Sunday, July 5, 2009

ද්‍රෝහීන්ට එරෙහිව නැවතත් පෙරට පැමිණීමට කාලයයි.....

4 comments

දෙමළ ජාතිවාදයේ දේශපාලන පෙරමුණේ අභියෝගය නැවත වරක් සමාජයේ කතිකාවට ලක් වී තිබේ. මතවාදී තලයේදී දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් පදනම සුනු වුසුනු කර කලක් ගත වී ඇතත් තවමත් බහුතර සමාජය තුල එය තහවුරු වී නොමැත්තේ ජාතික බලවේගවල සංවිධානාත්මක දුර්වලතාව නිසා බව පැහැදිලිය. මතවාදීව කොතරම් ශක්තිමත් තලයක පසු වුවත් එහි පුලුල් ජනතා සහභාගීත්වයක් නොමති බැවින් තවමත් බොරු මතදාරීන් යෙහෙන් වැජඹෙමින් සිටී. ජාතික මතවාද දරන්නන් සංවිධානාත්මක නොවීමේ අවාසියට ජාතියක් වශයෙන් අද මුහුණ දී සිටියි. දෙමළ ජාතිවාදී,මෙදුම්වාදී මතවාදය සංගතව පැරදවියහැකි මතවාදීමය හයියක් ජාතික බලවේග සතු වුවත් එයට සරිලන ශක්තිමත් සංවිධානාත්මක බලයක් ගොඩ නගා ගත නොහැක්කේ ඇයි?

ප්‍රධාන මතවාදයෙන් එකම කුලකයට අයත් වුවත් සුලු සුලු නොගැලපීම් , සුලු මතවාදී අපගමනයන් ජාතික අවශ්‍යතාවයටත් වඩා පෙරට පැමිණ එකඟතාවයකට පැමිණීමට බාධාවක් වීම මුළු මහත් ජාතියේම අවාසනාවකි. නමුත් අවැසි අවස්ථාවන්හිදී එම සුලු නොගැලපීම් අමතක කර දමා පොදු සතුරාට එරෙහිව මුහුණදීමේ ලක්ෂණයක් මෙම බලවේග සතුය. නමුත් පොදු සතුරාගේ ( පොදු සතුරා ලෙස හඳින්වූයේ රටට එරෙහි බලවේගයි ) අභියෝගයේ ප්‍රබලත්වය දුර්වල වන විටදී ජාතික බලවේගවල එකමුතුවද එයට අනුරූපව දුර්වල වේ.නැවතත් විජාතික බලවේගවල බලපෑම ප්‍රබල වන විටදී එකමුතුවද ප්‍රබල වේ.

අද වන විට නැවතත් සමාජය අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් සිටී.ම්ලේච්ච කොටි ත්‍රස්තවාදය ලෙයින් යකඩින් මර්දනය කර අහසට මුසු වූ එහි වෙඩි බෙහෙත් ගඳ මැකී යන්නටත් පෙර බෙදුම්වාදී දේශපාලන පෙරමුණට මුහුණදීමට සිදු වී තිබේ. ඊනියා 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ දේශපාලන ක්‍රියාවලිය වේගවත් වෙමින් තිබේ. ඉන්දියාවේ සෘජු මැදිහත්වීම නැවතත් ප්‍රබල වී තිබේ. ත්‍රස්ත බලය මර්දනය කිරීමට ඉන්දීයාව දැක්වූ ප්‍රතිවිරෝධයට වඩා ප්‍රබල ප්‍රතිවිරෝධයක් අද වන විට එල්ල වෙමින් තිබේ.එකල එයට විරුද්ධව කෙලින් සිට ගත් මහින්ද රාජපක්ෂ ඊනියා බෙලය බෙදීමේ ක්‍රියාවලියේදී යම් පසුබෑමක් නිරූපනය කරන්නේද යන සැකය ජාතික බලවේගවලට ඇත.ආපසු හරවා යැවූ ආ‍ක්‍රමණකාරී බිරිතාන්යය නෞකාව ගෙනා භාණ්ඩ ඉන්දියාවේ බලපෑම මත නැවත බාර ගැනීමට පසුගියදා ඉන්දියාව විසින් එරටට කැඳවා තර්ජනය කල මෙරට රාජ්‍ය නියෝජිතන් එකඟ වීමෙන් පෙන්නුම් කරන්නේ එය නොවේද?


මේ අභියෝගය ජය ගැනීමට නම් අද කල යුත්තේ මෙයට එරෙහිව පුළුල් ජාතික සංවිධානයක් ලෙස එකමුතු වීමය.පාර්ලිමේන්තුව තුලින් ඇරඹිය හැකි මෙම එකමුතුව එයින් නොනැවතී ජාතික සංවිධානවල සමාජ බලයෙන්ද සන්නද්ධ කල යුතුය.පාර්ලිමේන්තුව තුලදී එයට ජාතික හෙළ උරුමය,ජාතික නිදහස් පෙරමුණ,මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ ජාතික බලවේග වලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින රටට හිතැති බලවේගයේද සහය ලබා ගත යුතුය.මෙම අභියෝගය කලින්ම අවබෝධ කර ගත් ජාතික හෙළ උරුමය එයට එරෙහිව ප්‍රබලව විරෝධය දැක්වීම පැසසුමට ලක් විය යුත්තකි.එයට අනුවම යමින් ජාතික නිදහස් පෙරමුණද රජයට පෙර අනතුර අඟවා තිබේ.නමුත් සති අන්ත සමහර පුවත්පත් අනුව රජය එම අනතුරු ඇඟවීමෙන් අසතුටට පත්ව තිබෙන හැඩක් පෙන්න්මු කර තිබේ.එයට එරෙහිව ශ්‍රී ලං නි ප යේ යැයි කියමින් නිවට ඇමතිවරුන් නිවේදන පවා නිකුත් කිරීමට පවා පෙරට විත් තිබේ.

ශ්‍රී ලං නි ප මතය 13 ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ එකක් වූ බව අද 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය අසමමතික බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින මෙම නිවටයන් වසන් කරති.එවක ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව පිටකොටුව බෝ ගස අසල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේද සහභාගීත්වයෙන් පලකල විරෝධතාවයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාට එය අමතක වීමට හේතුවක් නොමැත.නමුත් චන්ද්‍රිකාගේ ෆෙඩරල් මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බවට කලක් පත් වූ බව ඇත්තක් නමුත් එය සැබෑ ශ්‍රී ලං නි ප මතවාදය නොවන බව ෆෙඩරල් මත වමාරන ඇමති ඇම්බැට්ටයන් අමතක නොකල යුතුය.

මෙම ද්‍රෝහී මත දරන්නන්ට රිසි සේ පිනුම් ගැසීමට ඉඩ හැරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකැයි කියා අහක බලා ගෙන සිටීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකිය.යන කෙනෙකුන්ට ආණ්ඩුවෙන් යා හැකි යයි ඕනෑ කෙනෙකුට සිටින්නට හැකි යයි කීමට තරම් මහින්ද රාජපක්ෂ මහතා මුග්ධ වන්නේ නම් එතුමන් කෙරේ දේශප්‍රේමී ජනයා තැබූ බලාපොරොත්තු සහ විශ්වාසය එය ඇති වූවාටත් තරා ඉක්මනින් වියැකී යනු ඇත. එලෙස ආණ්ඩුවෙන් යන්නේ එක් ඇමතිවරයෙක් මන්ත්‍රවරයෙකු බව සැබෑවක් නමුත් එයින් නියෝජනය වන්නේ ජනපතිවරයාට හිතවත් ප්‍රබල සමාජ නියෝජනය බව වටහා ගත යුතුය.ඔහු බලයට පත් කලේත් පත් කරන්නේත් මෙම ජාතික බලවේගය මිස ෆෙඩරල් ඇමති පුස්සන් නොවන බව ජනපතිවරයාට තවමත් නිරවුල් අවබෝධයක් ඇතයි රටට හිතැති ජනතාවගේ පැතුමයි.

ජනාධිපතිවරයාගේ මෙම කරුණ අරබයා ඇති නිහඬ බව තමන්ට ලැබී ඇති අනුමැතියකැයි මේ ද්‍රෝහීන් කල්පනා කරන බව පෙනේ.එබැවින් ජනාධිපතිතුමනි,
නිහඬ බව බිඳීමට මේ නියම කාලයයි. . . . .

- කැලුම් නිරංජන

4 comments:

  • July 6, 2009 at 10:00 AM

    සමා වෙන්න බාධා කලාට, දෙමල ජාතිවාදය පමණක් උඩු අතින් බලමින් කතා කරත් අපේ ( සිංහල ) ජාතිවාදය ගැන පිළි ගැනීමට අකැමති බැවින් මා කිසිවක් නො කරමි, මන්ද මා දන්නා දහමට අනුව එය කොකත් හොඳ බැවිනි. මා ඔබට බාධා කලේ දේශපාලන හා පටු දැක්මක් නැතිව ලිවි ලිපියක් පෙන්වා දීමටයි:

    කියවන්න : http://miduma.blogspot.com/2009/07/13.html

    ඔබේ ලිපියේ Typing Mistakes හෝ යම් වැරදි බොහොමයක් ඇති.

  • July 6, 2009 at 10:22 AM

    ලිපිය ඉතා හොද වුවද අක්ෂර දෝෂ නිසා කියවීම ඉතා අපහසුය. පළ කිරිමට පෙර නැවත වරක් කියවා අක්ෂර දෝෂ නිවැරදි කරන්නේ නම් යෙහෙකි.

  • July 6, 2009 at 6:06 PM

    අඩුපාඩු පෙන්වාදීම පිලිබඳ ස්තුතියි.අක්ෂර දෝෂ සමහරක් නිවරදි කලා.

  • July 13, 2009 at 1:54 PM

    හොද ලිපියක්. එහි තරමක් නලීන් සිල්වා මහැදුරු තුමාගේ දර්ශනය අඩංගු යයි කිව හැකියි. මම ඔහු සමග එකග වන්නෙක් නොවුනත්, සිංහල ජාතිකත්වයට එරෙහිව නැගෙන කුමන්ත්‍රණ පරිජය කිඍීමට ඔහුගේත්, ඔබගේත් අදහස් වැදගත් වේ.