
පසුගිය දශක එක හමාරකට අධික කාලයක සිට ජාතික බලවේගවලට සෘජුව මුහුණ දී ගත නොහැකිව දිගින් දිගටම දේශපාලන පරාජයන් ලබමින් විපක්ෂ දේශපාලන භූමිකාව තම බුක්තියට සවි කර ගත් එ.ජා.ප ය එහි අලුත්ම දේශපාලන ජවනිකාවට පෙර ගමන් යමින් සිටී. එනම් රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණෙන් පෙළ ගැසෙන ඊනියා ජාතික දේශපාලන සම්මුතියක් ගොඩනගාගැනීමේ කාර්යභාරයයි. ඒ සඳහා පෙර සූදානමක් ලෙස එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා නව ප්‍රතිපත්ති මාලාවකට තම අනුමැතිය පල කලේය.මෙතෙක් කලක් ජාතික පිලේ දේශපාලන බලවේග නියෝජනය කල හා එ.ජා.ප ය...