Wednesday, January 4, 2012

බමුණන්ගේ ලංකාගමනය හා දිය රෙද්දෙන් බෙල්ල කැපීම.....

3 comments

ඉන්දීය විදේශ අමාත්‍ය එස් එම් ක්‍රිෂ්ණා නිල සංචාරයක් සඳහා මෙම මස 16 නදා ලංකාවට පැමිණෙන බව වාර්ථා වේ.දෙරටේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු පිළිබඳ ඉහළපෙලේ සාකච්චාවකට පැමිණෙන බව එක් පසෙකින් පැවසෙද්දී අනික් පසින් පැවසෙන්නේ ඉන්දියාව විසින් උතුරු ප්‍රදේශයේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචනයට පැමිනෙන බවයි.

මේ එන්නේ ප්‍රකාශිත අරමුණු උදසාම නම් එහි ගැටලුවක් නැත.නමුත් මේ 'බමුණන්ගේ' යටි අරමුණ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට බලය බෙදා දීමේ ව්‍යාපෘතිය නැවත වටයකින් පන ගැන්වීමට බව දැනගැනීමට මලයාලම් අඳුන් බැලීම අවශ්‍ය නැත.ආණ්ඩුවේ ගිරා පෝතකයන්ද මේ දිනවල පොලිස් හා ඉඩම් බලතල සහිත 13 + සාකච්චා ගැන කන් කෙඳිරි ගාන්නේ මේ බමුණන්ට කොන්ද කෙලින් තබා ගෙන මුහුණ දීමට ඇති නොහැකියාව නිසාය.
'තොපි තොපේ වැඩක් බලාගනිලා.උඹලට කිසිම අදාල කමක් නැති අපේ වැඩ අපි බලාගන්නම්' යන අදහස කෙලින් දිය නොහැකි තාක් බමුණන් අනවරතව මෙවැනි ගමන් එනු ඇත.බමුණන්ගේ ගමන් හුදු විනෝද සවාරි නොවන බැවින් මේ සෑම උගුලකටම හසු වීමෙන් අවසානයේ අපි විසින්ම අපේ බෙල්ල දිය රෙද්දෙන් කපා ගනිමින් සිටින්නෙමු.
.

-කැලුම් නිරංජන

3 comments:

  • January 5, 2012 at 8:24 AM
    රාවණා :

    හතුරු මිතුරු - දඹදිව නිරතුරු

    https://www.facebook.com/photo.php?fbid=121137637931686&set=a.121137484598368.9195.119799654732151&type=1&theater

  • January 5, 2012 at 8:26 AM
    රාවණා :

    ලංකාවට උතුරින් ඉන්දියාව පිහිටල තියෙන්නෙ මහා දැවැන්ත රාජ්යයක් ලෙසටයි. ඉන්දියාව මොන තරම් විශාල රාජ්යයක් උනත් ඉන්දියාවට, ඉන්දියාවේ මුතු ඇටයක් වුණු ලක් දිවයින යටත් කර ගන්න බැරි වුණා. ඉන්දියාවේ කදුළු බිංදුව ලංකාව උනේ නිකම්ම නෙවෙයි කියලයි දැන් මට හිතෙන්නෙ.... පොඩ්ඩක් හිතල බලන්න.... ඉන්දියාවට යටත් කරගන්න බැරි වුණු නිසාම අපි කදුළු බිංදුවක් වෙන්න ඇති. ඒ අපේ මේ ධර්මද්වීපයේ පින නිසා. ඉන්දියාවට විතරක් නෙවෙයි, බටහිර එංගලන්තයට වුණත්, රට ගිවිසුමකට භාර දීලත් මේ මුළු රටම ඒ අයගෙ අණසකට ගන්න බැරි වුණා කිව්වම. මේ රටට අන්න එහෙම සැඟවුණු පිනක් තියනවා. අන්න ඒ පින මතු කරගන්න දන්න රජවරු තමයි, රාජ්ජය දිනන රජවරු. ඔන්න දුටු ගැමුණු කියන්නෙ එහෙම රජ කෙනෙක්!

    විහාරමහා දේවිය ගැමූණු කුමාරය අතපය හකුළගෙන නිදාගෙන ඉන්නව දැකලා, ඊට හේතු ඇහුවම, ගැමුණු කුමාරය කිව්වෙ "උතුරින් පර දෙමළු, දකුණින් ගොළු මුහුද.. මම කොහොමද අම්මේ අතපය දිග ඇරගෙන නිදා ගන්නෙ?" කියලා....

    'අතුරු මිතුරු දඹදිවතුරු' කියල ප්රචලිත 'කටමතුර' අපි හැමෝම දන්නව උනාට, ඒකෙන් කියවෙන රහස කවුරුවත් දන්නව වෙන්න බෑ.

    අතුරු මිතුරු දඹදිවතුරු කියන මේ කටමතුර පටන් ගන්නෙ නුවර රාජධාණි කාලෙ උඩරට රජවරු, හින්දු බමුණු බලපෑමට යට වුණු හැටි කියන්නයි. ඒ සත්ත එදා දුටුගැමුණු කුමාරයා රජවෙන්න කලින්ම දැනගෙන හිටිය කියන එක තමයි, 'අතපය දිග අරින්න බෑ' කියන කතාවෙන් අඟවලා තියෙන්නෙ.

    අතුරු මිතුරු දඹදිව්තුරු කියන්නේ, හතුරු මිතුරු දඹ්දිව නිරතුරු!!!!

    ඇත්තටම මේක, කටින් කට යාවාපු රහස් පණිවිඩයක්... ඒ කියන්නෙ 'කටමතුරක්'..!

    නුවර යුගයේ රජවරු ඉන්දියානු හින්දු බමුණු ආක්රමණයට අහුවෙලා කියන කාරණාව, රජවාසලින් රහසේ පිට කළ විදිය තමයි ඔය. ඕව එළිපිට කතා කළා නම් හිස ගසා දාවි කියල, දේශප්රේමීන්ට හිතුණි නිසායි මේ අයුරින් රහස් පණිවිඩ ක්රමයක් හදා ගෙන තියෙන්නෙ.

    මෙහෙම බලනකොට ඉන්දියාව, හැමතිසෙම හතුරුකමින් බැරිනම් මිතුරුකමින් මේ දිවයිනට බලපෑම් කරනවා. ඉන්දියාවෙ කදුළු බිංදුව, මේ ධර්මද්වීපයෙ ඉන්න හැමෝම ඔන්න ඔය ඇත්ත තේරුම් ගෙන කටයුතු කරන්න ඕන කියන එක නම් දැන් දැන් වැටහෙන කරුණක්.


    විජය පත්රයෙන් අහුලා සකසන ලද්දකි.
    https://www.facebook.com/photo.php?fbid=121137637931686&set=a.121137484598368.9195.119799654732151&type=1&theater

  • January 18, 2012 at 3:20 PM

    කොන්ද පණ ඇතුව බමුණො එලවන්න තිබ්බා , ජාත්‍යන්තරව නාගෙන නැත්නම් (ඒත් ටිකක් විතර අමාරුයි ). මාර්තු මාසේ මානව හිමිකම් කෙලියක් සෙට් වුනොත් ඔය බමුණො නැතුව අමාරුයි .