Thursday, September 13, 2012

යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු

1 comments
මීට මාස කිහිපයකට පෙරද මේ මාතෘකාව යටතේම අදහස් කිහිපයක් පල කල අතර ඒ , ජයවර්ධන පුර සරසවියේ ‘සිසු ස්මාරකයේ’ ගඩොලක් ගැලවෙන්නට එල්ල වී තිබූ ‘අධි බල බෝම්බ ප්‍රහාරයකින් ‘ පසු ඊට පසු දින එලිවන්නටත් ප්‍රථම මුළු කොලඹ නගරයම අකර්මණ්‍ය වන පරිදි අන්තරය ප්‍රමුඛ සංවිධාන කැඳුවූ පෙලපාලියෙන් සහ උද්ඝෝෂණයෙන් පසුවය.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඒවා හේතුවෙන් රට අස්ථාවර කිරීමට සහ තම තමන්ගේ දේශපාලන හා පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කරගැනීමට මාන බලන කල්ලි කණ්ඩායම් වලට ඒ හරහා ලැබෙන ඉඩ ප්‍රස්ථා පිළිබඳ එහිදී අදහස් පළ විය.බලධාරීන්...

Friday, August 3, 2012

වර්තමාන අභියෝග හමුවේ කුමාරතුංග චින්තනයේ වැදගත්කම

1 comments
කුමාරතුංග මුනිදාස - 125 වන උපත් සමරු උලෙළේදී සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර සූරීන් පැවැත්වූ වෙසෙසි දෙසුම.. කුමාරතුංගයන් ශාබ්දිකයකු වශයෙන් ,සාහිත්‍ය විචාරකයකු වශයෙන්, සාහිත්‍ය නිර්මාණකරුවකු වශයෙන් කරන ලද අති විශිෂ්ඨ සේවය ගැන අප කවුරුනුත් දන්නවා.ඒ ගැන සෑහෙන අවබෝධයක් සමාජ අවධානය වෙත යොමු වී තිබෙනව. එහෙත් බුද්ධිමතෙකු වශයෙන් - විශේෂයෙන් මෙරට ජන මනස වෙනස් කිරීමට කටයුතු කල බුද්ධිමතෙකු වශයෙන් ඔහු අතින් සිදු වූ සේවය ගැන අප තුල තවමත් ඇත්තේ අඩු අවබෝධයක් .එමෙන්ම එහිදී එතුමන් දැක්වූ අදහස් උදහස් - එතුමන්ගේ චින්තනය...

Saturday, July 21, 2012

‘අපේ’ මාර්ග සංවර්ධනයේ උපන් ගෙයි අවුල..

0 comments
- ‘ජනප්‍රිය සංවර්ධන මගේ ’ සැනෙන් ඉගිල්ලෙන්නට පෙර මඳක් නැවතී බලමු….මීට කලකට පෙර නම් ඈත ගමක වැඩි කරදරයක් නැතිව යාමට හැකි පාරක් දුටු විට බොහෝ දෙනා එය ‘ගම් උදා පාරක් ‘ එසේ නැතිනම් ‘ ප්‍රේමදාස මහත්තය හදපු පාරක් ‘ යැයි හැඳින්වීමට නිරායාසයෙන්ම පෙලඹිණ. එසේ වූයේ නිදහස ලැබීමෙන් පසු චන්ද්‍රිකා පාලනය අවසන් වන තෙක්ම අප රටේ මාර්ග සංවර්ධනයේ ඇඟට දැනෙන වෙනසක් කලේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ යුගයේ බැවිනි. ඉන්පසු චන්ද්‍රිකා යුගය තුල ඉබි ගමනින් ගිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති හැල්මේ දුවන්නට ගත්තේ රාජපක්ෂ පාලන...

Sunday, June 17, 2012

"නිවහල් අධ්‍යාපනය" - 'ගුරු තරුවෙන් ' පෙන්වන මග දිගේ....

2 comments
-නිදහස් මෙන්ම නිවහල් අධ්‍යාපනයක් වෙනුවෙන්... අධ්‍යාපන පෞද්ගලීකරණය අද දවසේ ලේ සෙලවෙන කතිකාවක් බවට පත්ව තිබේ.පිරිසක් 'නිදහස් අධ්‍යාපනයේ' මුරබල්ලන් වීමටද  තවෙකෙකු 'අධ්‍යාපන පෞද්ගලීකරණයේ" පියවරුන් වීමටද වෙහෙසෙන අයුරු පෙනේ. තවත් සමහරෙකු සමස්ථ අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහි වනු වෙනුවට තමන්ගේ අනාගත රැකියා සහ ආදායම් අහිමිවීමේ භීතිය වෙනුවෙන් හුදු  'පුද්ගලික වෙද විදුහල්' විරෝධය වැනි පටු සීමාවක සිරවී ඇතැයිද චෝදනා නැගේ. අධ්‍යාපන ක්ෂේත්‍රය අරඹයා කන්නන්ගර යුගයෙන් පසු සිදුවන තීරණාත්මක හැරවුම වන 'පෞද්ගලික...

Monday, June 4, 2012

හරය වෙනුවට (කුණු) රසම සොයන නාගරික ගොසිප් මනස

2 comments
-නූතන සයිබර් අවකාශයට ගොසිප් උගතුන්ගේ ආගමනය අනූව දශකය වන විටද අන්තර්ජාලය ලොව පුරාද ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යක් ලෙස හොඳින් වර්ධනය වී නොතිබිණ.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාලය කරලියට එන්නේ 2000 වසරෙන් පසු කාලය තුලදීය.වසර  2000 වන විට සමස්ථ ජනගහනයෙන් 1% පමණ  තිබූ අන්තර්ජාල භාවිතාව 2012 වන විට 20% පමණ මට්ටමකට වර්ධනය වී තිබීමෙන් පෙන්නුම් කරනුයේ අන්තර්ජාලය අප සමාජය හරහා හඹායන වේගයේ ප්‍රමාණයයි.එයිනුත් වසරක දෙකක  පමණ කාලයකදී අන්තර්ජාල භාවිතය පෙර වසරට සාපෙක්ෂව දෙගුණයකින්...

Sunday, May 27, 2012

ගමනක මුල

0 comments
"19 වන සියවස අග භාගයේදී පමණ මෙරට ගම් නියම්ගම් තුලින් බිහිවී 20 වන සියවස තුළ ශීඝ්‍රයෙන් වැඩුණු සිංහල 'මැද පන්තියේ' පරිණාමය මෙතෙක් නොලියවුනු කතාන්දරයයි මාර්ටින් වික්‍රමසිංහ ගේ තුන් ඈඳුතු නවකතාවෙන් කියැවනුයේ මෙරට විජාතික උසස් පන්තියේ කතාන්දරයයි . මේ මැද පන්තියේ කතාන්දරය මෙරට නූතන ඉතිහාසය ලෙසින් සැලකීම වරදක් නොවේ.ඒ කතාන්දරයෙහි පසු ගිය කාලය තුල මෙරට සිදු වූ සමාජ-ආර්ථික දේශපාලන පෙරළිවල සෙවණැල්ල අනිවාර්යෙන් ගැබ් වී ඇත. 1930-48 කාල පරිච්චේදය අළලා ලියැවුණු මේ නවකතාව ඒ දීර්ඝ කථාන්දරයෙහි - මැද  පන්තිය...

Thursday, May 17, 2012

සදා සමරමු අපේ විරුකැල....

2 comments
රුහිරු හෙලා නැසු පින් බිම දිනා තුන් වසකි අද දින නගමු රණ හඬේ රාවය සිහි කර කැපවූ සැම දන...... තුන් දශකයක් එක පිම්මේ මැරි මැරි නොමැරි දුක් වින්දේ මර බිය හිසින් ගෙන අම්මේ ගෙවු කල ඉතින් දැන් සුම්මේ.... දෙස් විදෙස් බාධා විඳ සියලු නින්දා කල මෙහෙය හින්දා නියම සේනාධිනායක මහින්දා....... දස මහ විරු නමට ඔබින දැක්මකි නිසි තැනට ඔබින සොයුරු පෙමට එහා බැඳුන ඝෝඨා නිසි ලෙය මෙහෙයුන....... රණ බිම අබියෝග නිසි ලෙස පන්නා එල්ලය නිසි ලෙසම ගෙන අරමුණ පෙන්නා විරුවන් මෙහයවූ තෙද බල ගුන හින්දා එස් එෆ් අපේ හමුදා...

Tuesday, April 3, 2012

LLRC කඩතුරාවෙන් වසන්නට තනන, ජිනීවා බලහත්කාරයේ අඳුර විනි

0 comments
පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුව තුලදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකන් යෝජනාව සම්මත වීමත් සමගම අවදියෙන් සිටින බොහෝ දෙනා ඒ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.යෝජනාව සම්මත වීමට ප්‍රථම සිටම ඇතිවූ සංවාදය තුල පවා ප්‍රධාන මතවාද දෙකක් වෙනුවෙන් පෙනී සිටින ධාරාවන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකි විය.එක් පාර්ශවයක් මෙය බියකරු බිල්ලෙකුගේ ආගමනයේ මුල් පියවර ලෙස දකිද්දී අනෙක් ප්‍රධාන කොටස මෙය එතරම් ගනන් ගත යුතු නැති හුදු කොලොප්පමක් එසේත් නැතිනම් නාඩගමක් ලෙස අර්ථ ගැන්විය.මේ අතර තවත් බොහෝ දෙනා මේ සංවාදය...