Wednesday, December 21, 2011

මෙහෙම වෙන්නේ ඇයි?

2 comments

සිරස කියනව : "රනිල් පන්නමු" .
ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය/ මාධ්‍ය නිදහස /ප්‍රජාතන්ත්‍රවාදය.

රනිල් කියනව : "සිරස පන්නමු".
හැබයි ඒකට කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධාකිරීම / මාධ්‍ය මර්ධනය / ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති කම.

ඇයි ඒ වෙනසක්?

2 comments:

  • December 22, 2011 at 8:35 AM
    Anonymous :

    රනිල් මොන උප්පරවැට්ටි දාලා එජාප නායකත්වයේ රැඳී හිටියත්, ඔහු කිසිදු අයුරකින් නායකත්වයට සුදුසු නැහැ. ඔහු එජාපය එහි මළගම වෙත ගෙනියන නායකයායි. කරු ජයසූරිය එජාප නායක සටනින් දිනුවානම් එජාපය ඉතා ශක්තිමත් වන අතර එජාපයෙන් ආණ්ඩුවට පැන්න එක්කෙනෙක් දෙන්නෙක් හෝ ආපහු පනින්ඩ ඉඩ තිබුනා. දේශපාලන පක්ෂවල නායකයන් පත් කිරීම මාරු කිරීම ජනමාධ්‍ය ආයතන වලට අයිති කාර්යයක් නෙවෙයි. හැබැයි බහුතරයගේ මතය හෝ ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නන්ගේ මතය ප්‍රකාශ කිරීමට වේදිකාවක් වීම ජනමාධ්‍යයක යුතුකමක්. 'සිරස - රනිල්' සෙල්ලමේ මුලින්ම දෙබරෙට ගල් ගැහුවේ රනිල්. ඔහු කිව්වා කිලී රාජාමහෙන්ද්‍රන් එජාපයේ ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රී තනතුරු සඳහා විශාල බලපෑමක් ඇති කල අතර තමා එය ප්‍රතික්ෂේප කල බව. එදා ඉඳලා තමයි සිරස රනිල්ගේ පස්සෙන් එලව එලවා ගහන්ඩ පටන් ගත්තේ. රනිල් කිලීගේ රෙද්ද කැඩූ අතර කිලීට තවම එය අන්දගන්ඩ බැරි වුනා.
    කිලී තමන් හෙළුවෙන් බව අමතකවී අත දෙකෙන්වත් හෙළුව වහගන්නේ නැතුව රනිල්ට අත දික්කර පෙන්නමින් බනිනවා. මාධ්‍යකාරයන් දේශපාලන පක්ෂ
    මෙහෙයවීම, ඇඟිලිගැසීම, අද ඊයේ වෙච්ච දෙයක් හෝ ලංකාවට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. හැබැයි මේ විදිහට තමන්ගේ දේශපාලන නිරුවත හදිසියේ හෙළි වුනොත් ගත හැකි පියවරක් කිලී කලින් සැලසුම් කර තිබී නැහැ. අනික් අතට, තම හෙන්චයියලා
    කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරගෙන, නායකත්වය දිනා ගැනීමෙන්, රනිල් තමන්ගේ දේශපාලන චිතකයට තමන් විසින්ම ගිනි තියාගත්තා. එය ඇවිලෙන්නේ හෙමින් හෙමින් වුනත් රනිල්ගේ දේශපාලන මළමිනිය අනිවාර්යයෙන් දැවී අළුවී යනවා.

  • December 22, 2011 at 9:30 AM

    තේරෙන්නේ නෑ මේවා ....