Sunday, May 27, 2012

ගමනක මුල

0 comments
"19 වන සියවස අග භාගයේදී පමණ මෙරට ගම් නියම්ගම් තුලින් බිහිවී 20 වන සියවස තුළ ශීඝ්‍රයෙන් වැඩුණු සිංහල 'මැද පන්තියේ' පරිණාමය මෙතෙක් නොලියවුනු කතාන්දරයයි මාර්ටින් වික්‍රමසිංහ ගේ තුන් ඈඳුතු නවකතාවෙන් කියැවනුයේ මෙරට විජාතික උසස් පන්තියේ කතාන්දරයයි .
මේ මැද පන්තියේ කතාන්දරය මෙරට නූතන ඉතිහාසය ලෙසින් සැලකීම වරදක් නොවේ.ඒ කතාන්දරයෙහි පසු ගිය කාලය තුල මෙරට සිදු වූ සමාජ-ආර්ථික දේශපාලන පෙරළිවල සෙවණැල්ල අනිවාර්යෙන් ගැබ් වී ඇත.
1930-48 කාල පරිච්චේදය අළලා ලියැවුණු මේ නවකතාව ඒ දීර්ඝ කථාන්දරයෙහි - මැද  පන්තිය ඇරඹූ ඒ දිගු ගමනෙහි මුල් අදියර වේ.."


[උපුටා ගැනීම :ගමනක මුල නවකතාවේ පෙරවදන ]

'ගමනක මුල' 1984 තරම් ඈත එනම් අද තාරුණ වියේ පසුවන  පරම්පරාවේ ආරම්භක වකවානුවේ බිහි වූ නවකතාවකි.සැබවින්ම නවකතා මාලවක පලමු කොටසයි.වසර 30ක් පමණ ගතවුවත් අරුතෙන් හීන නොවූවද  මෙය අද පරම්පරාවේ වැඩිපුර ඇස නොගැසෙන කෘතියක් යැයි හැඟේ.(සමහරුන් මේ කෘතිය තබා එහි නිර්මානකරුවා වන ගුණදාස අමරසේකර යනු කවුදැයි නමින් වත් අසා නොමැති යැයි ඇසුවහොත් පුදුම විය යුතු නැත.ඒ නොහඳුනන්නන් බහුතරය අකුරු නොහඳුනන නූගතුන් නොව , අප විශ්ව විද්‍යාල හරහා උපාධි , විශේෂවේදී උපාධි , පශ්චාත් උපාධි ආදියෙන් සහතික මලු පුරවාගත් 'උගතුන්' වීමෙන් පෙන්නුම් කරනුයේ කුමක්ද? )


ගමනක මුලෙන් ඇරඹි - ගමනක අගෙන් අවසන් වන නිර්මාණ 9 කින් යුතු මේ කතාමාලාව කියවමු....
ගුණදාස අමරසේකරගේ හඬින් 'ගමනක මුල ' හි මුල් ඡේදය මෙතනින් සවන් දෙමු....

-කැලුම් නිරංජන

0 comments: