Saturday, November 13, 2010

දෙවන වර අභියෝගය........

14 comments

හින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තම දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ඇරඹීමට තව ඇත්තේ සතියක පමණ කාලයකි.පලමු ධූරකාලය නිමා වන විට ලෝකයේ අපට බහුල උදාහණ ඇත්තේ තම මුල් ජනප්‍රියතාවය අඩු වූ පාලකයන් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්නුම් කරමින් සිටින්නේ එහි විලෝමයයි.2005 දී ලද කෙසඟ ජයග්‍රහණය අබිබවා යමින් දෙවන වර ලැබූ අති දැවැන්ත ජයග්‍රහණයෙන් වසරකට පමණ පසුව දෙවන ධූර කාලය නිල වශයෙන් අරඹන මොහොත වන විට රටේ යහපත් ඉදිරි ගමන් මග වෙනුවෙන් මෙවර ඉටු කල යුතු යුතුකම් සහ වගකීම් රාශියක් ඔහු හමුවේ ඉතිරිව පවතී.පලමු ධූර කාලයේදී ඔහු හමුවේ තිබූ සහ ඉතාමත් ප්‍රශස්ථ ලෙස ජයගත් බරපතල අභියෝගය සමග සැසඳිමේදී මෙය එතරම් දෙයක් නොවේ යැයි යමකු සිතුවත් කාරණය බරපතල වන්නේ පලමු අභියෝගය ජය ගැනීමට ඔහුට ජවය සැපයූ ජවාධික පරිවාර සේනාංකය වැනි සහායක බල ඇණියක් මෙවර අභියෝගය ජය ගැනීමට සිටීද යන පැනය මතු වන බැවිනි.කෙසේ වෙතත් කුමන බාධක හමුවේ වුවත් බහුතර ජනයා අපේක්ෂා කරන්නේ තමන් අපෙක්ෂා කල තැනට රට ගමන් කරවීමට වත්මන්මහින්ද රාජපක්ෂ පාලනය කටයුතු කරාවිය යන්නය.සාතිශය බහුතර ජනයා මහින්ද රාජපක්ෂ පිලිබඳ තවමත් නොසිඳුනු විශ්වාසයකින් කටයුතු කරන්නේ එම අපෙක්ෂාවෙනි.බහුතරය තවමත් එසේ විශ්වාසයෙන් පසු වුවත් තවත් කොටසක් ඉක්මන් ප්‍රතිපල අපෙක්ෂාවෙන් සිට එය නොලැබේයැයි කලින්ම තීරණය කර මඳක් පසු බසිමින් සිටී.නමුත් ඒ කොටස්වලද යටි සිත් මහින්දගෙන් යහපත් යමක් සිදුවේයැයි අපෙක්ෂා කරන්නේ යැයි පැවසීම මුසාවක් නොවේ.

ඒ අතර වත්මන් පාලනයෙන් දේශපාලන ලෙස නනත්තාර කරවූ කොටස් (එජාප ,ජවිපෙ මෙන්ම ඉතුරු බිතුරු වූ කොටි වලිග මෙන්ම රටට වින කෙටූ ඊනියා රාජ්‍ය නොවන කල්ලි ) තම තමන්ගේ දෙශපාලන ශරීරයන් තව දුරටත් ජීවී තත්වයෙන් පවත්වා ගැනීමේ මාරාන්තික අරගලයක නියැලෙමින් සිටින අයුරු දැකිය හැකිය. එහි කොටස් ලෙස සමහරුන් ගම දිනා ගැනීමට යැයි කියා ටයි කෝට් හැඳ වෙල් එලිවල දුව ඇවිදිදී තවත් කල්ලියක් තමන්ට සුපුරුදු ලේ සොලවන අරගලයකට අවශ්‍ය මානසික ශක්තිය තම කාඩර්වරුන්ට සපයන ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින අයුරු දැකිය හැකිය.මොන දහන් ගැට දැම්මත් අවසානයේ තමන්ගේ ප්‍රත්පත්ති ,බටහිර අවශ්‍යතා පෞද්ගලික අවශ්‍යතා සහ පක්ෂ අවශ්‍යතා යන පටු සීමාවෙන් ගලවා ගෙන රටේ අවශ්‍යතා වෙනුවෙන් සකස් කර ගැනීමෙන් තොරව මහින්ද රාජපක්ෂගෙන් එල්ල වූ දේශපාලන අභියෝගය ජය ගත නොහැකි බව මෙම කල්ලි අවබෝධ කර ගත යුතුය.මහින්දගේ රටට හිතරකර ගමන් මග (එය මිත්‍යාවකැයි,රැවටීමකැයි කියා අවශ්‍යනම් කෙනෙකුට නොසලකා හැරිය හැක.එය සනාථ කිරීමට උවමනා නම් උදාහරණද එකින් එක පෙනවා දීමටද යමෙකු ඉදිරිපත් විය හැක.නමුත් අප මෙහිදී සලකන්නේ එක් එක් වියුක්ත කාරණා නොව සමස්ථය වන බැවින් රාජපක්ෂ පාලනය පරම පිවිතුරු පරමාදර්ශී එකක් නොවූවත් එහි සම්ප්‍රයුක්තය රටට හිතකර එකක් යැයි පැවසීම අතිශෝක්තියට නැගීමක් නොවේ ) අභිබවා යා හැක්කේ වත්මන් පාලනයේ අඩු පඩු මෙන්ම යහ ලක්ෂණද එක පමණට විසල් මනසින් දකිමින් එය අභිබවා යා හැකි දැක්මකින් සන්නධ වන දේශපාලන ව්‍යාපාරයකට විනා තැන තැන සිදු කරනා අක්‍රමවත් සාම්ප්‍රදායික දේශපාලන ගරිල්ලා පහරදීම් වලින් නොවේ.

