1985 ආන්දන්ම්පන් මෙහෙයුමේදී ද ඔහු විශිෂ්ඨ දක්ෂතා පෙන්වීය.යාපනය කොටි ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා "ජයකීර්ති" මෙහෙයුමේ සැලසුම් සකස් කරමින් සිටියදී 1992 අගෝස්තු 08 දා අරාලි තුඩුවේදී කොටි බිම් බෝම්බයකට හසුව ජීවිතය පුද කලේය.කොබ්බෑකඩුව විරුවා සමග මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් ස්ටෙෆාන්, ලුතිනන් කර්නල් ආරියරත්න, ලුතිනන් කර්නල් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, මේජර් නලින් අල්විස්, ලුතිනන් කමාන්ඩර් විජේපුර සහ සෙබළ වික්‍රමසිංහ යන විරුවන්ද එම ස්තානයේ රට වෙනුවෙන් දිවි පිදූහ.ඔහුගේ මරණයත් සමග නොයෙක් පාර්ෂවයන් වෙත චෝදනා එල්ල විය.
  කොබ්බෑකඩුව විරුවා පිලිබඳ සටහනක්
කොබ්බෑකඩුව ඝාතන පරීක්ෂණ සඳහා පුපුරවා හල රථ වල සුන් බුන්



කොබ්බෑකඩුව විරුවා සිහි වන්නට ඉදි කල ස්මාරකය...



තවමත් නොනැසී පවතින බොදු උරුමයේ සළකුණු...
කදුරුගොඩ
යාපනය නගර මධ්‍යයේ සිට කි.මී 10ක දුරකින් කන්තරෝඩය හෙවත් කදුරුගොඩ විහාරය පිහිටා තිබේ. යාපනය නගරයේ ඓතිහාසික බෞද්ධ උරුමයේ සංඛේතයක් ලෙස සැලකිය හැකි කදුරුගොඩ විහාරයේ සංඝමිත්තා තෙරණිය සමග මෙරට වැඩම කළ රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව සඳහන් වේ. 1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී.මෙවැනි ස්ථූප රාශියක් එක ලඟ පිහිටි බිමක් ලංකාවේ වෙන තැනක නොමැති නිසා අග්‍රබෝධි රජුගේ කාලයේ ලංකාව සිටි ජා හමුදාව මෙය ඉදිකර ඇති බව මහාචාර්ය   නරත් පරණවිතානගේ අදහසයි.බුදුරජානන් වහන්සේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ කදුරුගොඩ වෙහෙරෙහි විවේකීව වැඩ වාසය කළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. කදුරුගොඩ විහාරය දැනට පාලනය කරනු ලබන්නේ යාපනයේ නාග විහාරය යටතේය.

රහතුන් වහන්සේලා වැඩ සිටි පින් බිම

කීරමලේ අරුම පුදුම ඖෂධ පොකුණ
චුන්නාකම් මන්සන්ධියේ සිට 15Km පමණ ගිය තැන මෙම අරුම පුදුම බෙහෙත් පොකුණ සහ නගුලේෂ්වරම් කෝවිල පිහිටි බිම හමුවේ.මෙම පොකුණේ ඇති අරුමය නම් මුහුදට යාබදව පිහිටියත් මෙහි ඇත්තේ මිරිදිය වීමයි.කරිදිය සමග මුසු නොවී මිරිදිය මෙලෙස පැවතීම තවමත් පැහැදිලි කරගත නොහැකි කරුණක්.මෙයට ජලය පැමිනෙන ආරම්භය මාතලේ කඳු මුදුන බවයි විස්වාඅස කරන්නේ.මෙහි දිය නෑමෙන් රෝග ආදිය සුව වන බව බොහෝ දෙනා විස්වාස කරනව.නගුලේෂ්වරම් වැඳපුදා ගැනීමට පෙර මෙම පොකුණෙන් දිය නෑම සාමාන්‍ය සිරිතයි.

විවාහක කාන්තාවන්ගේ පැතුම් ඉටුවන දෙවොල් බිම
නගුලේෂ්වරම් කෝවිල
කීරමලේ පොකුණ අසලම පිහිටි නගුලේෂ්වරම් කෝවිල ප්‍රධාන ලෙසම ‘ශිවලිංගය’ වන්දනා කරන ශුද්ධ භූමියකි. මෙහි ආරම්භය වසර රාවණා යුගය තෙක් දිවයයන බව සඳහන්.මාතර දෙවුන්දර, ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම්, මන්නාරම් කේදීෂ්වරම් සහ යාපනයේ නගුලේෂ්වරම් ලෙස ලංකාවේ හතර කොනේ ශිව කෝවිල් 4 ක් තිබෙනවා. නමුත් ශිව ලිංග වන්දනාව සිදුවන්නේ මෙහි පමණක් බවයි සඳහන්.කීරමලේ පොකුණෙන් ජල ස්න්නනය කර ශිව ලිංගය ස්පර්ශ කර වන්දනා කිරීම මගින් දරුවන් නොමැති කතුන්ට දරුවන් ලැබෙන බවත් විවාහය ප්‍රමාද වන අයට විවාහ සාර්ථක වීම ද සිදු වන බවට බොහෝ දෙනා විශ්වාස කරනව.

සංඝමිත්තා තෙරිණිය වැඩි පින් බිම
දඹකොළපටුන




නගුලේෂ්වරම් කෝවිලේ සිට තවත් 8 Kmගිය තැන දඹකොළපටුන හමුවේ.දේවානම්පියතිස්ස රජ සමයේ සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාකාව රැගෙන ගොඩබැස්සේ දඹකොළපටුනටයි.එකල විදේශයන් සමග නාවික කටයුතු සිදු වූ නැව්තොටක් ලෙසත් මෙහ හැඳින්වේ.

දඹකොළපටුන චෛත්‍යය

දඹකොළපටුන බෝධිය


අතීත කතාව සිහි වන අනුරුව



සඝමිත් පිලිමය


සුන්දර කැෂුරිනා වෙරලට යන අතර මග...

කරෙයිනගර් දූවේ පිහිටි කසුරිනා වෙරළ උතුරු මුහුදේ ස්නානය සඳහා ඇති නොගැඹුරු සුදුසුම වෙරළක්.කස ගස් (කැෂුරිනා) බහුල බැවින් මේ බිමට මේ නම ලැබී තිබෙනව.ඉතා සියුම් වැල්ල සහිත කරෙයිනගර් දූපතේද සාමාන්‍ය වැසියන් පවුල් 3500 ක් පමණ දිවි ගෙවනවා.


හෙට අවසන් සටන් බිම - මුලතිව් යුධ බිමේ....




පෙර සබැඳි ලිපි

Tuesday, February 14, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට.... යාපා පටුනේ සංචාරේ.....

0 comments
යාපා පටුනේ සංචාරේ ...
[පළමු කොටස] - අද කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්

අපේ ගමන් මග

කිලිනොච්චි රණවිරු ස්මාරකය
සටහන: වසර ගණනාවක් තිස්සේ එල්ටීටීඊයේ ප්‍රධාන ම මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් ව තිබූ කිලිනොච්චි නගරය මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ 57වන සේනාංකය 2009 ජනවාරි 02 උදෑසන අත්පත් කර ගනිමින් එම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කළ හ.57 වන සේනාංකය කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුළු වූ අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බලකා 1 හි භට පිරිස් කිලිනොච්චි නගරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් ඇතුළු වූහ. 
කිලිනොච්චි ජයග්‍රහණය එදා වාර්ථා කල අයුරු..

යළි පිබිදෙන කිලිනොච්චිය-
අලුතින් ඉදිවන විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය
යළි පිබිදෙන කිලිනොච්චිය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ යටිතල පහසුල්කම් සංවර්ධනය පිලිබඳ ශ්‍රී ලංකා රජයේ සටහන
එල් ටී ටි ඊ ත්‍රස්තයන් විනාශ කල කිලිනොච්චි වතුර ටැංකිය

යළි පිබිදෙන කිලිනොච්චිය-
රජයේ මෙන්ම පෞද්ගලික බැංකු සියල්ලේම පාහේ ශාකා කිලිනොච්චි නගරයේ.


සංවර්ධනය වෙමින් පවතින පරන්තන් - අලිමංකඩ මාර්ගය


කරටි කැඩුණු තල් යාය...
යුධ සමයේ ඉදිරි ආරක්ෂක වලළු පිහිටි බිම...


තවමත් බිම් බෝම්බ ඉවත් නොකල බිම්.
උතුරේ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීම සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි පැවසේ. 2009 වසරේ සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 554 කට වැඩි ප‍්‍රදේශයක බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කර.ඉතා වෙහෙසකර කටයුත්තක් වීම සහ සම්පත් හා තාක්ෂණික හිඟයද මෙතරම් කලක් ගතවීමට හේතු වන බව සඳහන් වේ.පසුගිය වසරේ පමණක් බිම් බෝම්බ ඉවත් කල ප්‍රමාණය වර්ග කිලෝමීටර 126.
තල් යාය නව දළු ලමින් : පරන්තන්

ගිනි අවි රස්නය වෙනුවට සුළං සිසිල  : පරන්තන්





අලිමංකඩ රණවිරු ස්මාරකය
අලිමංකඩ , යාපනය අර්ධද්වීපයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුවයි.යාපනයේ දොරටුව වුවද අලිමංකඩ සිට පච්චිලෙයිපලෙයි දක්වා ම අයත් වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයටයි.අලිමංකඩ කොටි ග්‍රහණයෙන් මුදාගත් හමුදා සේනාංක උතුරු සහ දකුණු දෙසින් පැමිණ එකට එක්‌වූ රණබිම අසල මෙම රණවිරු ස්මාරකය ඉදි කර තිබේ.පරන්තන් ප්‍රදේශයේ බලය අල්ලා ගත් යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඒ 9 මාර්ගය ඔස්සේ උතුරින් පිහිටි අලිමංකඩ දෙසටත් මුහමාලෙයි සහ කිලාලි ප්‍රදේශවලින් මෙහෙයුම් ආරම්භ කළ 53වැනි සහ 55වැනි සේනාංක පහළින් පිහිටි අලිමංකඩට දෙසටත්  මෙහෙයුම් දියත් කරමින් යාපනය මහනුවර ඒ 09 මාර්ගයේ ඉහළින් සහ පහළින් ජයග්‍රාහී ඉදිරි ගමන් අරඹා 2009 වසරේ ජනවාරි 09 වැනිදා එකිනෙකා හමු වූයේ මෙහිදී.
අලිමංකඩ  ජයග්‍රහණය එදා මාධ්‍ය වාර්ථා කල අයුරු.


ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය

ඉන්දියානු රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස 50000 සෑදීමේ ව්‍යාපෘතිය යාපනයේ අරියාලෙයිහි 2010 නොවැම්බර් 27 වැනි දින ආරම්භ වුවත් එහි වැඩ කටයුතු ඉතාමත්ම මන්දගාමීව සිදු වන බව පෙනේ.මෑතකදී දිවඉනට පැමිණි ඉන්දීය විදේශ ඇමති ක්‍රිෂ්ණා විසින් සංකේතවත් ලෙස ජනතාවට පැවරුවේ මේ නිවාස කිහිපයකි..

පරිස්සමෙන්..
බිම් බෝම්බ අතරින් ආහර සොයමින්...


ඉස්සන් කොටු බහුල යාපනය කලපුව

අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹින් යාපනයට..


හින්දූන්ගේ සුද්ධ දෙවොල - නල්ලූර් කන්දසාමි කෝවිල.


නල්ලූර් කන්දසාමි කෝවිල


නල්ලූර් කන්දසාමි කෝවිල



යාපනය නගයේ සිට පේදුරු තුඩුව දක්‌වා ගමන් ගන්නා බී 71 මාර්ගයේ කි.මී. 2 ක්‌ පමණ ගමන් කළ විට කල්ලුර් කෝවිල හමුවේ. මෙය උදෑසන 4.30 - සවස 6.00 දක්‌වා විවෘතව පවතී.කෝවිලට ඇතුල්වන සියලුම පිරිමින් උඩුකය නිරුවත්ව සිටිය යුතුය.

මෙම කෝවිල අද හින්දු කෝවිලක්‌ ලෙස පැවැතියත් VI වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට VI වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වන බව සඳහන්වේ
යාපනය නගරයේ සුප්‍රසිද්ධ 'රියෝ' අයිස්ක්‍රීම් හල


අවන්හල් සීමිත යාපන නගරයේ නිර්මාංශ අවන්හල -Mangos


ඊලඟට නාගදීපය,කීරමලේ,කදුරුගොඩ,දඹකොළපටුන,කසුරිනා වෙරළ

Wednesday, January 18, 2012

ගමනක අවසානය ?


13 සංශෝධනයෙන් ඔබ්බට යාමට ශ්‍රී ලංකා රජය එකඟ වුණා - ඉන්දීය විදේශ ඇමැති කියයි

කුමන ආලවට්ටම් ඉදිරියට දමා පැමිණියත් මේ බමුණන් පැමිණෙන්නේම අපගේ 'ගෙල මිරිකීමට ' බව දැන් හොඳින් පැහැදිලිය.අනවරතව දැරූ 'පොලිස් හා ඉඩම් බලතල නොදෙම්යි' යන ජනාධිපතිවරයාගේ සෘජු පිළිවෙත බමුණන්ගේ බලයට යට වීද?
එසේ නම් මෙය "ගමනක අවසානය" ඉදිරියෙන් බව හැඟෙන පෙරමග සලකුණ වනු ඇත.


පෙර අදහස්

බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල කැපීම

Tuesday, January 10, 2012

යක්ෂයන් පළවා සරස්වතිය කැඳවමු....

1 comments
ඇඟ කිලිපොලා යන ඒ අඳුරු යුගය පුනරූපණය නොවීමට නම්.........


මේ දිනවල විශ්ව විද්‍යාල කිහිපයකම කිසියම් ගැටුම්කාරී ව්‍යාකූල තත්වයක් උද්ගත වී ඇති බව පෙනේ.එයිනුත් පේරාදෙණිය,ජයවර්ධනපුර,රුහුණ හා රජරට ප්‍රධාන තැනක් ගනී.රජරට හැරුණු විට අනෙක් බොහෝ තැන්වල මේ ව්‍යාකූලත්වය තුල ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගිය කෘතීම ස්වභාවයක් පෙනේ.උදාහරණයක් වශයෙන් ජ'පුර සරසවියේ ඇති වී ඇති තත්වය දැක්විය හැක.ජ'පුර සරසවිය අභියස 'සිසු විරු ස්මාරකයක ' ගඩොලක් ගැලවෙන්නට එල්ල කරන ලද 'අධිබල' බෝම්බ ප්‍රහාරයක් නිසා පසුගිය දිනක මුළු කොළඹ නගරයම අකර්මන්‍ය වී ගියේය. එදා කිලෝ දහස් ගනනක කොටි මහබැංකු ප්‍රහාරයෙන් පසුව පවා මෙවැනි ක්ෂණික අකර්මන්‍ය තත්වයක් ඇති නොවූ බව අපට මතකය.මේ අස්වාභාවික තත්වයට යටින් ඉහළ තලයකින් සැලසුම් කරන ලද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇත්දැයි සැක කිරීම අයුක්ති සහගත නොවේ.


මේ වියවුල් තත්වය හුදු ආණ්ඩු විරෝධී කඩාකප්පල්කාරීන්ගේ යටිකූට්ටු වැඩ නිසා සිදු වන සිදු වීම් ලෙස හෝ හුදු ආණ්ඩුවේ හෝ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ හිතුවක්කාරකම් නැතහොත් අමන කම් නිසා සිදු වුනි යැයි කලු-සුදු ලෙස විග්‍රහ කිරීම 100%ක් නිවරදි හෝ සාධාරණ නොවේ.එසේ නමුත් ආණ්ඩුවේ අසංවිධානාත්මක ක්‍රියා නිසාම ඇති වූවාට වඩා සංවිධානාත්මක යටී අරමුණක් සහිත වූවන්ගේ වැඩපිළිවෙලක කොටසක් ලෙස මතුකර ඉහළට ඔසවා ගත් තත්වයක් ලෙස දැකීම වඩා යුක්ති යුක්තය. එයට සාධක ලෙස සැලකිය හැක්කේ මේ බොහෝ තැන්වල විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් හරයෙන් ඉතා කුඩා ඒවා මෙන්ම ගෙහෙන් ගෙඩි එන්නා සේ හටගත් ගැටලුද නොවේ. තවද මේවා පොදු සමාජයේන් මතුවන දුක්ගැනවිලිවලට වඩා අතිධාවනකාරි කල්ලිවල න්‍යායපත්‍රයන්ට අනුව සකස් කරන ලද සටන් පාඨ වීමෙන්ද පෙන්නුම් කරන්නේ දෙවනුව සඳහන් කල කරුණ වඩා සාධරණ බවය. උදාහරණයක් ලෙස ජ'පුර සරසවි 'උපකුලපතිතුමා ධූරයෙන් පන්නා දැමීමේ' අරගලය දැන් වසර දෙක තුනකටත් වඩා පැරණි සටන් පාඨයකි.නමුත් අද එය අලුත ඇතිවූ තත්වයක් ලෙස උලුප්පා නව වටයකින් කරලියට පැමිණ ඇත්තේම ඉහත කී සංවිධානාත්මක විරෝධතා කල්ලිවල සැලසුම් වලට අනුරූපව බවට සැක නැත.

