Tuesday, January 3, 2012

අවසන් බලාපොරොත්තුවත් අත් හැර දැමීමට සූදානම් වෙමු....

2 comments

පොලිස් හා ඉඩම් බලතලවල සීමාවන් පිලිබඳ ද්‍රජාස (TNA) සමග සාකච්චා කිරීමට රජය සූදානම්- රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල
-පුවතක්


කලක සිට මාන බල බලා සිටි දෙස් විදෙස් ද්‍රෝහී බලවේගවලට රැහැනිව මෙතෙක් පැහැදිලිව කෙලින් සිටි ආණ්ඩුව අවසාන මොහොතේ කොන්ද නමන හැඩක් පෙනේ.ආණ්ඩුවේ සියලු 'කුප්ප කම්' සියල්ල ඉවසා සිටියත් බහුතරක් වන ආණ්ඩු හදන සක්‍රීය ජනයා ආණ්ඩුව අත හැර යන තීරණාත්මක සංධිස්ථානය මෙයයි.මෙතෙක් සෘජුව ජනාධිපතිවරයා පවා පෙනී සිටි "මේ කප තිබෙන තුරු පොලිස් හා ඉඩම් බලතල නොදෙමියි" යන පිළිවෙතෙන් ඈත් වීම යනු 'ආණ්ඩු හදන ජනතාවගේ' අවසන් බලාපොරොත්තුවද කඩ වී යෑමයි.ඉන් එහාට ආණ්ඩු බලය අහිමි කර ගැනීමට ආණ්ඩුවට වැඩි 'වෙහෙසක්' දැරිය යුතු නොවේ.

-කැලුම් නිරංජන

2 comments:

  • January 4, 2012 at 6:37 AM

    “As a Government we are concerned about giving Police and Land powers to provinces. However, we are ready to consider giving those powers within certain scope if such a proposal is made by the TNA to the Government. For that the TNA should remain at talks with the Government” Minister Keheliya Rambukwella said."

    http://www.news.lk/news/sri-lanka/1124-sri-lanka-government-ready-to-discuss-scopes-on-police-land-powers-with-tna-govt-spokesman-keheliya-rambukwella

  • January 4, 2012 at 6:38 AM

    හය මසකට පමණ පෙර ඉන්දීය නියෝජිතයන් හමුවේද ජනාධිපතිවරයා සෘජුව ප්‍රකාශ කලේ ඉඩම් හා පොලිස් බලතල පිලිබඳ කතාබහ කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවයි.
    http://news.geegain.com/news/432644/president-tells-indian-delegation-that-no-police-land-powers-to-pcs

    අද වන විට එම ස්ථාවරය වෙනස් වී ඇත්ද?