ඒ අතින් බලද්දී එවැනි මාවතක් පේන තෙක් මානයක නොමැති බව පැහැදිලිව පෙනේ.නායකත්ව අර්බුධයෙන් ගිනිගෙන දැවෙන තම පක්ෂ අභ්‍යන්තරය තම තමන්ගේ පෞද්ගලික වාසියට ගැලපෙන අයුරින් කළමනාකරනය කර ගැනීමේ සටනට මුහුණ දී ඇති එජාපයෙන් මේ මොහොතේ එවැනි විදග්ධ මැදිහත්වීමක් අපෙක්ෂා කිරීම නිරර්ථක උත්සාහයකි.වත්මන් නායකත්වයේ විජාතික ඒජන්ත ස්වරූපය මකා දැමීමට වෙල් දෙනි දිගේ දුව පැන ඇවිදිමින් සිදු කරනා නාටක , ගම දිනා ගැනීමට කේසේ වෙතත් පක්ෂ නායකත්ව අසුන රැක ගැනීමටවත් ප්‍රමාණවත් වේ දැයි සැක සහිතය.
ඒ අතර ජාතිකත්ව මගෙන් තීරණාත්මකව පීලි පැන්නවූ තම පක්ෂට ඉන් පසු උරුම වූ යලි සකස් කර ගත නොහැකි තරමේ දේශපාලන අනථභාවයෙන් පීඩා විදින ජවිපෙන්ද තව දුරටත් එවැනි අර්ථවත් මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකිය. (71 /88-89 දීවත් ඔවුන් මේ තරම් දේශපාලන නන්නත්තාරවීමකට ලක් වී නැතැයි සිතේ.එයුගයෙදී මර්දනයේ දඬු අඬුවට හසු වුවත් ඔවුන්ගේ දේශපාලන පෞරුෂය සමාජය ඉදිරියේ මේ තරම් හෑල්ලූ වූ අවධියක් නොමැත.සරසවි තුලින් පැන නැගී ඇති වත්මන් තත්වය හමුවේ යලි සමාජය ඉදිරියේ යම් කිසි දුරකට ක්‍රියාකාරී වීමට ඔවුන්ට ආවස්ථාව උදා වී ඇත්ත් එයද තාවකාලික වනු ඇත.)

විකල්ප මැදිහත්වීමක් අපේක්ෂා කල නොහැකි මේ මොහොතේ රාජපක්ෂ පාලනයේ වගකීම විය යුත්තේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව ලෙහෙසියට නොසලකා වගකීමෙන් කටයුතු කරමින් රට නිවරදි මාර්ගයට ගැනීමට සක්‍රීයව මැදිහත්වීමය.එසේ නොමැතිව 77 දී 5/6 ක පාර්ලිමෙන්තු බලයකින් සමන්විත වූ JR‍ පාලනය මෙන් ඉබාගාතේ ඇවිද්දහොත් සිදු වන්නේ ඉතිහාසයෙ JR ට උරුම වූ තැනම මහින්ද රාජපක්ෂටත් උරුම වීමය.එපමනක් නොව JR රට පත්කල විසකුරු තැනටත් වඩා ශෝචනීය තැනකට රට පත්වීමය.තාවකාලික උන්මාදය ගෙන එන සබන් බුබුළු සංදර්ශන වෙනුවට දීර්ඝ කාලින දැක්මක් සහිතව රට මෙහෙයවිය යුත්තේ එබැවිනි.පලමු ධූර කාලයේදී රටට අත් කරදුන් විශ්ෂ්ඨ ජයග්‍රහණය මල් පල ගැන්විය හැක්කේ එලෙස පමනි.

මෙහිදී මූලික අවධානය යොමු වී ඇත්තේ සංවර්ධන ක්‍රියාදාමය වෙතටයි.එහිදී බොහෝ දෙනා අපෙක්ෂා කරන්නේ තම තමන්ගේ ඇසට අසුවන භෞතික සංවර්ධනය පමනි.නමුත් ඒ බටහිර සංවර්ධන උපාය උපක්‍රම අභිබවා යන අපට උරුම අපේම සංවර්ධන මාවතක් සකසා ගැනීම කර යුතු මුඛ්‍ය කාර්යයකි.සිංගප්පූරුව හෝ මැලේසියානු පන්නයේ කොන්ක්‍රීට් සංවර්ධනයක් වෙනුවට අපෙ රටට උරුම සංවර්ධන මාවතක් නිර්මාණය කර ගත යුතුය.එහිදී පුද්ගල අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ඕනෑම කැප කිරීමක් කිරීම වෙනුවට පුද්ගලයා සහ සමාජය ගැන එක ලෙස සිතා පරිසසරය කාබාසිනියා නොකරන පරිසරය හා සම්බන්ධ තිරසාර සංවර්ධන පිලිවෙතක් අනුගමනය කිරීමෙන් තොරව සිදුකරනා මොන යම් හෝ සංවර්ධන ක්‍රියාවලියක දීර්ග කාලීන ප්‍රතිඵලය යහපත් එකක් විය නොහැක.එයින් අදහස් කරන්නේ භෞතික සංවර්ධන ක්‍රියාමාර්ග නවතා දැමිය යුතු බව නොවේ.ක්ෂණික ප්‍රතිඵල අපෙක්ෂාවෙන් ඔබ්බට ගිය දීර්ඝ කාලීනව අවම වශයෙන් තව වසර 50 වත් ඉදිරිය දකින සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වහ වහා පියවර ගත යුතුය.එහිදී මාර්ග ,විදුලි බලය , වරාය ,ගුවන් තොටුපොළ ආදී ප්‍රමුඛ අංශවල සංවර්ධනය වඩා වැදගත් වන අතර එයට සමගාමීව මෙරට ප්‍රමුඛම ක්ෂේත්‍රය වන කෘෂිකාර්මික අංශය කෙරෙහිද දැනට වඩා සක්‍රීය මැදිහත්වීමක් කිරීම අත්‍යවශ්‍ය වේ.රජය මේ අංශවල සිදු කරනා බොහෝ ක්‍රියාකාරකම් වල දැනට ඇත්තේ සංදර්ශනාත්මක ස්වරූපයක් පමණි.යහපත් බොහෝ කාර්යයන් ආරම්භ වුවත් ඒවා දීර්ඝකාලීන වැඩපිලිවෙලකින් යුක්ත නොවීම නිසා බොහෝ ඒවා අතර මග ඇනහිටී,තවත් ඒවා ලත් තැනම ලොප් වී යයි.උදාහනණයක් ලෙස 'අපි වවමු රට නගමු' වැනි ප්‍රශස්ථ සංකල්පයක් ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් පමණක් ක්‍රියාවට නැගුන මුලදී බොහෝ දෙනා ඒ වෙනුවෙන් සක්‍රීයව තම දායකත්වය සැපයීය.තම නිවසේ ඇති කුඩා ඉඩ කඩෙන් පවා ප්‍රයොජන ගැනීමට උනන්දු විය.නමුත් ප්‍රදර්ශනාත්මක කාලය අවසන් වීමෙන් පසු ඒ ගැන යෙදු අවධානය නැතිවී යාමෙන් නැවතත් පරන තැනටම පත් වීමට සිදු වී ඇත.
ඒ සමගම සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනා ගෙන කටයුතු කිරීමද මීට වඩා ක්‍රමවත්ව සිදු කල යුත්තේ දැනට ඒ අතින් පෙන්වන සාර්ථකත්වය ගැන සෑහීමට ලක් විය නොහැකි බැවිනි.සංචාරක කර්මාන්තය දියුනු කිරීමේ අරමුනෙන් යයි කියා මෑතකදී කැසිනෝ පිලිබඳ පනතක් කඩි මුඩියේ සම්මත කර ගැනීම එම ප්‍රමුඛතා සැලකිල්ලට නොගන්නා බවට කදිම උදාහරණයකි.සංචාරක කර්මාන්තයේ දියුණුව අපේක්ෂාවෙන් නම් කැසිනෝ පනත සම්මත කර ගැනීමට පෙර කල යුතු කාර්‍යයන් රාශියක් ඉතිරිව පවතී.සංවර්ධන ක්‍රියාවලියේදී සිදුවන මෙවැනි අඩුපාඩු අවම කර ගැනීමට නම් ඒකාබද්ධ ආර්ථික සංවර්ධන උපායක් අනුගමනය කල යුතුය.ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීම හරහා ජනාධිපතිවරයා බලා පොරොත්තු වන්නට ඇත්තේ මෙම අරමුනයි.එබැවින් දැන් කලයුත්තේ ඒ සඳහා පෙරට වඩා ක්‍රියාශීලීබවකින් මෙම අංශ ක්‍රියාත්මක කිරීමය.

