Thursday, August 13, 2009

මැතිවරණ සහ අපේක්ෂකයෝ. . . . . .

1 comments
පසුගියදා එජනිස ට ති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර දෙමින් අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේ උණුසුම යන්නටත් මත්තේන් නැවතත් මැතිවරණ කතා බහක් කරලියට පැමිණ තිබේ.එම මැතිවරණයේදී එජාපයේ සිදු වූ දැවැන්ත නායෙ යාමත් ජවිපෙට මුහුණදීමට සිදු වූ ලැජ්ජාසහගත පරාජයත් ගැන තව දුරටත් ටීකා ටිප්පනි ලිවීම නිෂ්පල කාර්යයක් වන්නේ එය ඔවුන්ම තම දෑතින්ම වපුල දෙයින් ලද අස්වැන්න බැවිනි.ජාතික මතවාදයට සැබෑ ලෙස අවනත නොවීමේ වරදට ලද යුතු නිසි දඬුවම ඔවුන්ට ලැබිණ.දැන් ඉතින් ලද ජයග්‍රණයෙන් උදම් අනනු වෙනුවට කල යුත්තේ හැකි අයුරුන් එම පළාතේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමය.(පළාත් සභා තුලින් කල හැකි කෙංගෙඩියක් නොමැතිවුවත් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම ලබා ගත හැකි නායකත්වයක් ඌවට ලැබී අති බැවින් ඒ හරහාවත් යම් දෙයක් කිරීමට වග බලා ගත යුතුය )

ලද මැතිවරණ ජය ගැන මාධ්‍ය හමුවේ අදහස් පල කළ ශ්‍රීලනිප භාණ්ඩාගාරිකවරා පල කල අදහස එජාපයට තමා සිටින ස්ථානය ගැන නැවත සිතීමට හොඳ ප්‍රවේශයකි.


මැතිවරණ යනු රූප සුන්දරියන් හෝ අයෝමය පුරුෂයන් තේරීමේ තරඟ නොවන බව එජාප ය තෙරුම් ගත යුතුයි.

-ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

13 අහෝස්තු 2009

පසුගිය මැතිවරණවලදී එජාපය තමන්ට අත්වන අනවරත පරාජය නවත්වා ගැනීමට නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කලේය.එහිදි තමන් පරාජය වීමට බලපාන ප්‍රමුඛ සාධක අමතක කරවීමේ අරමුණින් මෙන් තරු සංකල්පය තම මැතිවරණ ව්‍යාපාරයට අදේශ කර බැලුවේය.(එජාපය පරාජය වීමට බලපාන ප්‍රමුඛ සාධක අතර ජාතික මතවාදයට ලැදි නායකත්වයක් නොමැති වීම සහ ජාතික මතවාදයට පිටුපා සිට ගනිමින් විජාතික ඒජන්තයකුගේ භූමිකාවට පණ පෙවීම ප්‍රධන වන බව එජාපය විසින්ම තම පරාජයට හේතු සෙවීමට පත්කල පණ්ඩිතරත්න වාර්ථාව මගින් පෙන්වා දී තිබේ).
උතුරු මැදදී ජානක පෙරේරාත්,සබරගමුවේදී රංජන් රමනායකත්,බස්නාහිරදී රෝසි සේනානායකත් ඉදිරිපත් වන්නේ ඒ අරමුණෙනි.ඔවුන් තමාගේ පක්ෂය තුල මනාප ගනනින් ප්‍රථම ස්ථානයට පැමිණියත් පක්ෂයක් ලෙසින් ලබන දැවැන්ත පරාජය වැලැක්වීමට තබා පරාජයේ දැවැන්ත බව අඩු කර ගැනීමටවත් ඔවුන්ට නොහැකි බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රත්‍යක්ෂ විය.

එජාපය දැන්වත් කල යුත්තේ මෙවැනි බොරු වැඩ ඉවත දමා තමන් පරාජය වීමට බලපාන ප්‍රතිපත්තිමය සහ මතවාදී අවුල විසඳා ගැනීමය.එය රනිල් නායකත්වයෙන් නෙරපීමෙන් පමණක්ම අත් කර ගත හැක්කක් නොව ඉන් එහා ගිය පුළුල් ප්‍රතිපත්තිමය වෙනසක් අරමුණු කරගත්තක් විය යුතුය.එසේ නොවුවහොත් සිදු වන්නේ දැනට සිදුවන පරාජයේ තවත් ප්‍රබල වූ දිගුවක් බව පැහැදිලිය.
කෙසේ වුවත් ශ්‍රීලනිප භාණ්ඩාගාරිකවරා ඉහත අදහස පල කල දිනම මාධ්‍ය මගින් වාර්ථා වු තවත් පුවතක් ඇසීමෙන් දකුණේ ශ්‍රීලනිප මතවාදීන් වික්ෂිප්ත වූ බවට සැක නැත.