කෙසේ නමුත් මේ ඊනියා 'සිසු අරගල ' (මෙවා හුදෙක් සද් භාවයෙ කරනා පිරිසිදු සිසු අරගල ලෙස වටහා ගත්තවුන් වෙතොත් ඒ පුතේගුරුවාදී දේශපාලන කල්ලිවල පහල පෙලේ අනුගාමිකයන් අතලොස්ස පමණක් විය යුතුය.මේ අරගලවල අපෙක්ෂිත ඉලක්ක, ප්‍රකාශිත ඉල්ලක්ක අසලින් වත් නොයන එවා බව බොහෝ දෙනාට ඇඟිල්ලෙන් ඇන තේරුම් කරදිය යුතු නොවේ. ) නැමති ගින්නට අධිබල ' ගෑස් ' වක් කරන තත්වයක් බලය හොවබව පාලකයන් වෙතින්ද පෙන්නුම් කිරීම සරලව වටහා ගත නොහැකි තත්වයකි. ප්‍රශස්ථ මට්ටමේ විද්වත් කතිකාවකට භාජනය නොකර 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' වැන්නක් කරලියට ගෙන ඒම මෙන්ම මෙතෙක් කලක් ප්‍රශ්න ලෙස පොදු සමාජ කතිකාවට හසු නොවූ එදිනෙදා පරිපාලන කටයුතු (උදා :උසස් පෙළ ප්‍රතිඵල ) පවා මහා ආන්දෝලනාත්මක මෙන්ම විරෝධතා අවුලුවන ජරමර බවට වර්ධනය වන්නට නා නා විධියෙන් සහාය කල බොහෝදෙනාගේ (මේ බොහෝ දෙනා වත්මන් ආණ්ඩුව තුල සිටින්නන්මය )අරමුණ කෙසේ වෙතත් ක්‍රියා පටිපාටිය නම් ආණ්ඩු විරෝධය අවුළුවන ආකාරයේ එකක් බව කිව යුතුය.

වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා පිළිබඳ බොහෝ විවේචන තිබියදී පවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සැබෑ ලෙසම ආදරය කරන,නිදහස් අධ්‍යපනයේ නිදහසට ආදරය කරන බොහෝ දෙනා ඔහු විසින් විශ්ව විද්‍යාල තුලින් 'නවක වදය' නමික් ක්‍රියාත්මක තිරිසන් ක්‍රියාවලියට එරෙහිව සිදුකරන සංවිධානාත්මකව කාර්‍යභාරයට තම සහාය පල කලේය. එහිදී අඩුපාඩු මධ්‍යයේ වුවත් කරගෙන යන නායකත්වය පුහුණුව වැනි ක්‍රියාකාරකම් සඳහා සහාය පල කල යුත්තේ එමගින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය තුල අරක් ගෙන ඇති ත්‍රාඩ ඒකාධිකාරය බිඳ දැමීමට එය පිටුවහලක් වන බැවිනි.(මෙයින් කියවෙන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය 'පෙර පාසල්' තත්වයට පත් කිරීමේ අටියෙන් කෙරෙන 'විශ්ව විද්‍යාල තුලට දේශපාලනය එපා' , 'අපට නිදහසේ ඉගෙන ගන්න දෙන්න' 'ශිෂ්‍යන්ට දේශපාලනය අවශ්‍ය නෑ' ආදී ලෙස නැගෙන ප්‍රාථමික අහිංසක ඉල්ලීම් සාධාරණීකරනය කිරීම නොවේ. විශ්ව විද්‍යාල තුල නොකල යුතුනම් දේශපාලනය කල යුත්තේ වෙන කොහිද? ) අවශ්‍යවන්නේ 'පිළිකා රෝගයෙන්' පෙළෙන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය නිරෝගී කරගැනීමය. ඒ සඳහා පොදු සමාජයේ නොගිනිය හැකි තරම් නියෝජනයක් සහිත අතිශය සුළුතර කල්ලියකට විශ්‍ය විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවීමේ ත්‍රාඩ ඒකාධිකාරය වහා අහෝසි වන ක්‍රියාමාර්ග ගත යුතුය. ප්‍රමාණවත් නොවෙතත් අවම තරමේ විශ්ව විද්‍යාල තුල බාහිර සමාජයේ ඇති අර්ධ නිදහසවත් තහවුරු කල යුතුය. එමගින් නිරෝගී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට ඉඩ සැලසීය යුතුය. නමුත් එමගින් දැනට පවතින පොතේගුරුවාදී එහෙයියන්ගේ ග්‍රහණයෙන් මිදිය යුතු සේම පාලක පක්ෂවල උවමනා ඔවුන්ට අවශ්‍ය පරිදි ඉටුවන එහෙයිවාදයක්ද නොවිය යුතුය. නිරෝගී දැනුවත් විදග්ධ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයක් වර්ධනය කල හැක්කේ එවැනි වටපිටාවක පමණි. නැතහොත් ඇතිවන්නේඉඟුරු දී මිරිස් ගත්තා වැනි තත්වයකි.

ඒ අරමුණ හැරුණු කල වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග ප්‍රතිරෝධයන් රහිතව එකඟ විය හැකි කරුණු නැති තරම්ය. ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පවා නිරුත්තර වන තරම් වන ප්‍රාථමික තර්ක ඉදිරිපත් කරමින් 'පෞද්ගලික විශ්ව විද්‍යාල පනත' යනුවෙන් අති ධාවනකාරී ක්‍රියාමාර්ගයකට ගමන් කිරීමෙන් වන්නේ මීට ඉහතින් සඳහන් කල සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියේ නිරෝගීභාවයට හේතුවන ක්‍රියාමාර්ග පවා අතරමග බිඳ වැටීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන 'පෞද්ගලික විශ්ව විද්යාල' පිළිබඳ කාරණය සමාජය තුල හොඳින් කලතා ඇතිකලයුතු කතිකාවකින් පසු සීරුවට ගත යුතු දේශපාලන තීන්දුවකි. නමුත් සිදු නොවන්නේද එයමය. ප්‍රකාශිත අරමුණුවලට වඩා මෙහි යම් සැඟවුනු අරමුණක් ඇත්දැයි සාධාරණ සැකයක් ගොඩ නැගෙන්නේ එහෙයිනි. 'පෞද්ගලික නම් එපා ' යනුවෙන් වීදි බසින හුදු විරෝධාකල්පිකයන්ට මෙන්ම 'මේක තමයි ට්‍රෙන්ඩ් එක .ලිං මැඩියොන්ට ඕව තේරෙන්නේ නෑ' යනුවෙන් නැගෙන 'ධනාත්මක', 'නූතනවාදී' සිතිවිලිකරුවන්ට මෙන්ම ඇමතිවරයා ඇතුලු බොහෝ දෙනාට මෙහි ගැඹුරින් හදාල ඒකමතියක් නොමැත. බොහෝ දෙනාගේ මේ පිලිබඳ මතය බොහෝ පටු සීමාවකට සීමාවන පෞද්ගලික කාරණා පමණි.

එබැවින් කල යුත්තේ සමාජයේ විවිධ තලයන් ඔස්සේ සිදුකරන දාර්ශනික කතිකාවකට ඉඩ සලසා එමගින් ලැබෙන අදහස්ද උපයෝගී කර ගනිමින් හුදු රැඩිකල් වෙනසක් වෙනුවට බොහෝ දෙනාට එකඟ විය හැකි සුමට ප්‍රතිසංස්කරණයකට යෑම මගින් මෙම තත්වයෙන් ගොඩ ඒමය. එසේ නොමැතිව හුදු වහසි බස් මගින් හෝ හුදු විරෝධතා මගින් අත්කරගත හැකි අවසන් ජයග්‍රහණයක් නොමැත.

කෙසේ නමුත් දැන් සිදුවන විරෝධතා ඉහතින් සඳහන් කල සාධාරණ යැයි හැඟෙන කාරණා නිසාම ඇති වූවක් නොවේ. මේ පසුපස නොව ඉදිරියෙන් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අන්තරය මගින් දැනුවත්ම ඉහලට මතු කර ගැනීමට තැත්කරනා උත්සාහයකි. මේ 'හෙංචයියන්' පසුගිය බොහෝ කලක සිටම තම මව් ව්‍යාපාරවල ඇතිවී ඇති බංකොලොත් භාවය මගහරවා ගැනීමට කිහිපවරක්ම  උත්සාක කලේය. නමුත් ඒවාට නිසි සමාජ ප්‍රතිචාරයන් නොලැබුනු බැවින් හුදු සාම්ප්‍රදායික විරෝධතාවයන්ගෙන් එහාට යමක් සිදු කරගැනීමට ඔවුන් අසමත් විය. (අන්තරය ජවිපෙට අනුබද්ධ සංවිධානයක් නොවේ යැයි පවසා ස්වයං වින්දනයක් ලැබීමට කිසිවෙක්ට ඇති අයිතියට බාධා නොකරන නමුත් එහි පහල පෙලේ අනුකාරක සාමාජිකයකු හෝ නොදැනුවත්ව ජවිපෙ වෙනුවෙන් අන්තරය හරහා කඩේ ගිය අයකු හෝ ගොසිප් අඩවි වලින් දැනුම ලබනා 'දේශපාලන උගතුන්' හැරුණු විට අන් බොහෝ දෙනා අන්තර යනු කුමක්දැයි හොඳින් දනී ).

නමුත් අද වන විට අන්තරය මෙහෙයවීමේ බලය නිල ජවිපෙන් මිදී ඊනියා ජන අරගල කරුවන් නමින් වෙස් බැඳ සිටින කල්ලියේ ග්‍රහණයට නතු වී ඇත.මේ හතු පිපෙන්නා මෙන් උඩට මතුවන 'සිසු අරගල' මේ අරගලකරුවන්ගේ තරම පෙන්වීමේ උපක්‍රමයක් පමණක්ම නොවේ.ඉන් එහා යන විනාශකාරී අරමුණක් මේ පිටුපස ඇති බවට අනුමාන කිරීම සදොස් නොවේ. සමහර විට මේ සංඥාව තමන් නිල ජවිපෙන් ඉවත් වීමේ සංකේතයක් විය හැක.එසේ වුවත් මේ මනෝලෝකවල සැරිසරන පොතේගුරුවාදී කැරලිකරුවන්ට (මේ කැරලිකරුවන්ට තල කැරැල්ලක්වත් ඔතා ගන්නට නොහැකි යැයි ඔවුන්ගේ අතීත නායකයින් දෙන සහතික එතරම් වලංගු ඒවා යැ‍යි සිතා ඔවුන්ගේ බලය අවතක්සේරු කල යුතු නොවේ .රටක් ගොඩ නැගීමට මහා බලයක් අවැසි වුවත් එය විනාශ කර දැමීමට සුළු කල්ලියකට වුවත් විභවයක් ඇත.ඒ විභවය තවත් වැඩිවන්නේ මතුපිටින් සුළු කල්ලියක් වශයෙන් පෙනුනද කරලිය පිටුපස මහා බලවතුන්ගේ ආශිර්වාදයද එක්වූ කල එය කිසි සේත් අවතක්සේරු කල නොහැකි බලයක් වන බැවිනි) රඟපෑමට තව තවත් අවස්ථා ස්ව කැමැත්තෙන් සකසාදීමට පාලකයන් තකතීරු වන්නේ ඇයි?

හිලරි- ඔබාමා-සාකෝසි පිහිටෙන් ලිබියානු පන්නයේ විනාශයකට අර අඳින 'අරාබි වසන්තයෙන්' උද්දාම වී සිටින කොටි බෙදුම්වාදයේ ඉතුරු බිතුරු සමග එක ගෙයි කන මේ විහිළුකාර කල්ලිවාදීන් තම දේශපාලන පැවැත්ම උදෙසා මේ මොහොතේ සිසු ජීවිත කිහිපයක් වුවත් බිල්ලට දීමට සූදානම්ය.එදා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජීවිත දහස් ගනන් බිලිගත් කල්ලිවලට සිසු ජීවිත දෙක තුනක් යනු 'සිම්පල්' කාරණයකි.වෙහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද.සරසවි සිසුන්ගේ දෙමාපියන් විශේෂයෙන් මේ ගැන අවදියෙන් සිටීම ඇඟට ගුණය.කෙසේ නමුත් බලධාරීන්ද මේ තත්වයට තම ඇඟේ හයියෙන් හා කටේ හයියෙන් පිළිතුරු දීම නවතා මොලෙන් පිළිතුරු දිය යුතුය.විශේෂයෙන් මේ විනාශකාරී කල්ලි ඉදිරියේදී එක් එක් පෙරමුණුවල ඇති සුළු සුළු අරගල ඒකාබද්ධ කර දැවැන්ත කඩාකප්පල්කාරී පිළිවෙතකට යොමු වීමට ඇති ඉඩ කඩ වැඩිය.එබැවින් වහ වහා කල යුත්තේ මේ සුළු ගැටළු උපන්ගෙයිම සක්‍රීයව සද්භාවයෙන් මැදිහත්ව විසඳා ගැනීමය.ඒවා පටු අරමුණු වෙනුවෙන් වෙන්දේසියේ දැමීමට ඇති ඉඩ අහුරා දැමීමය.උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය තුල අධ්‍යන / අනධ්‍යන අංශ වල ඇති පරිපාලන ගැටළු පුළුල් සංවාදයකින් අරඹා වහා සමනය කල යුතුය.ඒ සමගම උසස්පෙළ ප්‍රතිඵල අවුල වැනි පරිපාලන ගැටළුද ජනතාවට පීඩාව අවම වන ලෙස විසඳමින් ඉදිරියට එවැන්නක් සිදු නොවන බවට ජනතාව තුල විශ්වාශය ගොඩ නැංවිය යුතුය.

මෙවැනි ක්‍රියාමාර්ග මගින් මේ ලදරු වලිප්පුකරුවන්ට තිබෙන අවසන් ඉඩද අහුරා දැමිය යුතුය.එසේ නොවුවහොත් වන්නේ මේ මේ මනෝ විකෘතිකරුවන්ගේ අරමුණු මුදුන් පැමිණ තනි තනිව නොව මුළු සමාජයම අඳුරු විලාපයක ගිලී යෑමය.'අරාබි වසන්තයේ' මායාවට රැවටී දෑස් නිලංකාර කරගත් අහිංසකයන්ගේ විලාපය අද වන විට පෙරට වඩා ලෝකය සතර දෙසින් ඇසෙමින් ඇත.ඔවුන් ප්‍රමාද වූවා වැඩිය.

එනිසා බලධාරීන් ඇතුළු සියලු දෙනා දැනුවත් මනසින් වහ වහා ක්‍රියාත්මක විය යුත්තේ මේ විකෘතිය හමුවේ සමාජයම ගෙවිය යුතු ලේ වන්දියෙන් ගලවා ගැනීමටය.
-කැලුම් නිරංජන
2012-01-09

Wednesday, January 4, 2012

බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල කැපීම.....

3 comments

ඉන්දීය විදේශ අමාත්‍ය එස් එම් ක්‍රිෂ්ණා නිල සංචාරයක් සඳහා මෙම මස 16 නදා ලංකාවට පැමිණෙන බව වාර්ථා වේ.දෙරටේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු පිළිබඳ ඉහළපෙලේ සාකච්චාවකට පැමිණෙන බව එක් පසෙකින් පැවසෙද්දී අනික් පසින් පැවසෙන්නේ ඉන්දියාව විසින් උතුරු ප්‍රදේශයේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචනයට පැමිනෙන බවයි.

මේ එන්නේ ප්‍රකාශිත අරමුණු උදසාම නම් එහි ගැටලුවක් නැත.නමුත් මේ 'බමුණන්ගේ' යටි අරමුණ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට බලය බෙදා දීමේ ව්‍යාපෘතිය නැවත වටයකින් පන ගැන්වීමට බව දැනගැනීමට මලයාලම් අඳුන් බැලීම අවශ්‍ය නැත.ආණ්ඩුවේ ගිරා පෝතකයන්ද මේ දිනවල පොලිස් හා ඉඩම් බලතල සහිත 13 + සාකච්චා ගැන කන් කෙඳිරි ගාන්නේ මේ බමුණන්ට කොන්ද කෙලින් තබා ගෙන මුහුණ දීමට ඇති නොහැකියාව නිසාය.
'තොපි තොපේ වැඩක් බලාගනිලා.උඹලට කිසිම අදාල කමක් නැති අපේ වැඩ අපි බලාගන්නම්' යන අදහස කෙලින් දිය නොහැකි තාක් බමුණන් අනවරතව මෙවැනි ගමන් එනු ඇත.බමුණන්ගේ ගමන් හුදු විනෝද සවාරි නොවන බැවින් මේ සෑම උගුලකටම හසු වීමෙන් අවසානයේ අපි විසින්ම අපේ බෙල්ල දිය රෙද්දෙන් කපා ගනිමින් සිටින්නෙමු.
.

-කැලුම් නිරංජන

Tuesday, January 3, 2012

අවසන් බලාපොරොත්තුවත් අත් හැර දැමීමට සූදානම් වෙමු....

2 comments

පොලිස් හා ඉඩම් බලතලවල සීමාවන් පිලිබඳ ද්‍රජාස (TNA) සමග සාකච්චා කිරීමට රජය සූදානම්- රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල
-පුවතක්


කලක සිට මාන බල බලා සිටි දෙස් විදෙස් ද්‍රෝහී බලවේගවලට රැහැනිව මෙතෙක් පැහැදිලිව කෙලින් සිටි ආණ්ඩුව අවසාන මොහොතේ කොන්ද නමන හැඩක් පෙනේ.ආණ්ඩුවේ සියලු 'කුප්ප කම්' සියල්ල ඉවසා සිටියත් බහුතරක් වන ආණ්ඩු හදන සක්‍රීය ජනයා ආණ්ඩුව අත හැර යන තීරණාත්මක සංධිස්ථානය මෙයයි.මෙතෙක් සෘජුව ජනාධිපතිවරයා පවා පෙනී සිටි "මේ කප තිබෙන තුරු පොලිස් හා ඉඩම් බලතල නොදෙමියි" යන පිළිවෙතෙන් ඈත් වීම යනු 'ආණ්ඩු හදන ජනතාවගේ' අවසන් බලාපොරොත්තුවද කඩ වී යෑමයි.ඉන් එහාට ආණ්ඩු බලය අහිමි කර ගැනීමට ආණ්ඩුවට වැඩි 'වෙහෙසක්' දැරිය යුතු නොවේ.

-කැලුම් නිරංජන