නීතිය හා සාමය සුරැකීම අතින්ද දැනට වඩා ඉහල සඵලතාවයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොපමාව සිදු කිරීමද අත්‍යවශ්‍ය කාර්යයකි.විශේෂයෙන් පොලිස් සේවය මුල සිට අග දක්වා පූර්ණ වෙනස්කමකට ලක් නොකරන්නේ නම් යහපත් සමාජයක් බිහි වේ යැයි බහුතරය තුල ඇති අපෙක්ෂාව උපන් ගෙයිම වල දැම්මාට වරදක් නැත.8 සමත් පොලිස් සේවයක් වෙනුවට උගත් මනා ලෙස පුහුණුවක් ලත් නිලධාරීන්ගෙන් යුත් විධිමත් පොලිස් සේවයක් බිහි කර නොගන්නේ නම් තව දුරටත් සිදුවන්නේ මේ මජර ක්‍රමයම විකාශනය වීමක් පමණි.ඒ අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වන හමුදා සාමාජිකත්වයද හැකියාව ඇත්නම්( දැනටමත් ක්‍රියාත්මක වන පරිදිම ) සංවර්ධන කටයුතු සඳහා මැදිහත් කර ගත යුතුය.විශේෂයෙන් උතුරු පළාත තුල දියත් කර ඇති සංවර්ධන කටයුතු වලට තව තවත් ඒ දායකත්වය යෙදවිය යුතු අතර එහිදී හමුදා සාමාජිකයන්ට අමතර ප්‍රතිලාභ ලැබෙන වැඩපිලිවෙලක්ද සැකසිය යුතුය.

මේ කුමන කාර්යක් කිරීමටත් රට තුල දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කර ගත යුතුය.මහින්ද රාජපක්ෂට ඒ වෙනුවෙන් ඒ තරම් මහන්සි වීමට හේතුවක් නොමැත්තේ පසු ගිය මැතිවරණයෙන් ජනතාව නොසෙලවෙන බලයක් ලබා දී ඇති බැවිනි.පෙරදී මෙන් පාර්ලිමෙන්තු ඔලුගෙඩි සෙල්ලම් තුලින් ආණ්ඩු පෙරලිය නොහැකි වන සේ ස්ථාවර බලයක් ආණ්ඩුව සතු වන බැවිනි.නමුත් දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම සඳහා නොව විපක්ෂය නැති බංගස්ථාන කිරීමේ අරමුණින් මන්ත්‍රීවරු බිලී බෑමද වහා නතර කල යුතුය.වරප්‍රසාද වරදාන ඇමති තනතුරු ලබාදී තම පිල තව තවත් ලොකු කර ගැනීම හරහා තම පිල මෙන්ම එමගින් පොදු මහජනයා මත වැටෙන නාස්තිකාර වියදම්ද වැඩි වනු ඇත. පලමු ධූරකාලයේදී නම් යුද්ධය අවසන් කිරීමේ අරමුණින් තිබිය යුතු දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීම වෙනුවෙන් කලා යැයි එය සාධාරනය කල හැකි නමුත් 2/3 ත් අබිභවා ඇති මේ අවස්ථාවේ සිදු කරන එවැනි ක්‍රියා මගින් සිදුවන හානිය ගැන මහින්ද රාජපක්ෂ මහතා දැඩි අවධානය යොමු කල යුතුය.(රජයක් පිහිටුවන කාලයක් පිලිබඳ ඉඟියක්වත් නොමැතිව ලත වන විපක්ෂ මන්ත්‍රීන් තව තවත් ආණ්ඩුවට ආකර්ෂණය වීම ඉදිරියේදීත් සිදුවිය හැකි නමුත් එය පාලනය කර ගැනීමේ කිරීමේ වගකීම ආණ්ඩුවට පැවරේ. )ඒ සමගම රජයේ සමහර මැති ඇම්තින් ගේ ජනතාව නොඉවසනා අමන ක්‍රියාමාර්ග හමුවේ ජනාධිපතිවරයා අනුගමනය කරමින් පවතිනා නිද්‍රාශීලී පිලිවෙත පිලිබඳවද බහුතර ජනයාගේ (මේ පාලනය ගැන ඉමහත් බලාපොරොත්තු තමා සිටිනා ජනයාගේ පවා ) ඇත්තේ කිසි සේත්ම යහපත් ප්‍රතිචාරයක් නොවේ.ඔහු වටා සිටිනා දුසිම් ගනනක් වන උපදේශකයනේ වගකීම විය යුත්තේ මෙම ජන මතය ඔහු වෙත ඉදිරිපත් කිරීමය.
එසේ නොවුවහොත් ස්ත්‍රී දූෂකයන් , කුඩු වෙළඳුන් , මැරයන් මග සහවාසයෙන් පවත්වාගෙන ගිය පෙර රජයන්ගෙන් මේ රජය වෙන් කර ගැනීමට නොහැකි වනවා ඇත.එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙශපාලන සෞඛ්‍යට නම් කෙලෙසින්වත් හිතකර නොවනු ඇත.

දූෂණය සහ නාස්තිය යන්න ආසියාතික රටවලට පමනක් නොව 'සුදු' යුරෝපයේ ආණ්ඩුවලටද එල්ලවන පොදු චෝදනාවයි.ආසියාතික රටවල් වලදී මෙම චෝදනාව තවත් උස්ව නැගෙයි.ශ්‍රී ලංකාව තුලද එහි වෙනසක් දැකිය නොහැක.මාරුවන් මාරුවට සෑම විපක්ෂයක්ම පවතින ආණ්ඩුවට මෙම චෝදනාව එල්ල කිරීම පුරුද්දක් කර ගෙන සිටී.සෑම විපක්ෂයක්ම පොදුවේ නගන මෙම චෝදනා බොහෝ දුරට ඒ ඒ පක්ෂවල දේශපාලන අරමුණු වෙනුවන් කරනා තාවකාලික සංදර්ශන විනා සැබෑවන් නියම පරිමාණයෙන් නිරූපණය වන්නක් නොවේ.[මෙයින් අදහස් කලේ ආණ්ඩුවල දුෂණය හා නාස්තිය නැති බව නොවේ.විපක්ෂ බොහෝ දුරට චෝදනා කරන්නේ ලොකුම දූෂිතයාට නොව ලොකුම දේශපාලන අභියෝගය එල්ල කරන්නාටය.එබැවින් සැබෑ දූෂිතයන්ට තමන්ගේ ක්‍රියා කිසිම අපහසුවකින් තොරව කර ගෙන යාමට ඉඩ සැලසේ.]කෙසේ නමුත් වැඩිපුර වැඩ කරන විට වැඩිපුර චෝදනා එල්ල වීමද ස්වාභාවිකය.එලෙසම වැඩිපුර වැඩ කෙරෙන විට හොරකම දූෂණයට ඇති අවස්ථාද වැඩිය.එබැවින් කල යුත්තේ දූෂ්ණය හා නාස්තිය අවම කර ගත හැකි ක්‍රමවත් ප්‍රායොගික වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැගීමය.එලෙස දූෂණයට හා නාස්තියට අනුබ්ල දෙන්නන්නට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලැබෙන වැඩපිලිවෙලක්ද අත්‍යවශ්‍යය.මෙහිදී ඉහල සිට පහලට නාස්තිය අවම කිරීමට ලබා දෙන ප්‍රායෝගික ආදර්ශයද වඩා වැදගත්ය.අද වන තුරුත් මේ අංශයෙන් නම් රාජපක්ෂ පාලනය පෙන්නුම් කරමින් සිටින්නේ පෙර රජයන්ගේම විකාශනයකි.කල යුතු, කල හැකි කාර්යන් පවා අතපසු කරමින් සිටිනා ස්වරූපයකි.එමගින් සිදුවන්නේ ජනතා විශ්වාසය යලි යලි හැදිය නොහැකි අයුරින් පලුදු වීමයි.එමගින් කිසිඳු වාසියක් රටට අත් නොවන්නේ එමගින් දෙශපාලන ලෙස වාසි ලැබෙනා කණ්ඩායම්ද අතීතයේ මහා පරිමාන අල්ලස් දූෂන හොරකම සහ නාස්තියට කප් ගැසූවන් වීම නිසාය. (අද දූෂණයට එරෙහිවන බොහෝ දෙන තමන් සුදනන් යැයි පෙන්වීමට දත කෑවත් එදා ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව සිදු වූයේත් එමරජයක් පැවති කාලයේ බව මොවුන් අමතක කරන්නට හදති.එලෙසම එම මහා පරිමාණ වැට් බදු වංචාවේ ප්‍රධාන චූදිතයා 2001 චන්ද්‍රිකා ආණ්ඩුව පෙරලීමට ජනබල මෙයෙයුමට මූල්‍ය දායකත්වය සැපයූ බවට එල්ල කරන චෝදනාවට මෙතෙක් පිලිතුරු ලැබී නොමැත )

මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයේද දුර පෙනෙන ප්‍රතිසංස්කරණ වහා ඇති කල යුතුය.එහිදී පෞද්ස්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ කතා බහ ප්‍රධාන මතෘකාව වීම නොවැලැක්විය හැකිය.කඩි මුඩියේ එක් එක් පාර්ශායන් සමග වෛරය පිරිමසා ගැනීමෙන් ඔබ්බට සිතා රටේ ඉදිරි ගමන් මග යහපත වෙනුවෙන් පමණක් සිතා එය සලකා බැලිය යුතු බව බොහෝ දෙනාගේ අදහසයි.(ඒ පිලිබඳ ඉදිරි ලිපියකදී වැඩි අවධානය යොමු කරමු.) තාවකාලික පැලැස්තර ඇලවීමෙන් තොරව ඉදිරිය බලා අපිට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කටයුතු කිරීම ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම සමගාමීව සිදු විය යුත්තකි.එසේ නොකර විදේශ විනිමය ඉපයීමේ පටු අරමුණෙන් පමනක් කටයුතු කලහොත් සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නටය.


මේවා සාමන්‍ය ජනතාව වත්මන් පාලනයෙන් අපේක්ෂා කරනා තවමත් ඉටු වන පාටක්වත් නොමැති අපෙක්ෂාවන්ය.මෙවැනි ලුහුඩු සටහනකින් මහින්ද රාජපක්ෂ පාලනය බාර ගත යුතු ඉදිරි අබියෝග වල නිවරදි චිත්‍රයක් නියම පරිමාණයෙන් නිරූපනය කිරීමට අපහසු වුවත් මෙම සරල කරුණු පිලිබඳ අවධානය යොමු කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පිලිබඳ මහුතර ජනයා තවමත් නොසිඳා බලා සිටිනා බලාපොරොත්තු සහ කැපකිරීමට නිසි අගයක් ලැබෙනු ඇත.එසේ නොකර රට ලැබූ මේ ස්වර්ණමය අවස්ථාව සරල කාරණා නිසා නැති නාස්තිකර දැමුවහොත් එවැනි අවස්ථාවක් තව සියවස් කිහිපයක් යන තුරු ජාතියට නොලැබෙනු ඇත.
අපේ කාලයේ දුටුගැමුණු චරිතයට සාර්ථකව පණ පෙවූ ඔහු ඉදිරියේ ඇත්තේ' පරාක්‍රමබාහු යුගයක්' නැවතත් බිහි කිරීමය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ ඇති දෙවන වර අභියෝගය මෙයයි...........

- කැලුම් නිරංජන

14 comments:

  • November 13, 2010 at 7:56 PM
    Anonymous :

    dutugemumu ,gena nam danne nehe,parcy mahendra ge palaweni dura kalaya apita mathk karanne pol-pot, Hitler, macros,wage ayagena ,mokada dutugemunu ,dasamaha yodayanwa here damme nehe

  • November 13, 2010 at 11:02 PM
    Anonymous :

    thamath mole padila nadda thama kade yanawada mahapolawata bahala balanna

  • November 14, 2010 at 8:05 AM

    @Anonymous 1.

    දුටුගැමුණු ගැන නොදන්න එක තමයි ප්‍රශ්නය.
    එදා එළාර පරාජය කරපු දසමහ යෝධයන් ඉන් පසු ගැමුණු කුමරු රජකමෙන් පහ කිරීමට සතුරන් හා එකතු වූ බවක් අසා නැහැ.එලෙස ක්‍රියා කලා නම් දසමහ යෝධයන් ඉතිහාසයට එකතු වන්නේ රටට එරෙහි වූ ද්‍රෝහීන් ලෙස මිස වීරයන් ලෙස නොවේ.වාසනාවට නන්දිමිත්‍රට විස පොවන්නට එකල නන්නත්තාර වූ දේශපාලන කොටස් නොසිටින්නට ඇති.

    @Anonymous 2.

    මහපොලවේ ජීවත්වන මිනිස්සුන්ට අලුතෙන් මහපොලවට බහින්න දෙයක් නෑ.

    "එය මිත්‍යාවකැයි,රැවටීමකැයි කියා අවශ්‍යනම් කෙනෙකුට නොසලකා හැරිය හැක.එය සනාථ කිරීමට උවමනා නම් උදාහරණද එකින් එක පෙනවා දීමටද යමෙකු ඉදිරිපත් විය හැක.නමුත් අප මෙහිදී සලකන්නේ එක් එක් වියුක්ත කාරණා නොව සමස්ථය වන බැවින් රාජපක්ෂ පාලනය පරම පිවිතුරු පරමාදර්ශී එකක් නොවූවත් එහි සම්ප්‍රයුක්තය රටට හිතකර එකක් යැයි පැවසීම අතිශෝක්තියට නැගීමක් නොවේ"

  • November 14, 2010 at 8:15 AM

    munta mole padenne na machan, dan apita nidahas ratak thiyana eka amathaka karana suddage puka levakana evun kiyana katha ganan ganna apa.

  • November 15, 2010 at 8:10 AM
    Anonymous :

    kalum ,oya gena mata kanagatui ,mokada oya hitan inne lankawa thama,wadawasam raja anduwak teyana ratak kiyalada ,lankawe ona kenekuta chanden balayata enna puluwan .sarath karapu wardda ekada ?

  • November 15, 2010 at 9:37 AM
    Anonymous :

    @Anonymous

    සරත් මහත්තය කරපු වරද ජනාධිපති කමට ඉල්ලපු එක විතරද?
    එතකොට සුදු කොඩි කතාව කිව්වෙ තමුසෙද?

  • November 16, 2010 at 1:50 AM
    Anonymous :

    samasthaya lesa gath kalada vinayak nathi darshanayak nathi ak prathipaththiyak nathi ayeku ge ha paulaka palanaya ratata ha ehi bahuthara janathawata yahapathak nowena bawa therum ganna barida

    ohuge prathipaththiya awasthawadaya bawa lankawe deshapalana ithihasaya danna aya dannawa
    nikan kade yanna epa malli

    oyala thama inne thaman mawa gaththa heena loka wala mulu lokennma viukktha wela aka nisa oya samasthayak gana katha karana eka linde inna gemba mulu lokema linda kiyala hithagena innawa wage

  • November 16, 2010 at 1:59 AM
    Anonymous :

    isuru ATHTHATAMA suddage puka lewakanne me ratata sudu kelinna panath gena awun akka Ewa dakalath penne nathuwa inna oyala wage aya

    oya hadayo lankawede suddata sinhalen banina gaman ingirisiyen dekata nawena bawa penne nadda? nathnam oya munge puka lewakanawada

  • November 16, 2010 at 9:44 PM
    Vibeeshana :

    @Anonymous5
    චන්දෙ ඉල්ලපු වරදට පමණක් හිර ගත කරනවනම් සරත් ෆොන්සේකා විතරක් හිර ගත වෙන්න විදියක් නෑනේ.එහෙනම් මුලින්ම හිර ගෙදර ඉන්න ඕන රනිල් මහත්තයනේ....
    හී හී
    මෝඩ කතා කියන්න එපා බන්...

  • November 19, 2010 at 9:49 AM

    @Anonymous5

    නෑ මම කියන්න උත්සාහ කලේ නන්දිමිත්‍ර හෝ වෙන යෝධයෙක් හරි සතුරන් හා එක් වුනේ නෑ කියන එක විතරයි.
    අද ඕනෑම කෙනෙකුට චන්දෙ ඉල්ලන්න පුලුවන් බව ඇත්ත.ඒත් රටට ද්‍රෝහී වෙන්න බෑ.

    අපගේ අදහස නම් ෆොන්සේකා දැනට දඬුවම් විඳින්නේ ඔහු කල කුඩාම වරදටයි.
    ඇත්තටම එය නොසලකා හැකි තරම්...
    ඔහුගේ ලොකුම වරද්දාගැනීම මෙයයි...


    මේක සම්පූර්ණ බලන්න.

    http://www.youtube.com/watch?v=Dh_lkkmZHvc
    මේ වෙන කිසිවෙකු නෙවෙයි.හිටපු යුධ හමුදාපතිවරයා..


    ජෙනරාල් ෆොනේකාට ආදරය කල බොහෝ දෙනා විශ්‍රාමික ෆොන්සේකාට එරෙහි වීමට බලපෑ ප්‍රමුඛ කාරණය මෙයයි.

    [මෙය වෙනම කතා කල යුතු මාතෘකාවකි]

  • November 19, 2010 at 10:13 AM

    @Anonymous7
    ඉතිහාසය ගැන සැබෑ ලෙස දන්නන් දන්නව අන් සියලුම දෙවල් වලට ලකුණු 0 දුන්නත් ත්‍රස්තවාදයට එරෙහිව රාජපක්ෂ පාලනයේ සාර්ථකත්වය ඕනවටත් වඩා ප්‍රමාණවත් ඉදිරි අවුරුදු කිහිපය ගැන සිහින දකින්න...

    ඔව් අපි හීන දකින මිනිස්සු තමයි.හැබැයි ඒ හීන වල එල්ලිලා ඉන්නේ නැතුව ඒ හීන හැබෑ කරගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ග තෝරන ඒවාට සහය දෙන මිනිස්සු.
    උදා : ඒ මිනිස්සු තමයි වසර 10 කට 15 කට කලින් හීන මැව්ව යුද බිය නැති රටක්.ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාද කරන්න පුලුවන් කිව්වේ ඒ හීන දැකපු මිනිස්සු තමයි. ඒ වෙනුවෙන් 2005 මහින්ද රාජපක්ෂ පත් කර ගත්තේ ඒ මිනිස්සු තමයි..
    ඒ මිනිස්සු හීන හැබෑ කර ගන්න නිවරදි උපක්‍රමය තෝරගත්තේ එහෙමයි......
    ඒ කාලෙත් ඔය මහත්වරු ඒ මිනිස්සුන්ට ලින් මැඩියෝ කියල කිව්ව මට මතකයි....

    අද දවසේ රටට උවමනා කරන්නේ හුදු විරෝධාකල්පික මිනිසුන් නොව රටට හිතවත් විවෙචකයන් ය..

  • November 20, 2010 at 11:01 AM
    Suboda :

    ow oba hari..
    karana hema dema vivechanaya karana kuhakayangen kisima sethak wenne ne...

    niwaradi de niwaradi lesath weredda weredda lesath sama sithin dakina minissunta thamai samajaya wenuwen idiriyedi yam mehewarak karanna puluwan wenne..

  • November 29, 2010 at 11:29 PM

    ඉතා විශිෂ්ඨයි සහෝ....කරුණු නිවැරදියි.හොඳින් කියවන්නෙකුට තේරෙනවා එහි අන්තවාදී ලෙස කරුණු දැක්වීමක් නොමැති බව.මම කැමතියි,"දුටුගමුණු සහ නන්දිමිත්‍ර" පිළිබඳ වූ සංවාදයට.ඇත්තටම සිදු වූයේත් එයයි.යුද සමයේ අප දුටු විරුවා නොවෙයි දේශපලන වේදිකාවේ සිටියේ.බංකොලොත් දේශපලන අවස්ථාවාදීන්ට ගොදුරු වූ "හිස් චරිතයක්" විතරයි ෆොන්සේකා.
    ආණ්ඩුවේ හැම දෙයක්ම නිවැරදි කියන්න තරම් අපි මෝඩයොත් නොවන බව මොවුන් තේරුම් ගත යුතුයි.....