අනර්කලී මාතරින් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට
-සිංහලයා පුවත්
12 අහෝස්තු 2009


අනර්කලී තරු සොයා යන එජාපයෙන් මැතිවරණයට යැයි පුවතක් පල වූවානම් එය අරුමයක් නොවිය හැකි වුවත් ශ්‍රීලනිපට මේ අවස්ථාවේ මෙවැනි බාල ගනයේ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්ද?

ශ්‍රීලනිප තුලින් බිහිවිය යුත්තේ මෙවැනි 'ටිපි ටිප්' වර්ගයේ චරිත නොවන බව එහි මුල් පුටු උසුලන්නන් අමතක කර ඇත්ද?
(මෙය අනර්කලී චරිත ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නොව.අනර්කලී මගින් නිරූපණය වන සමාජ තීරුව ගැනම ප්‍රශ්නයකි.) කුඩු වියාපාරිකයන්,කැසිනෝ කරුවන් ,ස්ත්‍රී දූෂකයන් මැතිවරණයට ඉදිරිපත් කරද්දීත් අප එහි බරපතලකම කලින්ම දුටුවෙමු.එහි ප්‍රතිචාරය නිසාදෝ මෙවර මැතිවරණයට එවැනි අපරාධවලට සම්බන්ධවූවන් ඉදිරිපත් නොකරන බවට එජනිස මහලේකම්වරයාට ප්‍රකාශ කිරීමට සිදු විය.

නමුත් අපරාධවලට සම්බන්ධවූවන් ඉදිරිපත් නොකිරීම පමණක් ප්‍රමණවත් වේද?

ශ්‍රීලනිප ට උරුම මතවාද දරන්නන් පෙරට ගැනීම ගැනීමට එම පක්ෂය්යේ බලධාරීන් කටයුතු කල යුතුය.මෙය එය සිදු කිරීමට හොඳම සහ කල හැකිම අවස්ථාවයි.මක් නිසාද යත් විපක්ෂය සමග මතවාදී තලයේදී ගව් ගනනක් ඉදිරියෙන් ජනතාව සමග සිටින අවස්ථාවක ශ්‍රීලනිප නිසි පරිදි ගොඩ නගා ගැනීම සිදු කල හැක.මක් නිසාද යත් එය මේ මොහොතේ මැතිවරණ ජයග්‍රහණවලට එහි කිසිඳු බලපෑමක් සිදු නොවන බැවිනි. ඒ බව අවබෝධ කර ගැනීමට ශ්‍රීලනිප මුල් පුටු හොබවන්නන් අමතක කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූ දිනක ඒ ගැන පසු තැවීමට සිදු වනු වැලැක්විය නොහැක.

එබැවින් අද දවසේ අනර්කලීලා පෙරට ගැනීම වෙනුවට කල යුත්තේ රටට දැයට හිතැති ශ්‍රීලනිප මතවාදයට කැපවෙන ධර්මදාසලාට ,ගුණපාලලාට අවස්ථාව දීමය.එමගින් අනාගතයට රටට දැයට හිතවත් නායකත්වයක් බිහිකරගැනීමට අවස්ථාව උදා කර දීමය.


- කැලුම් නිරංජන

1 comments:

  • August 15, 2009 at 2:00 PM

    පාසල් වාර විභාග වලට වෙන් වුන මුදල් පෝස්ටර් ගසන්න භාවිතා කල බර්ටි ප්‍රේමලාල්ට,ධම්මික අමරසිංහ රට පටවපු පාතාල හා සූදු ව්‍යාපාර සමග ගැවසෙන සුමතිපාලට,ස්ත්‍රී දූෂන නඩුවල විත්තිකරුවෙක් බවට පත්ව සිටින දුමින්ද සිල්වාට,සිව්ල් පුරවැසියන්ට එරෙහිව තුවක්කු පත්තු කල "ත්‍රස්තවාදියෙක්"වන පිල්ලියාන්ට,මිහින් එයාර් කාබාසිනියා කොට රටේ ජනයාගේ ධනය නාස්ති කල සචින් වාස්ට මහින්ද චින්තනය යටතේ ශ්‍රීලනිප දැක්මට යටත්ව නාම යෝජනා දෙන්න පුලුවන් නම් එවැනි කිසිම සමාජ වි‍රෝධී නරක දෙයක් නොකල අනර්කලීට නාම යෝජනා දෙන එකේ වැරැද්ද මොකක්ද?:D