Monday, June 1, 2009

ත්‍රස්තවාදය අවසන් - දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදය මතවාදීව පරදවමු.

0 comments
ශක හතරකට ආසන්න කාලයක් පුරා මේ පොළවේ හොල්මන් කල දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් ප්‍රචණ්ඩ වේශය පුදුමාතලන් යුද භූමියේදී ත්‍රස්ත නායක පිරභාහරන්ගේ අවසානයත් සමග නිමාවට පත් විය.බටහිර අධිරාජ්‍යවාදයේ නොමසුරු අනුග්‍රාහකත්වයෙන් පෝෂණය වූ දෙමළ ජාතිවාදයටත් එමගින් උපන් දෙමළ බෙදුම්වාදයටත් මෑත ඉතිහාසයේ පැවැත්ම තහවුරු කලේ මෙම සන්නද්ධ ත්‍රස්තවාදය විසිනි.නමුත් අද වන විට එම සන්නද්ධ වියරුව අපේක්ෂා කල පරිදිම ලෙයින් සහ යකඩින් සුන්නද්දූලි කර දමා හමාරය.

එය දේශප්‍රේමී සිත් සතන් මවිත කරවන හා ආනන්දයෙන් පුරවාලන කාරණයක් වුවද අමතක නොකල යුතු කාරණය වන්නේ මෙය අහඹු හෝ වාසනාවට පහළ වූ ජයග්‍රහණයක් නොවන බවය.එය මාතෘ භූමියේ ඊකාග්‍රතාවය වෙනුවෙන් දිවි පිදූ සහ ඒ වෙනුවෙන් අබාධිත බවට පත් වූ දස දහස් ගනන් වීර පුතුන්ගේ ලේ වලින් සුජාත වූ විජයග්‍රහණයක් විය.

තස්තවාදයේ සමස්ත නායකත්වයම වනසමින් සමගම එයට අනුබද්ද සියලුම මූල කඳවුරු අත් පත් කර ගත් හමුදාවෝ මාතෘ භූමිය ත්‍රස්ත ග්‍රහණයෙන් සම්පූර්ණ වශයෙන් මුදවා ගත්හ.නමුත් ත්‍රස්තවාදයේ ප්‍රචණ්ඩ අඳුරු සෙවනැලි තව ටික කලක් යන තුරු හොල්මන් කිරීමට ඇති ඉඩ කඩද අමතක නොකළ යුතු වෙමු.

පෙර පරිදි මූල අණ දීමක් නොමැති නිසා සංවිධානාත්මක ප්‍රහාර එල්ල කිරීම් නතර වුවත් දිවයිනේ හතර කොනේ ඉතුරු වී ඇති ත්‍රස්තවාදීන් අතලොස්ස වුවත් කොයි මොහොතක හෝ තැනින් තැන ප්‍රහාර එල්ල කිරීමට ඇති අවකාශය පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු වෙමු.නමුත් එම සාධාරණ බියද වැඩි කල් නොගොස් නිමා වනු නියතය.එයින් පසු ශ්‍රී ලංකාව ත්‍රස්ත බියෙන් මුලුමනින්ම මිදෙනු ඇත.

ත්‍රස්තවාදය අපේක්ෂා කල පරිදිම එයට හුරු පුරුදු භාෂාවෙන්ම පිළිතුරු දී නැති කර දැමුවද ත්‍රස්තවාදය නැමති දරුවා බිහි කළ දෙමළ ජාතිවාදය සහ
දෙමළ බෙදුම්වාදය නැමති ගර්භාෂය තවමත් ඉතිරිව පවතී.සන්නද්ධ මුහුණුවරේ පරාජයත් සමග එය යම් තරමකට යට පත් වුවත් ඉදිරියේදී එය නොයෙක් වෙස් මුහුණු පැලඳ කරලියට බසිනු ඇත.
දෙමළ ජාතිවාදයේත් බෙදුම්වාදයේත් සන්නද්ධ අංශය අපගේ වීරෝධාර හමුදාවන් විසින් නිසි ලෙස පරාජය කලත්,ඉතිරිය කරන්නට වන්නේ යුද පිටියේ නොව මතාවාදී තලයේය.ඒ සඳහා පැහැදිලි දැක්මක් සියලු දෙනාට තිබිය යුතුය.නැතහොත් වන්නේ අඳුරේ අත පත ගෑමටය.

දෙමළ ජාතිවාදීන් අඩ සියවසකට පමණ පෙර සිට දොඩවන බේගල් සහ බොරු මතවාද මතවාදීමය ලෙස පරාජය කිරීම එතරම් අපහසු කරුණක් නොවේ .ඒ සඳහා ඒ ඒ විෂයානුබද්ධ බුද්ධිමතුන් දැන් වත් වහ වහා පෙළ ගැසිය යුතුය.දෙමළ ජාතිවාදයට මූල බීජ සැපයූ කුඩා කාරණාවේ සිට සියලු බොරු අසංගත මතවාද සංගතව සිංහල බෞද්ධ දෘෂ්ඨියෙන් විග්‍රහ කර පරාජය කල යුතුය. එය අපට කල හැකිය.
මව්බිමේ වීරෝධාර දූ පුතුන් ලේ රුහුරු පුදා කල අතිමහත් කැප කිරීම අර්ථවත් කල හැක්කේ එලෙසම පමණි......

ජය වේවා
- කැලුම්




0 comments: