Tuesday, February 14, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට.... යාපා පටුනේ සංචාරේ.....

0 comments
යාපා පටුනේ සංචාරේ ...
[පළමු කොටස] - අද කිලිනොච්චි ,පරන්තන්,අලිමංකඩ,නල්ලූර්

අපේ ගමන් මග

කිලිනොච්චි රණවිරු ස්මාරකය
සටහන: වසර ගණනාවක් තිස්සේ එල්ටීටීඊයේ ප්‍රධාන ම මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් ව තිබූ කිලිනොච්චි නගරය මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ 57වන සේනාංකය 2009 ජනවාරි 02 උදෑසන අත්පත් කර ගනිමින් එම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කළ හ.57 වන සේනාංකය කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුළු වූ අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බලකා 1 හි භට පිරිස් කිලිනොච්චි නගරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් ඇතුළු වූහ. 
කිලිනොච්චි ජයග්‍රහණය එදා වාර්ථා කල අයුරු..

යළි පිබිදෙන කිලිනොච්චිය-
අලුතින් ඉදිවන විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය
යළි පිබිදෙන කිලිනොච්චිය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ යටිතල පහසුල්කම් සංවර්ධනය පිලිබඳ ශ්‍රී ලංකා රජයේ සටහන
එල් ටී ටි ඊ ත්‍රස්තයන් විනාශ කල කිලිනොච්චි වතුර ටැංකිය

යළි පිබිදෙන කිලිනොච්චිය-
රජයේ මෙන්ම පෞද්ගලික බැංකු සියල්ලේම පාහේ ශාකා කිලිනොච්චි නගරයේ.


සංවර්ධනය වෙමින් පවතින පරන්තන් - අලිමංකඩ මාර්ගය


කරටි කැඩුණු තල් යාය...
යුධ සමයේ ඉදිරි ආරක්ෂක වලළු පිහිටි බිම...


තවමත් බිම් බෝම්බ ඉවත් නොකල බිම්.
උතුරේ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීම සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි පැවසේ. 2009 වසරේ සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 554 කට වැඩි ප‍්‍රදේශයක බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කර.ඉතා වෙහෙසකර කටයුත්තක් වීම සහ සම්පත් හා තාක්ෂණික හිඟයද මෙතරම් කලක් ගතවීමට හේතු වන බව සඳහන් වේ.පසුගිය වසරේ පමණක් බිම් බෝම්බ ඉවත් කල ප්‍රමාණය වර්ග කිලෝමීටර 126.
තල් යාය නව දළු ලමින් : පරන්තන්

ගිනි අවි රස්නය වෙනුවට සුළං සිසිල  : පරන්තන්





අලිමංකඩ රණවිරු ස්මාරකය
අලිමංකඩ , යාපනය අර්ධද්වීපයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුවයි.යාපනයේ දොරටුව වුවද අලිමංකඩ සිට පච්චිලෙයිපලෙයි දක්වා ම අයත් වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයටයි.අලිමංකඩ කොටි ග්‍රහණයෙන් මුදාගත් හමුදා සේනාංක උතුරු සහ දකුණු දෙසින් පැමිණ එකට එක්‌වූ රණබිම අසල මෙම රණවිරු ස්මාරකය ඉදි කර තිබේ.පරන්තන් ප්‍රදේශයේ බලය අල්ලා ගත් යුද හමුදාවේ 58 වන සේනාංකයේ භට පිරිස් ඒ 9 මාර්ගය ඔස්සේ උතුරින් පිහිටි අලිමංකඩ දෙසටත් මුහමාලෙයි සහ කිලාලි ප්‍රදේශවලින් මෙහෙයුම් ආරම්භ කළ 53වැනි සහ 55වැනි සේනාංක පහළින් පිහිටි අලිමංකඩට දෙසටත්  මෙහෙයුම් දියත් කරමින් යාපනය මහනුවර ඒ 09 මාර්ගයේ ඉහළින් සහ පහළින් ජයග්‍රාහී ඉදිරි ගමන් අරඹා 2009 වසරේ ජනවාරි 09 වැනිදා එකිනෙකා හමු වූයේ මෙහිදී.
අලිමංකඩ  ජයග්‍රහණය එදා මාධ්‍ය වාර්ථා කල අයුරු.


ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය

ඉන්දියානු රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස 50000 සෑදීමේ ව්‍යාපෘතිය යාපනයේ අරියාලෙයිහි 2010 නොවැම්බර් 27 වැනි දින ආරම්භ වුවත් එහි වැඩ කටයුතු ඉතාමත්ම මන්දගාමීව සිදු වන බව පෙනේ.මෑතකදී දිවඉනට පැමිණි ඉන්දීය විදේශ ඇමති ක්‍රිෂ්ණා විසින් සංකේතවත් ලෙස ජනතාවට පැවරුවේ මේ නිවාස කිහිපයකි..

පරිස්සමෙන්..
බිම් බෝම්බ අතරින් ආහර සොයමින්...


ඉස්සන් කොටු බහුල යාපනය කලපුව

අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹින් යාපනයට..


හින්දූන්ගේ සුද්ධ දෙවොල - නල්ලූර් කන්දසාමි කෝවිල.


නල්ලූර් කන්දසාමි කෝවිල


නල්ලූර් කන්දසාමි කෝවිල



යාපනය නගයේ සිට පේදුරු තුඩුව දක්‌වා ගමන් ගන්නා බී 71 මාර්ගයේ කි.මී. 2 ක්‌ පමණ ගමන් කළ විට කල්ලුර් කෝවිල හමුවේ. මෙය උදෑසන 4.30 - සවස 6.00 දක්‌වා විවෘතව පවතී.කෝවිලට ඇතුල්වන සියලුම පිරිමින් උඩුකය නිරුවත්ව සිටිය යුතුය.

මෙම කෝවිල අද හින්දු කෝවිලක්‌ ලෙස පැවැතියත් VI වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට VI වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වන බව සඳහන්වේ
යාපනය නගරයේ සුප්‍රසිද්ධ 'රියෝ' අයිස්ක්‍රීම් හල


අවන්හල් සීමිත යාපන නගරයේ නිර්මාංශ අවන්හල -Mangos


ඊලඟට නාගදීපය,කීරමලේ,කදුරුගොඩ,දඹකොළපටුන,කසුරිනා වෙරළ

0 comments: